තරග පාවා දුන් තුන්කට්ටුව - 03

 නෙල්සන් මැන්ඩෙලා සහ හැන්සි ක්‍රොන්යේ

1967 වසරේ දී එවකට දකුණු අප්‍රිකානු රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් හෙබවූ පීටර් ලෙ රූ විසින් "අප මිශ්‍ර වර්ණ සහිත ක්‍රීඩකයින් රැගත් කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරවීමට අපගේ සුදු ජාතික ක්‍රීඩකයින් නොයැවීමට වග බලාගන්නවා, ඒක අපේ ප්‍රතිපත්තියක්" යනුවෙන් අතිශය වර්ණභේදවාදී ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්, එවකට රජය විසින් පවත්වා ගෙන ගිය වර්ණභේදවාදි සංකල්පය (Apartheid) තහවුරු කළා..

මේ ප්‍රකාශයෙන් පසු 1968/69 වසර අතරතුර හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බැසිල් ඩී ඔලිවෙය්රා ඇතුළු මාර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයකට සූදානම් වන අතරතුර, පෘතුගීසි සම්භවයක් සහිත මිශ්‍ර ජාතිකයෙකු වූ බැසිල් ඩි ඔලිවෙය්රා ගේ පැමිණීමට විරෝධතාවය පළ කළ එවකට දකුණු අප්‍රිකානු පාලකයින් නිසා දකුණු අප්‍රිකාව සමඟ සම්බන්ධතා නතර කිරීමට අනෙක් රටවල් තීරණය කළා.. මෙය ප්‍රකට වන්නේ "D Oliveira Affair" යනුවෙන්.

මේ සිදුවීමෙන් පසු වසර 22ක් පමණ වන තෙක් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වුනා. දකුණු අප්‍රිකාවේ කලක පටන් පැවති සුදු ජාතික පාලකයින්ගේ වර්ණභේද වාදී ප්‍රතිපත්ති වලට හඬක් නැගූ එමෙන්ම 1956 වසරේ දී අප්‍රිකානු ජාතික සංගමයේ  කටයුතු වලට සහභාගී වීම නිසා 1964 වසරේ දී රාජ ද්‍රෝහී චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වන්නට නෙල්සන් මැන්ඩෙලා ට සිදුවුනා.

එම දඬුවම ලිහිල් වන්නේ 1990 වසරේ දී.. ඒ  ප්‍රබල ජාත්‍යන්තර සහය අතැතිව, මැන්ඩෙලාට පූර්ණ නිදහස හිමිවීමෙන්. 1994 වසරේ දී ජනපති ධූරයට පත්වූ නෙල්සන් මැන්ඩෙලා වර්ණභේදවාදය හේතුවෙන් දෙකඩ වී සිටි දකුණු අප්‍රිකානුවන් එක් කිරීමට ක්‍රීඩාව තෝරාගත්තා.

රග්බි සහ ක්‍රිකට්, දකුණු අප්‍රිකානුවන් ගේ හදවත බඳු වූ කණ්ඩායමක් ක්‍රීඩාවන් දෙකක් ලෙස පැවසීම වරදක් නොවේ. 

"ඔබ, යමෙකුට තේරුම්ගත හැකි බසකින් කතා කරන්නේ නම්, එමඟින් ඔහුගේ හිස පිරවිය හැකියි. නමුත් ඔබ, යමෙකුගේ බසකින් කතා කරන්නේ නම්, එමඟින් ඔහුගේ හදවත ට තට්ටු කළ හැකියි "

මැන්ඩෙලා මෙලෙස පැවසුවේ භාෂාවන් 35ක් කතා කරන විවිධ දකුණු අප්‍රිකානු ජාතිකයන් එක් කිරීමට හැකි එකම භාෂාව ක්‍රීඩාව බව, පැහැදිලි කරමින්. 

Image Credit - India Times

මකායා න්ටිනි, පෝල් ඇඩම්ස් වැනි කළු ජාතික ක්‍රීඩකයින් සහ සුදු ජාතිකයින්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම හැන්සි ක්‍රොන්යේ ගේ නායකත්වය යටතේ ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් දණ ගස්වමින් ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා විට, හැන්සි ගේ නායකත්වය ප්‍රශංසා කරන්නට නෙල්සන් මැන්ඩෙලා පැකිලුනේ නෑ.

මැන්ඩෙලාට, හැන්සිව පෙනුනේ ක්‍රීඩාව ඔස්සේ රටක් එක් කළ හැකි නායකයෙකු ලෙසට යි.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments