තරග පාවා දුන් තුන්කට්ටුව - 32
චන්ද්‍රචූද් කොමිසම
.............................................
1997 වසරේ දී මනෝජ් ප්‍රභාකර් විසින් තරග පාවාදීමක් පිළිබඳව මුල්වරට හෙළිකළ අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අධි විනිසුරු යශ්වාන්ත් විශ්නු චන්ද්‍රචූද් ගේ මූලිකත්වයෙන් යුත් තනි පුද්ගල කොමිසමක් පත්කළේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමට.
"එක් ක්‍රීඩකයෙක් විසින් තවත් ක්‍රීඩකයින්ට බලපෑම් කර තරග පාවාදීමේ කටයුත්තක නිරත වීම පිළිබඳව පිළිගත නොහැකියි".
![]() |
යශ්වාන්ත් විශ්නු චන්ද්‍රචූද් |
චන්ද්‍රචූද් කොමිසමේ ඉහත ප්‍රකාශය පිළිබඳව ඉන්දීය හිටපු භෞතචිකිත්සක අලි ඉරානි පැවසුවේ පහත පරිදිය.
ඉරානි: චන්ද්‍රචූද් මගෙන් ඇහුවේ මොකද්ද කියලා දන්නවද ? ක්‍රීඩකයෝ, මං ඉස්සරහා තරග පාවාදෙන එක ගැන කතා කළාද ? කියලා.
මං කිව්වා;
"නෑ"
එයා ඇහුවා;
"එහෙම දේවල් වෙනවා කියලා හිතෙනවද ?" කියලා.
මං කිව්වා;
"සර්, මගේ ජොබ් එක ඒ දේවල් වාර්තා කරන එක. මං ඉස්සරහ ඒ අය ඒ වගේ දේවල් කතා කරන්නේ නෑ, ඒ අය මට ගරු කරන්නේ සහෝදරයෙක් වගේ".
ඊට පස්සේ චන්ද්‍රචුද් කිව්වා, එයාගේ උරහිස රිදෙනවා, සම්බාහනය කරන්න කියලා (සිනාසෙමින්), මිනිත්තු 15-20ක් විතර.
ප්‍රභාකර්: (සිනාසෙමින්)
ඉරානි: 1997 වෙනකන් චන්ද්‍රචූද් විමර්ශනය කළා. ඒ මෝඩයා, හැමෝම සුද්ද කළා. කවුරුවත් එයාට විරුද්ධ වෙන්න යන්නේ නෑ. දන්නවද ඇයි කියලා ? ඉන්දියාවේ නීති මඩුල්ල (Bar Association). විනිසුරුවරු, රජයට පෙරලලා ගහන්න ගන්න නිසා. විශ්‍රාම ගිය විනිසුරුවරයෙක්ට අපහාස කරා කියලා. මං "මනෝජ් කියන දේ සම්පූර්ණ ඇත්ත" කියලා කට කැඩෙනකන් කිව්වත් වැඩක් නෑ, ඉන්දියාවේ මිනිස්සු කියන්නේ අරයා (චන්ද්‍රචුද්) නිවැරදියි කියලා. එයාගේ වාර්තාවේ තියෙන්නේ 1997 වෙනකන් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ කියලා. එහෙනන්, අඩුමගානේ, 1997න් පස්සේ ?

Comments
Post a Comment