Tuesday, April 18, 2017

Sangakkara "The Run Machine"

Credits - Getty Images | Charlie Crowehurst



Since his knocks of 71 against Warwickshire & 46, 136 against Lancashire Sangakkara inching towards 20,000 First-Class runs. Among Sri Lankans, Former Sussex & Lancashire Opener Gehan Mendis leads the top run scorers list with more than 21,000 runs. Before this year county championship, Sangakkara had 19420 runs on board and since then he passed following players.




















Sangakkara's 136 came against Lancashire when Surrey were following on before they crumbled more or less than 150 runs of Lancashire's first innings total. Thanks to Kumar Sangakkara and Scott Borthwick, Surrey survived with a healthy second innings total. Sanga scored his 57th First-Class ton and equaled Peter Kirsten. Lets have a look of players who have scored 56 First-Class tons.


Laurie Fishlock | 1931-1952
Arthur Milton | 1948-1974
Alan Jones | 1957-1983
Alistair Cook | 2003-2016/17
Younis Khan | 1998/99-2016/17


When considering all formats including T20s Sangakkara is the third highest run scorer ever. Indian Great "The God" Sachin leads with 50,192 runs and Pakistani great, Zaheer Abbas is second with 46,083 runs. By the way Sanga is not that far behind. He needs 1,529 runs to pass the "Asian Bradman". Kumar Sangakkara also needs 6 tons to reach 100 centuries in professional cricket career. Only 36 players achieved this feat before. 


18.04.2017
aq photo 635339848091716130317_zps7olcilbi.png

Wednesday, April 12, 2017

ලකුණු පුවරුවෙන් බිඳක් - 14

පන්දුවාරයකට නියමිත නිවැරදි පන්දු  යොමු කිරීම් 6 තුල රැස්කරගත හැක්කේ උපරිම වශයෙන් ලකුණු 36ක් පමණයි. නමුත් අමතර ලකුණු ඇසුරෙන් සහ පන්දු රකින්නන් ගේ දුර්වලතා නිසා මෙම උපරිම ලකුණු සීමාවන් ඉක්මවා යා හැකි ය. කෙසේ වෙතත් එවැනි අවස්ථා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වන්නේ ද අල්ප වශයෙනි. ඊයේ (11.04.2017) බංගලාදේශයේ, ඩකා දෙවන පෙළ ක්‍රිකට් තරඟාවලියේ දී ලල්මටියා ක්‍රිකට් සමාජයේ සුජෝන් මහ්මුද් විසින් ප්‍රතිවාධි අසියෝම් පිලට ප්‍රථම පන්දුවාරයේ දී ලකුණු 92ක් ලබා දෙන ලද බවට ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කරන ලදී. 

Credits - Dhaka Tribune


විනිසුරුවරුන්  ගේ දුර්වල සහ අසාධාරණ තීරණ වලට එරෙහි වීමක් ලෙස ලල්මටියා සමාජය මෙම තීරණය ගත් බවට එම සමාජයේ මහ ලේකම් අද්නන් රහ්මාන් පැවසී ය. කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේ දී ලල්මටියා පිලේ නායකයාට එහි තීරණය කුමක්දැයි බැලීමට අවස්ථාව නොදී ඔවුන්ට ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන්නට පැවසු බවත් පිතිකරණයේ දී ලබාදුන් අසාධාරණ තීරණ හේතුවෙන් ඔවුන් ට ලකුණු 88 කට දැවියන්නට සිදුවූ බවත් අද්නාන් වැඩිදුරටත් ඩකා ට්‍රිබියුන් පුවත්පතට වාර්තා කලේ ය. 

සුජෝන් මහ්මුද් විසින් යැවූ පන්දුවාරය තුල වයිඩ් පන්දු 13ක් සහ නිපන්දු 15ක් මගින් ප්‍රතිවාධි පිලට ලකුණු 80ක් ද ඔහු විසින් යැවූ නිත්‍යානුකුල පන්දු 4 ඇසුරෙන් ලකුණු 12ක් ද යනාදී වශයෙන් ලකුණු 92ක් අසියෝම් පිල රැස්කරන ලදී. ඒ අනුව කඩුලු 10 ක ජයක් ඔවුන්ට හිමි විය.


12.04.2017
aq photo 635339848091716130317_zps7olcilbi.png

උපුටා ගැනීම් :
ඩකා ට්‍රිබියුන් - http://www.dhakatribune.com/sport/cricket/2017/04/11/bowler-gives-away-92-runs-four-balls/
http://www.scoresbd.com/match/MatchDataForTabResult.aspx?op=2&match=1765

Monday, April 10, 2017

බර්ටි විජේසිංහ මහත්මයා අභාවප්‍රාප්ත වේ.





විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටි , පසුකලක පුහුණුකරුවෙකු, ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම ක්‍රිකට් රචකයෙක් ලෙස ප්‍රචලිත ව සිටි මෙරට වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා වූ බර්ට්‍රම් (බර්ටි) විජේසිංහ මහත්මයා ඊයේ (09.04.2017) මියගිය බවට වාර්තා පලවිය. නියුමෝනියාව හේතුවෙන් ජයවර්ධනපුර නව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බර්ටි මහත්මයා මිය යනවිට 96 හැවරිදි විය. 

1936 වසරේ දී එවකට 15 හැවරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රථම වරට කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කිරීමට ඔහුට අවකාශ ලැබිණ. 1939 වසරේ දී තෝමස් විද්‍යාලයේ නායකයා බවට පත් වූ ඔහු එම පාසල් ක්‍රිකට් සමයේ වැඩිම ලකුණු ලාභියා විය. 1918 මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජැක් ඇන්ඩර්සන් ට පසු ප්‍රථම වරට පාසල් ක්‍රිකට් සමයක් තුල ලකුණු දහස සම්පුර්ණ කල ප්‍රථමයා ඔහු විය. එමෙන්ම ඔහු එම කාල වකවානුව තුල කඩුලු 15ක් ද බිඳ දැමීමට සමත් විය. 

එම වසරේ දීම බර්ටි, ඒකාබද්ධ පාසල් කණ්ඩායමේ නායකයා වෙමින් විශ්වවිද්යාලිය කණ්ඩායමට එරෙහිව තරඟ වැදීන. රාජකීය සාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුමට පෙර පැවති තරඟ 5 අවසානයේ දී ඔහුගේ පිතිකරණ සාමන්‍යය 97.80 ක් වූ අතර ලකුණු 580 ඉක්මවා තිබිණ. ඔහුගේ කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් පවා එක්ව රැස්කර තිබුනේ එවැනිම ලකුණු ප්‍රමාණයක් වීම ඔහුගේ පිතිකරණ හැකියාවේ විශිෂ්ටත්වය පසක් කරයි.

1949 - 1956 අතර කාල සිමාව තුල සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට බර්ටි මහත්මයාට හැකිවිය. 1949 වසරෙ මෙරටට පැමිණි කොදෙව්වන්ට එරෙහිව කොළඹ ඕවල් හි පැවති තරඟයේ දී ප්‍රථම ඉනිමේ ශතක ලාභී කොදෙව්වන්ගේ නමගිය ආරභක පිතිකරුවෙක් වූ ඇලන් රේ ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වුයේ ද බර්ටි ය. එම ඉනිමේ එකම කඩුල්ල වුයේ ද එයයි. සිලෝන් කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 122 කට සිමා වුවත් එහිදී වැඩිම ලකුණු රැස්කිරීමට සමත් වුයේ ද බර්ටි යි (28). බර්ටි කොදෙව්වන් සමඟ පැවති ඊළඟ තරඟයේ දී ද ඇලන් රේ ගේ කඩුල්ල බිඳ දැමී ය.




එම වසරේ දීම මෙරටට පැමිණි පකිස්ථානුවන්ට බර්ටි ගේ පන්දු යැවීම නිසා අසරණ වන්නට සිදුවිය. මුල් පෙළ පිතිකරුවන් 5 ම දැවී යන්නට සිදුවුයේ බර්ටි ගේ දකුණත් මඳ වේග පන්දුවට මුහුණ දීමට නොහැකි වීමෙනි. නසාර් මොහොමඩ්, ඉම්තියාස් අහමඩ් වැනි පකිස්තානු විශිෂ්ට පිතිකරුවන් පවා ඔහුගේ පන්දුවට මෙල්ල විය.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මෙරටට සේවය ලබාදීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස බර්ටි මහත්මයා මෙරට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට සමත් විය. වෙත්තමුණි සහෝදරයින්, අනුර තෙන්නකෝන් වැන්නන් ගේ පුහුණුකරුවා වුයේ ද බර්ටි මහත්මයා යි. එමෙන්ම මෙරටින් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා වූ කුමාර් සංගක්කාර ගේ පාසල් පුහුණුකරුවා වුයේ ද බර්ටි මහත්මයා යි.



................. BERTRUM WIJESINGHE (1920 - 2017) .................


aq photo 635339848091716130317_zps7olcilbi.png




Sunday, April 2, 2017

ලකුණු පුවරුවෙන් බිඳක් - 13



1995 වර්ෂය මුරලි ට අමතක නොවෙන එකක් බව නිසැකයි. ඕස්ට්‍රේලියාවේ දී පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වන්නට ඔහුට සිදුවුයේ එම වසරේ දියි. එමෙන්ම රුමේෂ් රත්නායක විසින් පිහිටුවා තිබු ශ්‍රී ලංකාවේ වැඩිම කඩුලු ලාභියා යන වාර්තාව බිඳ දැමීමට මුරලි සමත් වන්නේ ද මෙම වසරේ අගදී යි. කෙසේ වෙතත් මේ ඉහත අවස්ථා පිලිබඳ පුර්වකථනයක් නොවේ. 1994 සහ 1995 පළමුපෙළ සමයේ අවසන් භාගයේ දී මුරලි අපුරු දස්කමක් දැක්වීමට සමත් වන්නේ බි.ආර්.සී පිලට එරෙහිව යි. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කල මුරලි සමඟ ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ක්‍රියාත්මක වීම අනෙකුත් කණ්ඩායම් පරාජය කිරීමේ ප්‍රබලතම තුරුම්පුව විය. හතුරුසිංහ සොහොයුරන්, නිරෝෂන් බණ්ඩාරතිලක, උපුල් චන්දන සහ චම්පක රාමනායක වැන්නන් සමඟ මුරලි ද ඔහුගේ සහය ලබා දුන්නේ ය. 

කෙසේ වෙතත් ඉහත බි.ආර්.සී. සමඟ තරඟය කොළඹ ඕවල් හි පෙබරවාරි මස 3,4 සහ 5 තෙදින පුරාවට පැවැත්විය. ටැමිල් යුනියන් පිල පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ විශාල ලකුණු සංඛ්‍යාව හඹායාමට පිටියට පැමිණි බි.ආර්.සී. පිතිකරුවන් ගේ ප්‍රථම කඩුල්ල දවා ගැනීමට ටැමිල් යුනියන් හි නමගිය වේග පන්දු යවන්නෙකු වූ චම්පක රාමනායක ට හැකි විය. ඉන් පසු දෙවන කඩුල්ලට ලකුණු 71ක් රැස්කිරීමට බි.ආර්.සී පිතිකරුවන් සමත් වුවත් දෙවන කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව තරඟයේ අණසක පතුරවන්නට මුරලි ගේ දඟ පන්දුව ක්‍රියාත්මක විය. බි.ආර්.සී. ප්‍රථම ඉනිම ලකුණු 138 කට සිමා වන විට මුරලි ලකුණු 8ක් පමණක් ලබා දී කඩුලු 8ක් දවාගන්නට සමත් වුයේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක කඩුලු 8ක් දවාගත් පන්දුයවන්නන් අතුරින් 7 වන හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. එමෙන්ම කඩුලු 8ක් දවාගත් ඉනිම් අතුරින් ආසියාතික පන්දුයවන්නෙකු ගේ හොඳම පන්දු යැවීම ද එය විය.




aq photo 635339848091716130317_zps7olcilbi.png
02.04.2017