Wednesday, January 13, 2016

දසුන් ශානක 20යි 20 ලෝකය කළඹයි !





වේගවත්ම 20යි 20 ශතකය රැස්කරගත් ශ්‍රී ලාංකිකයා වී සතියක් ගතවීමටත් මත්තෙන් ඊයේ දින SSC නායක දසුන් ශානක ගෙන් මෙතෙක් ශ්‍රී ලාංකිකයෙක් විසින් රැස් කල වේගවත්ම ශතකය වාර්තා වීම පුදුමය දනවන සිදුවීමක් විය.  පසුගිය සතියේ වාර්තා වූ වේගවත්ම ශතකය පිලිබඳ ලිපිය මෙතනින්

සැරසන්ස් ක්‍රීඩා සමාජය ට එරෙහිව ඊයේ දසුන් ශානක ගෙන් වාර්තා වූ ශතකය හේතුවෙන් SSC පිලට දැවැන්ත ලකුණු 251ක් රැස්කරගැනීමට හැකිවිය. ඒ වෙනුවෙන් ඔවුන්ට වැයවුයේ කඩුලු 6ක් පමණයි. එම ලකුණු 251න් 123ක් වාර්තා වුයේ ශානකගේ පිත්තෙනි. එයට දැවැන්ත හයේ පහරවල් 16ක් සහ හතරේ පහර 2ක් අන්තර්ගත විය. ශානක ගේ ශතකය හා සම්බන්ධ වාර්තා හා අද පැවති වෙනත් තරඟ තුල ක්‍රීඩකයින් විසින් සනිටුහන් කල වාර්තා පහත දක්වා ඇත. 

ශ්‍රී ලාංකිකයෙක් විසින් රැස්කළ වැඩිම 20/20 ලකුණු ගණන 

දසුන් ශානක - 131*
දසුන් ශානක - 123
සනත් ජයසුරිය - 114*
චාමර සිල්වා - 110*
මහේල ජයවර්ධන - 110 

ශ්‍රී ලාංකිකයෙක් විසින් රැස්කළ වේගවත්ම 20/20 ශතක 

දසුන් ශානක - 123 - පන්දු 39 යි
දසුන් ශානක - 131* - පන්දු 40 යි
සනත් ජයසූරිය - 114* - පන්දු 45 යි

20/20 කණ්ඩායමක නායකයකු විසින් රැස්කළ වැඩිම 20/20 ලකුණු ගණන

කැමරන් වයිට් - 141*
පීටර් මාලන් - 140*
දසුන් ශානක - 131*
ටමිම් ඉක්බාල් - 130
විලියම් පෝටර්ෆීල්ඩ් - 127*
මයිකල් ක්ලින්ගර් - 126*
දසුන් ශානක - 123

නොම්මර 4 පිතිකරු ලෙස 20/20 තරගයක රැස්කළ වැඩිම ලකුණු ගණන 

දසුන් ශානක - 131*
දසුන් ශානක - 123
ඇන්ඩෲ සයිමන්ඩ්ස් - 117*
රිද්ධිමන් සහා - 115*
ජොනතන් කාටර් - 111*

ලොව වේගවත්ම 20යි 20 ශතක 

ක්‍රිස් ගේල් - පන්දු 30
ඇන්ඩෲ සයිමන්ඩ්ස් - පන්දු 34 
වැන් ඩර් වෙස්තුයිසzන් - පන්දු 35
යුසුෆ් පතාන් - පන්දු 37
ස්කොට් ස්ටයිරිස් - පන්දු 37
ඩේවිඩ් මිලර් - පන්දු 38
දසුන් ශානක - පන්දු 39 

ශ්‍රී ලංකා පිතිකරුවෙක් 20යි 20 ඉනිමක හතරේ පහරවල් සහ හයේ පහරවල් වලින් පමණක් ලබාගෙන ඇති වැඩිම ලකුණු ගණන

දසුන් ශානක - 112 - හයේ පහරවල් 12 ක් සහ හතරේ පහරවල් 10ක්
දසුන් ශානක - 104 - හයේ පහරවල් 16ක් සහ හතරේ පහරවල් 2ක් 
සනත් ජයසූරිය - 102 - හයේ පහරවල් 11ක් සහ හතරේ පහරවල් 9ක් 

3 වන කඩුල්ලට පවත්වා ඇති හොඳම සම්බන්ධතාවය 

අබ්දුල් රසාzක් සහ නසීර් ජම්ශේඩ් - 162
කොලින් ඔබුයා සහ රාජේන්ද්‍ර පටෙල් - 160*
තිලකරත්න සම්පත් සහ අමිල වෙත්තසිංහ - 157*
කැමරන් වයිට් සහ කුමාර් සංගක්කාර - 157 
දසුන් ශානක සහ කවිඳු කුලසේකර - 155  


Copyright - ThePapare.com


කණ්ඩායමක් 20යි 20 තරගයක දී ලබාගෙන ඇති වැඩිම ලකුණු 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - 263/5
ශ්‍රී ලංකාව - 260/6
ග්ලොසෙස්ටර්ශයර් - 254/3
සිංහල ක්‍රීඩා සමාජය - 251/6 

6 වන කඩුල්ල බිඳ වැටුණු අවස්ථාවේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ගණන 

සිංහල ක්‍රීඩා සමාජය - 251/6
ඔස්ට්‍රේලියාව - 242/6
දකුණු අප්‍රිකාව - 238/6 


එමෙන්ම කොළඹ ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් පිල සමඟ පැවතී තරගයේ දී කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් 7 වන කඩුල්ලට ලසිත් අබේරත්න සහ රොශාන් අනුරුද්ධ විසින් ලෝක වාර්තාවක් පිහිටුවන ලදී. 

7 වන කඩුල්ලට පවත්වා ඇති හොඳම සම්බන්ධතාවය 

ලසිත් අබේරත්න සහ රොෂාන් අනුරුද්ධ - 107*
ජගධීෂ සුචිත් සහ හර්බජාන් සිං - 100

හලාවත මේරියන්ස් පිලේ තික්ෂිල ද සිල්වා ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන ලදී.

මෙරට ක්‍රීඩකයෙක් 20යි 20 තරගයක රැස්කරන ලද වේගවත්ම අර්ධ ශතක 

උපුල් බණ්ඩාර - පන්දු 14 යි
තික්ෂිල ද සිල්වා - පන්දු 15 යි

එමෙන්ම තික්ෂිල ද සිල්වා එම ඉනිමේ දී හසන්ත වික්‍රමසිංහ ගේ පන්දු ඕවරයක දී ලකුණු 32ක් වාර්තා කරන ලදී. එය ලකුණු පුවරුවේ දැක්වුණේ 6,4,6,6,4,6 යනුවෙනි. එය ශ්‍රී ලාංකිකයෙක් ගේ පිත්තෙන් ඕවරයක වාර්තා වූ වැඩිම ලකුණු ගණනයි. 

#DON
13.01.2016 



Monday, January 11, 2016

ත්‍රිත්ව ශතකයක් රැස්කරගත් ලාබාලතමයා !

Copyright - theceyloncricketer.com

සිංහල ක්‍රීඩා සමාජ පිල පළමුපෙළ තරඟාවලිය තුල B කාණ්ඩයේ අවසන් ස්ථාන කිහිපයතුල රැදෙමින් මෙවර අදක්ෂම කණ්ඩායම් ලෙස සැලකෙමින් සිටියදී බදුරලිය පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 121 ක ජයක් ලබාගන්නේ වාර්තා රැසක් බිඳ දමමින්. එමෙන්ම එම ජයග්‍රහණයෙන් B කාණ්ඩයේ පළමු ස්ථානය හිමි වුයේ SSC පිලටයි. මෙම තරගයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් බදුරලිය පිල රැස්කලේ ලකුණු 254ක් පමණයි. එහිදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හසන්ත ප්‍රනාන්දු සහ සහන් විජේරත්න අගනා අර්ධ ශතක රැස්කරන්නේ මුල් පෙළ පිතිකරුවන් ගේ අසාර්ථක භාවය මකා දමමිනි. SSC පිල වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්විය. 

ලකුණු 254ක් පිටුපස සිටි SSC පිලේ ආරම්භය අති විශිෂ්ට විය. ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න (121) දැවී යද්දී SSC පිල වාර්තාගත ලකුණු 279ක් රැස්කර බදුරලිය කණ්ඩායමට වඩා ලකුණු 25 ක් ඉදිරියෙන් සිටින ලදී. 

SSC පිල වෙනුවෙන් ආරම්භ පිතිකරුවන් ප්‍රථම කඩුල්ලට එක්කල වැඩිම ලකුණු ගණන 
  1. දිමුත් කරුණාරත්න සහ මිනෝද් භානුක - 279 - 2015/16 
  2. කෞෂාල් සිල්වා සහ මිනෝද් භානුක - 226 - 2014/15 
නොම්මර 3 පිතිකරු ලෙස පැමිණි රමේෂ් මෙන්ඩිස් එක්වුයේ ඒවනවිට එම ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ මිනෝද් භානුක සමඟයි. මිනෝද් භානුක ඔහුගේ ප්‍රථම ද්විත්ව ශතකය රැස්කරමින් පළමුපෙළ තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ 6 වන ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 

ද්විත්ව ශතකයක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවන්.
  1. මයිකල් වැන්ඩොට් (කොළඹ ක්‍රිකට් සමාජය) - අවුරුදු 19 යි දින 150 යි - 226 - පානදුර ක්‍රීඩා සමාජය ට එරෙහිව.
  2. මයිකල් වැන්ඩොට් (කොළඹ ක්‍රිකට් සමාජය) - අවුරුදු 19 යි දින 200 යි - 225 - සිංහ ක්‍රීඩා සමාජය ට එරෙහිව.
  3. සනත් ජයසුරිය (ශ්‍රී ලංකා බී) - අවුරුදු 19 යි දින 251 යි - 203* - පකිස්තාන් බී ට එරෙහිව 
  4. සනත් ජයසුරිය (ශ්‍රී ලංකා බී) - අවුරුදු 19 යි දින 262 යි - 207* - පකිස්තාන් බී ට එරෙහිව 
  5. සංජීව සිල්වා (සෙබස්ටිනිටීස් ක්‍රිකට් සමාජය) - අවුරුදු 20 යි දින 236 යි - 201* 
  6. මිනෝද් භානුක (සිංහල ක්‍රීඩා සමාජය) - අවුරුදු 20 යි දින 254 යි - 342 
එමෙන්ම මිනෝද් භානුක ලකුණු 250ක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. 

මිනෝද් භානුක ඉන් නොනැවතිනි, ඉන් පසු ඔහු ත්‍රිත්ව ශතකයක් ද රැස්කරමින් ත්‍රිත්ව ශතකයක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 

මිනෝද් භානුක (342 - හයේ පහර 10යි, හතරේ පහර 35 යි) ගේ දැවී යාම සනිටුහන් වුයේ 106 වන ඕවරයේ දියි. ඒවනවිට SSC පිල ලකුණු 584ක දැවැන්ත ඉනිමක් දියත් කර තිබිණ. දේශීය පළමුපෙළ ඉතිහාසයේ ලබාගත් දෙවන වැඩිම ලකුණු ගණන වුයේ ද මෙයයි.

දේශීය පළමුපෙළ ක්‍රිකට් තරඟාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්.
  1. කිත්රුවන් විතානගේ - 351 - ගුවන් හමුදා පිල ට එරෙහිව - 2014/15
  2. මිනෝද් භානුක - 342 - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015/16
  3. තිලින කණ්ඩම්බි - 340* - ටැමිල් යුනියන් පිල ට එරෙහිව - 2012/13
  4. කුසල් ජනිත් පෙරේරා - 336* - සැරසන්ස් ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2012/13 
SSC පිල වෙනුවෙන් දෙවන කඩුල්ලට රැස්කරන ලද වැඩිම ලකුණු ගණන 
  1. මිනෝද් භානුක සහ රමේෂ් මෙන්ඩිස් - 305 - 2015/16 
  2. කෞෂාල් සිල්වා සහ තරංග පරණවිතාන - 248 - 2006/07 
පළමුපෙළ ඉනිමක දෙවන කඩුල්ල බිඳ වැටෙද්දී කණ්ඩායමක් ලබාගෙන තිබු වැඩිම ලකුණු ගණන 

656 - Water & Power Development Authority - 2009 618 - දිල්ලි පිල - 1995 615 ශ්‍රී ලංකාව (ඉන්දියාවට එරෙහිව) - 1997 599 මුම්බායි පිල - 1996 594 වික්ටෝරියා ප්‍රාන්ත පිල - 1926 584 සිංහල ක්‍රීඩා සමාජය (SSC) - 2016

ශ්‍රී ලංකා පිතිකරුවෙක් පළමුපෙළ ඉනිමක ලබාගත් ඉහලම ලකුණු ගණන 
  1. මහේල ජයවර්ධන - 374
  2. කිත්රුවන් විතානගේ - 351 
  3. මිනෝද් භානුක - 342 
  4. තිලින කණ්ඩම්බි - 340*
  5. සනත් ජයසූරිය - 340
  6. කුසල් ජනිත් - 336
  7. කුමාර් සංගක්කාර - 319
  8. කුමාර් සංගක්කාර - 287 
දිමුත් කරුණාරත්න (121), මිනෝද් භානුක (342) ට අමතරව රමේෂ් මෙන්ඩිස් (107*) ගෙන් ද අගනා ශතකයක් වාර්තා විය. බදුරලිය පිලට ඉනිමක පරාජයකින් බේරීම සඳහා 330 ක ඉලක්කයක් පසුකර යායුතුව තිබු අතර එය හඹා යාමට ඔවුන්ට නොහැකි විය. ඔවුන්ගේ සියලුම කඩුලු ලකුණු 209ක් තුල බිඳ වැටිණි. 

#DON
11.01.2016


Tuesday, January 5, 2016

දසුන් ශානක ගේ වේගවත්ම 20යි 20 ශතකය, සඳකැන් ගේ කඩුලු ත්‍රිත්වය හා බැඳුනු වාර්තා !

AIA රක්ෂණ සමාගමේ අනුග්‍රහය ඇතිව මෙවර පැවැත්වෙන ප්‍රධාන පෙලේ දේශීය තරඟාවලි තුන වූ තුන්දින ප්‍රිමියර් ලීගය, ඕවර 50 තරඟාවලිය සහ 20යි 20 තරඟාවලියේ බොහොමයක් තරඟ මේවනවිට නිමා වී ඇති අතර ඕවර 50 තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ෆර්විස් මහරූෆ් ගේ නායකත්වයෙන් යුත් NCC පිල පසුගිය සතියේ සමත්විය. මේ වසරේ සිට හඳුන්වාදීමට නියමිත එලයිට් (Elite) 20 යි 20 ශූරතාවය ට තෝරාගැනීමට නියමිත කණ්ඩායම් සඳහා මෙම අන්තර් සමාජ 20යි 20 තරඟාවලිය මහත් රුකුලක් වනු ඇත. මෙම තරඟාවලිය තුල දක්වන දස්කම් ප්‍රමුඛතාවයක් දක්වන බැවින් මේ වනවිටත් මෙම තරඟාවලියේ බොහෝ තරග උණුසුම් අයුරින් නිමා විය.

අද (04.01.2016) දින පැවති සිංහල ක්‍රීඩා සමාජය (SSC) සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයේ වඩාත් කැපී පෙනුන ඉනිම වුයේ SSC නායක දසුන් ශානක විසින් නොදැවී රැස්කළ ලකුණු 131 යි. එයට ඔහුට අවශ්‍ය වුයේ පන්දු 48ක් පමණයි. ඒ අනුව 2008 වසරේ සිට හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය විසින් රැකගෙන සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් රැස්කළ වැඩිම 20යි 20 ලකුණු ගණනේ වාර්තාව අද බිඳ වැටිණි. දසුන් ශානක මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් 20යි 20 තරඟයකට සහභාගී වූ අයෙක්.


                                                                             (Copyright - ThePapare.Com)

ශ්‍රී ලාංකිකයෙකු විසින් රැස්කළ වැඩිම 20යි 20 ඉනිම් 

131* - දසුන් ශානක - ගාල්ල ක්‍රිකට් සමාජය ට එරෙහිව - 2016 
114* - සනත් ජයසූරිය - චෙන්නායි සුපර් කිංග්ස් පිල ට එරෙහිව - 2008 
110* - චාමර සිල්වා - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015 
110 - මහේල ජයවර්ධන - කොල්කටා නයිට් රයිඩර්ස් පිල ට එරෙහිව - 2010 

(* - නොදැවී)

ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විසින් රැස්කළ වේගවත්ම 20යි 20 අර්ධ ශතක

උපුල් ජයසේන - පන්දු 14 යි - 2015 
තිලකරත්න දිල්ශාන් - පන්දු 18 යි - 2014 
කුසල් ජනිත් පෙරේරා - පන්දු 18 යි - 2015 
දසුන් ශානක - පන්දු 20 යි - 2016 

ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විසින් රැස්කළ වේගවත්ම 20යි 20 ශතක 

දසුන් ශානක - පන්දු 40 යි - 2016 
සනත් ජයසූරිය - පන්දු 45 යි - 2008 
චාමර සිල්වා - පන්දු 49 යි - 2015
මහේල ජයවර්ධන - පන්දු 55 යි - 2010 

ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විසින් 20යි 20 ඉනිමක එල්ල කල වැඩිම 6 පහර ගණන 

දසුන් ශානක - හයේ පහර 12 යි.
සනත් ජයසූරිය - හයේ පහර 11 යි.
අමල් ඇතුලත්මුදලි - හයේ පහර 10 යි.
තිලකරත්න සම්පත් - හයේ පහර 9 යි.


                                                                              (Copyright - ThePapare.Com)

කොළඹ ක්‍රිකට් සමාජය (CCC) සහ වරාය අධිකාරි කණ්ඩායම අතර පැවති 20 යි 20 තරගය නිමා වුනේ වරාය අධිකාරි කණ්ඩායම කඩුලු 3 ක පහසු ජයක් ලබාගනිමින්. කෙසේ වෙතත් කොළඹ ක්‍රිකට් සමාජ පිලේ චයිනමන් පන්දු යවන්නා වන ලක්ෂාන් සඳකැන් ගේ කඩුලු ත්‍රිත්වය අද දින වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් විය. වසර 09 කට පසු මෙරට දී පැවති තරගයකින් වාර්තා වූ ප්‍රථම කඩුලු ත්‍රිත්වය මෙයයි. එමෙන්ම අවසන් වරට කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ශ්‍රී ලාංකිකයා වුයේ ඉසුරු උදානයි. ඒ චැම්පියන්ස් ලීගයේ දී වයඹ පිල වෙනුවෙන් ලබාගත් කඩුලු ත්‍රිත්වයයි. සඳකැන් ගේ කඩුලු ත්‍රිත්වයට දැවී ගිය පිතිකරුවන් වුයේ ගිහාන් රූපසිංහ, WAI රංගන සහ HM රාජපක්ෂ යි. 

20යි 20 තරඟ තුල කඩුලු ත්‍රිත්ව ලබාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ. 

ආර්.ඩී. අබේධීර - 2005/06
චමින්ද විදානපතිරණ - 2006/07 
ඉසුරු උදාන - 2010/11 
ලක්ෂාන් සඳකැන් - 2015/16 

#DON
04.01.2015



Sunday, January 3, 2016

පිට පිට කඩුලු 4 යි.



2015/16 අන්තර් සමාජ පළමුපෙළ තරඟාවලියේ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ ප්‍රභාත් ජයසුරිය අද (03.01.2016) සමත් විය. බදුරලිය ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමේ අවසන් පන්දු තුනේ කඩුලු 3ක් සහ දෙවන ඉනිමේ ප්‍රථම පන්දුවෙන් තවත් කඩුල්ලක් දවාගනිමින් මෙරට පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වරට පන්දුයවන්නෙක් පිට පිට කඩුලු 4ක් දවාගැනීමේ ඉතා දුර්ලභ වාර්තාවක් ඔහු සතු විය. පිට පිට කඩුලු 4ක් දවාගැනීමේ අවස්ථා ඉතාමත් විරල වන්නේ එවැනි දස්කම් දැක්වූ අයවලුන් පළමුපෙළ ඉතිහාසයේ ඇත්තේ අවස්ථා 40 කදී පමණක් වීමයි.  

බදුරලිය පිලේ මුල් ඉනිමේදී දුලංජන මෙන්ඩිස්, අබ්දුල් කාදර්, චමත් ගුණසිංහ යන පිතිකරුවන් සහ දෙවනුවට නැවත පන්දුවට පහර දීමට පැමිණි බදුරලිය පිලේ ආරම්භක පිතිකරු පැතුම් මධුසංක දවාගනිමින් ඉහත වාර්තාව අත්පත් කරගැනීමට ඔහුට හැකිවිය. කොල්ට්ස් පිල මුල් ඉනිම සඳහා රැස්කළ ලකුණු 344 ඉනිම් දෙකක් පිතිකරණයේ යෙදුනද බදුරලිය පිලට හඹා යාමට නොහැකි වුයේ ප්‍රභාත් ජයසුරියගේ අනර්ග දඟ පන්දු සංකලනයයි. ප්‍රභාත් ජයසුරිය පළමු ඉනිමේදී කඩුලු 5ක් ලකුණු 25කට දවාගත් අතර එය ඉනිමක දී ඔහුගේ හොඳම පන්දුයැවීමයි. එමෙන්ම දෙවන ඉනිමේදී තවත් කඩුලු 5ක් ලකුණු 83 කට දවාගැනීම නිසා පළමුපෙළ තරඟයක ඔහුගේ හොඳම පන්දුයැවීමත් අද වාර්තා විය. 

කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් කඩුලු ත්‍රිත්ව ලබාගත් පන්දුයවන්නන්. 

  • චමින්ද වාස් - කොළඹ ක්‍රිකට් සමාජය ට එරෙහිව - 2010/11 
  • ප්‍රභාත් ජයසූරිය - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015/16 


මෙරට පන්දුයවන්නන් අතරින් පිට පිට කඩුලු 4ක් දවාගත් ක්‍රීඩකයින්.
  • දුශාන්ත ඩයස් (බස්නාහිර පළාත් කණ්ඩායම) - මධ්‍යම පළාත් කණ්ඩායම ට එරෙහිව - 1990/91 - පළමුපෙළ 
  • ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) - දකුණු අප්‍රිකාව ට එරෙහිව - 2006/07 - ජාත්‍යන්තර එක්දින 
  • ප්‍රභාත් ජයසුරිය (කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජය) - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015/16 - පළමුපෙළ 


එමෙන්ම බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ප්‍රථම පන්දුයවන්නා වීමේ භාග්‍ය ද ඔහුට හිමි විය. 

#DON
03.01.2015





ඉයන් පීරිස් සමුගනියි.



 ( Copyright: The Island)
                                                             
1960 දශකයේ ඕල් සිලෝන් කණ්ඩායමේ දක්ෂ මඳ වේග පන්දුයවන්නෙක් ලෙස ප්‍රකටව සිටි පසුකලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුලසුන දැරූ ඉයන් පිරිස් (P.I.) මහතා පසුගිය පළවෙනිදා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය. පසුපෙළ පිතිකරුවෙක් ලෙස වේගයෙන් ලකුණු රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ ඉයන් පිරිස් මහතා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද හොබවූ අයෙක්. 1953 වසරේ කොළඹ රාජකීය ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පරාජය කිරීම සඳහා තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ P.I. ඉන්පසුව කොළඹ සිංහල ක්‍රීඩා සමාජය හා එක්ව ක්‍රීඩා කලේය. 1953 දී මෙරටට පැමිණි සුප්‍රකට ලින්ඩ්සේ හැසෙට් ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕල් සිලෝන් කණ්ඩායමේ පාසල් ක්‍රීඩකයෙකු වශයෙන් ස්ථානයක් වෙන් කරගැනීමට ඔහුට අවස්තාවක් ලැබිණ. 

1956 දී එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සරේ පිලට එරෙහිව ක්‍රීඩා කිරීමේ වරම හිමිකරගන්නා ඔහු 1958 තෙක් කේම්බ්‍රිජ් පිල නියෝජනය කලේය. එම කාලවකවානුව තුල මෙරටින් බිහිවූ තවත් අග්‍රගණයේ දඟ පන්දු යවන්නෙකු වූ ගාමිණි ගුණසේන ද ඔහුගේ කණ්ඩායමේ සඟයෙකු වීම සුවිශේෂී සිදුවීමක් විය (ගාමිණි ගුණසේන පසුකලක කේම්බ්‍රිජ් පිලේ නායකත්වයද දරමින් ජයග්‍රහණ රාශියකට ඔහුගේ පිල මෙහෙයවූ අතර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පිලද නියෝජනය කරමින් දස්කම් දැක්වූ අයෙක්). 

ඉයන් පීරිස් ගේ පන්දු යැවීමේ දස්කම් වලටත් වඩා එකල ක්‍රිකට් ලෝලීන්ට ඔහු මතකයේ රැඳෙන්නේ 1967 දී පැමිණි ගාෆිල්ඩ් සෝබර්ස් ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව නොම්මර 11 පිතිකරු ලෙස වේගවත් ලකුණු 46 ක් රැස් කිරීමයි. එම ඉනිමේ 10 වන කඩුල්ලට ඔහු හා එක්ව පිතිකරණයේ යෙදුනු නීල් චන්මුගම් (නැසීගිය) ලකුණු 110 ක වාර්තාගත සම්බන්ධතාවයක් ඇතිකරන ලද අතර එය වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් විය. 

ඉයන් පිරිස් මහතා 80 දශකයේ අග භාගයේ දී සහ 90 දශකයේ මුල් භාගයේදී ජාතික ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කලේය. 

...............................................................................................................................................................

“I had the fortune of playing under PI for SSC for five or six seasons. He was a good captain who is capable of getting the best out of every player. He was also a fine right arm swing bowler who moves the ball both ways at will and I am sure even today cricketers will find him handful because of his ability to swing the ball both ways. He was also a fine lower order batsman always contributed to the side whenever a score was needed from him. All in all he was a great cricketer and a gentleman. My deepest sympathies go his family” - Former Sri Lanka Captain Anura Tennakoon ( මූලාශ්‍රය - Sunday Times) 

#DON
03.01.2015