Tuesday, May 30, 2017

කුමාර් ගේ ලෝක වාර්තා සිහිනය බිඳී යයි.


© - Stuart Meaker (Surrey CC)
පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කිරීමේ ලෝක වාර්තාව සංගා ට අහිමි වුයේ ලකුණු 16 කිනි. එසේකෙස් ප්‍රාන්තයට එරෙහිව සංගා පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයකුත් දෙවැනි ඉනිමේ දී වාර්තාගත ශතකයක් හඹා ගිය ද එය අවසන් මොහොතේ දී කෙළවර වුයේ දැවී යාමකිනි. සංගක්කාර මෙම එසෙක්ස් තරඟය ට පසුව වාර්තා රැසක් පිහිටුවීමට සමත් විය. 

මෙතෙක් ඉතිහාසයේ පළමු පෙළ ශතක 5ක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් පිට පිට රැස්කිරීමේ ගෞරවය හිමිවන්නේ පහත පිතිකරුවන් හටය.


ශ්‍රී ලාංකික පිතිකරුවන් අතරින් සංගක්කාර ඉදිරියෙන් සිටින්නේ පහත අයුරිනි.


සංගක්කාර එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව රැස්කරන ලද ද්විත්ව ශතකය ඔහුගේ 13 වන පළමු පෙළ ද්විත්ව ශතකය යි. ඒ අනුව සංගා ආසියාතික පිතිකරුවන් අතරින් පෙරමුණ ගන්නට සමත් විය. ඒ පකිස්තානයේ ජාවෙඩ් මියන්ඩාඩ් සහ යුනිස් ඛාන් අහිභවා යමිනි.


සංගක්කාර විසින් රැස්කළ සියළුම ද්විත්ව ශතකයන් පහත පරිදි ය.


එංගලන්තයේ ද්විත්ව ශතක රැස්කළ පිතිකරුවන් අතුරින් සංගක්කාර 7 වන ශ්‍රී ලාංකිකයා බවට පත් විය. (ශ්‍රී ලංකා සම්භවයක් සහිත ගිහාන් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් මෙයට අදාළ නොවේ.)



ප්‍රථම වරට එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කිරීමේ ගෞරවය හිමි ශ්‍රී ලාංකිකයා කර්නල් ෆ්‍රෙඩ්රික් ද සේරම් ය. ඒ 1934 වර්ෂයේ ය. එංගලන්තයේ දී වැඩිම වාරයක් ද්විත්ව ශතක රැස්කර ඇති ශ්‍රී ලාංකිකයා හිටපු ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා ය. ඔහු දෙවරක් කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් ද එරට දී පුහුණු තරඟයක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද රැස්කිරීමට සමත් විය. රසල් ආර්නල්ඩ් විසින් රැස්කළ ද්විත්ව ශතකය සුවිශේෂී වන්නේ එය ඔහු එංගලන්තයේ දී ක්‍රීඩා කල ප්‍රථම පළමු පෙළ තරඟය වීම යි. අවසන් වරට එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කලේ සනත් ජයසුරිය යි. එය වාර්තා වුයේ 1998 එංගලන්ත සංචාරයේ පැවති එකම ටෙස්ට් තරඟයේ දී ය. ඉන් වසර 19 කට පසුව එනම් පසුගිය එසෙක්ස් සහ සරේ අතර තරඟයේ දී සංගක්කාර ගේ ද්විත්ව ශතකය වාර්තා විය. එම ද්විත්ව ශතකය කණ්ඩායම් අනුව බෙදී යන්නේ පහත අයුරිනි.


ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරමින් ශතක 11ක් ද කොළඹ NCC පිල නියෝජනය කරමින් එක් ශතකයක් සහ එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරමින් එක් ශතකයක් යනාදී වශයෙන් සංගා ගේ ශතක ප්‍රමාණය බෙදී යයි. සංගක්කාර මෙන්ම ද්විත්ව ශතක 13ක් රැස්කර ඇති අනෙක් පිතිකරුවන් පහත වේ (සැලකිය යුතුයි: වැඩිම පළමු පෙළ ද්විත්ව ශතක ගණනක් හිමි පිතිකරුවා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වේ. ඔහුට ද්විත්ව ශතක 37ක් ඇත.)


සංගක්කාර මේ වන විට ශතක 99ක් ඔහුගේ වෘර්තිය ක්‍රිකට් දිවියේ රැස්කර ඇත. වාර්තාගත 100 වන ශතකය ඔහු බොහෝවිට මින් පසු පැවැත්වෙන තරඟ අතරතුර දී නියත වශයෙන්ම රැස්කළ හැකි බවට ඔහුගේ වර්තමාන දක්ෂතා අනුව පැහැදිලි වේ. 


30.05.2017

Monday, May 22, 2017

ලෝර්ඩ්ස් හිදී සංගා ගෙන් වාර්තා රැසක්

ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය සැලකෙන්නේ ක්‍රිකට් හි මහගෙදර ලෙසයි. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අභිප්‍රාය එක තරඟයක් හෝ එම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමට යි. වසර 14 කට පසුව 2014 වසරේ දී කුමාර් සංගක්කාර එම ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කර ලෝර්ඩ්ස් හි ගෞරවාන්විත නාමපුවරුවේ ස්ථානයක් වෙන්කරගන්නට සමත් විය. අන්තර්ජාතික තරඟ තුලින් සමුගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩකයින් දෙපලට ගෞරවයක් ලෙස ලෝර්ඩ්ස් බලධාරීන් ඔවුන්ගේ රුව ඇඳි සිතුවම් දෙකක් ලෝර්ඩ්ස් ක්‍රීඩාගාරයේ එල්ලා තබන ලදී. 


© Andrew Miller - Via Twitter
මෙම ගෞරවාන්විත අවස්ථාවෙන් දින කිහිපයකට පසු සංගා, ලෝර්ඩ්ස් හිදී ම ඔහු ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ පිට පිට රැස්කරන තුන්වන ශතකය වාර්තා කිරීමට සමත් විය. මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව වාර්තා වූ මේ ශතකයෙන් නොනැවතුණු ඔහු තුන්වන දිනයේ තවත් අනර්ඝ ශතකයක් රැස්කරන්නේ සරේ කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවේ දී ය. එය ඔහු පිට පිට රැස්කළ 4 වන ශතකය යි. මෙයත් සමඟ සංගා වාර්තා රැසක් බිඳ දැමීමට මෙන්ම සම කරන්නට සමත් විය.

පිට පිට වැඩිම පළමු පෙළ ශතක රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් 




















කුමාර් සංගක්කාර විසින් වසර 20ක් පැරණි වාර්තාවක් සමකරන්නට හැකි වුනේ ඉහත පරිදි ය. රොමේෂ් කළුවිතාරණ විසින් පිට පිට ශතක 4 වාර්තාව මෙන්ම පිට පිට අර්ධ ශතක 10ක් රැස්කර ලෝක වාර්තාව පිහිටුවූයේ 1996/97 පළමු පෙළ කාල සමයේ දී ය. 

සංගා නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුයේ මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ දී ශතකයක් රැස්කිරිමෙන් අනතුරුව යි. පිට පිට ශතක 3ක් හෝ වැඩි ප්‍රමාණයක් අවස්ථා 3ක දී රැස්කිරීමේ වාර්තාව යි. එය ද ඉහත ලැයිස්තුවෙන් දැකගත හැකිය. හිටපු ටෙස්ට් පිතිකරු අරවින්ද ද සිල්වා අවස්ථා දෙකක දී මේ දස්කම දක්වා ඇත.

කුමාර් සංගක්කාර පළමු දිනයේ දී ශතකය රැස්කිරීමට පෙර ප්‍රාන්ත ශුරතා තරඟාවලි තුල ලකුණු 3,000 පසුකරන්නට සමත් විය. එමෙන්ම එංගලන්තයේ දී පළමු පෙළ ලකුණු 4,500 ද පසු කරන්නට හැකි විය. 

සංගා වෘර්තිය ක්‍රිකට් දිවියේ ලකුණු 45,000 සීමාව ද පසු කලේ ය. එමෙන්ම පෙර අවස්තාවක දී පැවසු පරිදි (Run Machine) සංගා ආසියාතිකයින් අතරින් තවමත් සිටින්නේ 3 වන ස්ථානයේ ය. ඔහුට දෙවැන්නා වීමට නම් පකිස්තානයේ සහීර් අබ්බාස් පසුකල යුතු මය. 

තුන්වන දිනයේ වාර්තා කල ශතකයත් සමඟ සංගක්කාර පළමු පෙළ තරඟයක දී ශතක දෙකක් රැස්කළ  3 වන අවස්ථාව වාර්තා කරන්නට සමත් විය. මින් පෙර මෙවැන්නක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතුරින් වාර්තා වුයේ අරවින්ද ද සිල්වා ගේ පිත්තෙන් පමණි. එමෙන්ම ප්‍රාන්ත තරඟාවලි ඉතිහාසයේ මෙවැන්නක් කල දෙවන ශ්‍රී ලාංකිකයා ද සංගක්කාර යි. මෙයද මිට පෙර අවස්තාවක දී වාර්තා කලේ අරවින්ද යි (සැ.යු. - ගිහාන් මෙන්ඩිස්, අරුන් හරිනාත් වැන්නන් මෙයට ඇතුලත් නොවේ).

          

කෙසේ වෙතත් තුන්වන දිනයේ වඩාත් කැපී පෙනෙන වාර්තාව සංගා ගෙන් වාර්තා වුයේ ඉහත ශතකය රැස්කිරිමෙන් පසුවයි. පළමු පෙළ ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ලකුණු 20,000 පසු කල ප්‍රථමයා වීමට සංගා ට හැකිවිය. (නැවතත්, මෙහිදී ගිහාන් මෙන්ඩිස් සලකා නොමැත.)

සංගක්කාර මේ වන විට පළමු පෙළ ශතක 60ක් වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය සතියේ සීමිත ඕවර තරඟාවලියේ දී රැස්කරන ලද ශතකය නිසා සීමිත ඕවර ශතක ගණන 38ක් ලෙස ඉහල ගොස් ඇත. ඒ අනුව වෘර්තිය ක්‍රිකට් දිවියේ ශතක 100ක් රැස්කිරීමේ දුර්ලභ වාර්තාව සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ශතක දෙකක් පමණයි. මෙවැන්නක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කර නැත. 

මේ වන විට ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ද කුමාර් සංගක්කාර යි. මිඩ්ල්සෙක්ස් සහ සරේ අතර තරඟය මෙම ලිපිය ලියන විටත් අවසන් වී නොමැත.


22.05.2017

Wednesday, May 17, 2017

පාසල් ක්‍රිකට් මිතුරන් දෙදෙනෙක් රටවල් දෙකක නායකයත්වයට පත් වීම.

© - Narendra Ekanayake
එක්තරා ටෙස්ට් ක්‍රීඩා කරන රටක පාසල් ක්‍රිකට් හි නම්දරා සිටින පාසලක එකම කණ්ඩායම පවා නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක් පසු කලක රටවල් දෙකක් නියෝජනය කරමින් එම කණ්ඩායම් හි නායකත්වය පවා හොබවමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම එක්තරා අයුරකින් විශේෂ අවස්ථාවක් ලෙස සැලකීම වරදක් නොවේ. මේ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් අයෙකු ඔහු නියෝජනය කල රටේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස ද අනෙක් පිතිකරු ඔහුගේ කණ්ඩායමේ දක්ෂ වමත් පිට දඟ පන්දුයවන්නෙකු ලෙස ද නම්දරා සිටිති. 

කුමාර් සංගක්කාර සහ නරේන්ද්‍ර ඒකනායක යන මේ ක්‍රීඩකයින් දෙදෙනාම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නිෂ්පාදනයන් ය. එමෙන්ම හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කෞශල්‍යය වීරරත්න සහ හිටපු පාසල් ක්‍රිකට් ක්‍රීඩක සහ නළු සුරාජ් මාපා ද මොවුන්ගේ සමකාලින ක්‍රීඩකයන් ය. 

Seated: Kumar Sangakkara (3rd from right), Narendra Ekanayake (Extreme right) / Stand: Kaushalya Weearathne (3rd from left), Suraj Mapa (Extreme right) - © Chaminda Aluthge
දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන බහමාස් හි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල නරේන්ද්‍ර ඒකනායක පළමුවරට බහමාස් පිල නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ 2004 වසරේ දී ය. ඉන්පසු එම කණ්ඩායමේ නායකයා ලෙසට ද කටයුතු කල ඔහු සාමාජික රටවල් හි ප්‍රධාන පෙලේ තරඟාවලි රැසක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් ය. ඔහු නියෝජනය කල බහමාස් ක්‍රිකට් කණ්ඩායම ICC හි සාමාජිකත්වය හිමිවන්නේ 1986 වසරේ දී ය. 2001 වසරේ දී ඔවුන් ප්‍රථම වරට අනතර්ජාතික මට්ටමේ තරඟයක නිරත වුයේ ICC හි ඇමෙරිකානු සාමාජික ශුරතා තරඟාවලියේ පළමු අදියරේ දී ය. 2006 වසරේ දී කැරිබියන් දුපත් හි පැවති ස්ටෑන්ෆ්ර්ඩ් 20යි 20 තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවකාශ සලසා දීමට තරඟාවලි සංවිධායකයින් පියවර ගන්නා ලදී. ඒ අනුව එයට සහභාගී වූ බහමාස් පිලේ සාමාජිකයෙකු ලෙස මෙන්ම නායකයා වුයේ ද නරේන්ද්‍ර ඒකනායක යි. 2008 වසරේ ස්ටෑන්ෆර්ඩ් 20යි 20 තරන්ගාවලිය්ද බහමාස් පිලට නැවතත් අවස්ථාව උදාවුවත් තරඟාවලි දෙකෙහිම පළමු වටයේ නොකවුට් තරඟය පරාජය වීම නිසා නරේන්ද්‍රට සහ බහමාස් පිලට හැකිවුණේ තරඟ දෙකකින් පමණක් සෑහීමකට පත්වන්න යි.

© Narendra Ekanayake
2013 වසරේ දී නරේන්ද්‍ර ක්‍රිකට් දිවියට සමුදෙන අතර ඉන්පසු 2015-2016 අතර කාලය තුල ඇමෙරිකානු ක්‍රිකට් හා අනුබද්ධිත විනිසුරුවරයෙක් ලෙස තේරී පත්විය.


17.05.2017
aq photo 635339848091716130317_zps7olcilbi.png


Sunday, May 14, 2017

ක්‍රිකට් තරඟ තුල වෙනස්ම උපක්‍රම භාවිතා කරපු ක්‍රීඩකයෝ

බොඩිලයින් - ඕස්ට්‍රේලියානුවන් මට්ටු කල ඩග්ලස් ජාඩින් ගේ උපක්‍රමය ලෙස මෙය සැලකිය හැකි ය. එංගලන්ත නායක ජාඩින් ගේ උපදෙස් අනුව හැරල්ඩ් ලාවුඩ් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ගේ ශරීරය එල්ල කරමින් බවුන්සර් පන්දු යවන ලද්දේ පා ඉන්න ප්‍රදේශයේ පන්දුරකින්නන් ස්ථානගත කරමිනි. එමගින් එවකට හිස් ආවරණ පවා නොමැතිව ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්දමන්ද කරමින් වැඩි උඩපන්දු ප්‍රමාණයක් රැකගැනීමට ඔවුන්ට හැකිවිය. මෙම තරඟාවලියෙන් අනතුරුව බොහෝ නීති නැවතත් සංශෝධනයට ලක් කරන්නට බලධාරීන්ට සිදුවිය.


බොඩිලයින්
ග්‍රෙග් චැපල් සහ ට්‍රෙවර් චැපල් - 1981 බෙන්සන් සහ හෙජස් තරඟාවලියේ දී නවසීලන්තයට තරඟය ලකුණු සමවිමකින් නිම කිරීමට නම් අවසන් පන්දුවට ලකුණු 6ක් රැස්කරගත යුතුව තිබිණ. නමුත් නායක ග්‍රෙග් චැපල් එවකට MCC නීතියට පටහැනි නොවන ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිතම අවස්ථාවක් උපයෝගී කරගනිමින් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය. ඔහුගේ සහෝදරයා වන ට්‍රෙවර් චැපල් ට පන්දුව තණතිල්ල මත යැවෙන පරිදි උරහිසට පහලින් පන්දුව යවන ලෙස උපදෙස් ලබාදුන් අතර එය එලෙස සිදුවිය. වඩාත් කතාබහට ලක්වූ අවස්ථාවක් ලෙස සැලකෙන මේ නීතිවිරෝධී නොවන පන්දු යැවීම එයින් පසු MCC යෙන් තහනම් කරන ලදී.


© Daily Mail
මන්කාඩ් - නීතිවිරෝධී නොවුනත් වඩාත් කතාබහට ලක්වූ දැවියාම් ක්‍රමයක් ඇත්තේ නම් ඒ මන්කාඩ් ය. පන්දු යවන අතරතුර දී පන්දුයවන අන්තයේ පිතිකරු අනවශ්‍ය ලෙස සිමා ඉර පසුකර ඉදිරියට යාම අවස්ථාවක් කරගත් ඉන්දියාවේ විනෝ මන්කාඩ් 
ඕස්ට්‍රේලියාවේ බිල් බ්‍රවුන් දවා ගැනීමට සමත් විය. එම අවස්ථාව මන්කාඩ් කිරීමක් ලෙස නම් වූ අතර MCC නීති පොත ට අනුව එයට තහංචියක් ද නොමැත. මෑතක දී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවා ගැනීම මෙයට තවත් හොඳ නිදසුනකි. 


මන්කාඩ් කිරීම - © Wisden India
කඩුලු රකින්නෙක් නොමැතිව ක්‍රීඩා කිරීම - 2015 වසරේ දී පැවති නැට්වෙස්ට් 20යි 20 තරඟාවලියේ වොර්සෙස්ටර්ශයර් සහ නොර්තැම්ප්ටන්ශයර් (නෝතන්ට්ස්) කණ්ඩායම් අතර තරඟයේ දී ලකුණු 212ක ඉලක්කයක් හඹායමින් සිටි නෝතන්ට්ස් කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ ලකුණු 145/2ක් ලෙස ප්‍රබල තත්වයක පසුවන විට වෝර්සෙස්ටර්ශයර් පිලේ කඩුලු රකින්නා වූ බෙන් කොක්ස් අත් ආවරණ ඉවත් කර ස්ලිප් ප්‍රදේශයේ ස්ථානගත විය. ඒ අනුව 16 වන පන්දුවාරය යැවූ මොයින් අලි ගේ සහයට කඩුලු රකින්නෙක් නොමැති විය. අවසන් පන්දුවාර තුල පිත්තේ වැදී පසුපසට යන හතරේ සංඛ්‍යාව අවම කරගැනීමට දැරූ උත්සාහය සාර්ථක විය. 


කඩුලු රකින්නෙක් නොමැතිව - © Ciaran Thomas
කඩුලු රකින්නා හතරේ සීමාව අසලට යැවීම - 1972 ජෝන් ප්ලේයර් ලිග් තරඟාවලියේ වෝර්වික්ෂයර් නායකයා වූ මයික් ස්මිත් එම කණ්ඩායමේ කඩුලු රකින්නා හතරේ සීමාව අසලට ගොස් පන්දුරකින ලෙස උපදෙස් ලබාදුන්නේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය ස්ථිර කරගැනීම උදෙසා යි. එමෙන්ම ඉන් වසර 7 කට පසු 1979 දී දිවා රාත්‍රී තරඟයක දී එංගලන්ත නායක මයික් බ්‍රියර්ලි කඩුලු රකින්නා වූ ඩේවිඩ් බෙයර්ස්ටෝව් හට උපදෙස් ලබාදුන්නේ ද එලෙසමයි. ඒ කොදෙව්වන්ට ලකුණු 3ක් අවසන් පන්දුවේ දී ලබාගත යුතුව තිබු හෙයින්. ඒ අනුව එංගලන්තයට ලකුණු දෙකක තියුණු ජයක් හිමිවිය. 


එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට නායකයෙකු වන මයික් බ්‍රියර්ලි - © The Week
පිතිකරණ ලැයිස්තුව උඩ යට මාරු කිරීමපන්දුයවන්නන් හට මුල් පෙළ පිතිකරුවන් ලෙස පන්දුවට පහරදෙන්නට අවකාශය ලබා දී ප්‍රබල පිතිකරුවන් අවසානයට පැමිණීම යන ක්‍රමය ඉතාමත් පැරණි එකක්. මෙය මුලින්ම සිදුකලේ නිව් සවුත් වේල්ස් නායක සහ ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙක් වන වික්ටර් ට්‍රම්පර් ය. මෙම අවස්ථාවේ දී සියලුම පන්දුයවන්නන් මුල්පෙළ පිතිකරුවන් ලෙස නොපැමිණියත් 1937 වර්ෂයේ අළුබඳුන තරඟාවලියේ මෙල්බර්න් හි පැවති තරඟයේ දී එවකට ඕස්ට්‍රේලියානු නායක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඔහුගේ පිලේ සියලුම පන්දුයවන්නන් මුලින් පහරදෙන්නට සලසා දීමට වගබලාගන්නා ලදී. 


බ්‍රැඩ්මන් - © The Guardian
නායකයා වෙනුවට - 2012 වසරේ පැවති 20යි 20 ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තය හා පැවති තරඟයේ දී කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටියට පැමිණියේ නිත්‍ය නායක මහේල ජයවර්ධන වෙනුවට කුමාර් සංගක්කාර යි. සංගක්කාර එයට හේතුව මහේල පිට පිට කාසියේ වාසිය උරගා බැලීම් තුනක් අසාර්ථක වූ නිසා ලෙස පැවසුවත් නියම හේතුව එය නොවේ. එයට පෙර පැවති තරඟයේ දී අඩු පන්දුවාර ප්‍රමාණයක් නියමිත කාලය තුල යැවීම නිසා තවත් තරඟයක දී එලෙසම සිදුවුවහොත් ඉදිරි තරඟ අහිමි වීමේ අවධානමක් මහේල ට මුහුණදෙන්නට සිදුවිය. එය වැලැක්වීම සඳහා සංගක්කාර තාවකාලිකව නායකයා ලෙස පත්වූ අතර මෙය ද දැඩිසේ කතාබහට ලක්වූ අවස්ථාවක් විය.


මහේල වෙනුවට සංගා - © Getty Images
පොලාර්ඩ් ගේ කෙටි ලකුණ - මුම්බායි ඉන්ඩියන්ස් පිල සහ කිංග්ස් පන්ජාබ් පිල (2017) අතර පැවති තරඟය අතරතුර තීරණාත්මක අවසන් ඕවර කිහිපය දෙපිලටම වැදගත් විය. පොලාර්ඩ් එක අන්තයක් රැකගෙන සිටියද අනෙක් අන්තයෙන් පිතිකරුවන් එකිනෙක දැවී යන්නට පටන් ගත අතර අංක 8 පිතිකරු ලෙස හර්බජාන් සිං පැමිණියේ ය. එහෙත් ඔහු විශ්වාසදායි පිතිකරුවෙකු නොවන බැවින් පොලාර්ඩ් සෑමවිටම පිතිකරණ අන්තයේ සිටීමට වගබලා ගත්තේ ය. කෙසේ වෙතත් මොහිත් ශර්මා විසින් යැවූ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේ දී ලකුණු 16ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු මොහොතක පොලාර්ඩ් ලකුණු දෙකක් සඳහා පැති මාරුකරගත් නමුත් විනිසුරු විසින් එයින් එක ලකුණක් කපා හැරියේ ඔහු පිත්ත නියමිත අයුරින් සිමා ඉර මත ස්ථානගත නොකිරීම හේතුවෙනි. කෙසේ වෙතත් ඔහු නියමිත අයුරින් පිත්ත ස්ථානගත කලේ නම් ඔහු දුවද්දී දැවී යාමකට හසුවීමේ අවධානමක සිටි අතර එමෙන්ම ඔහු දැවී ගියේ නම් මුම්බායි ඉන්ඩියන්ස් පිලේ පරාජය නියත බැවින් අවස්තානුකුලව ඔහු එවැන්නක නිරත විය. MCC නීති පොතට අනුව මෙවැන්නක් නොනවත්වා කරන්නේ නම් විනිසුරුට අවවාද දීමටත් නොඑසේ නම් පන්දු රකින කණ්ඩායමට අමතර ලකුණු 5ක් ලබා දීමටත් හැකිය. මේ එලෙස සිදුවූ ප්‍රථම අවස්ථාව නොවේ. 1970 දශකයේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් හුක්ස් ෂෙෆීල්ඩ් ශිල්ඩ් තරඟාවලියේ දී පසුපෙළ පිතිකරුවන් සමඟ මේ අයුරින් ක්‍රීඩා කලේ සෑම පන්දුවකටම මුහුණ දීමටත්, පසුපෙළ පිතිකරුවන් දැවී යාමෙන් වලක්වා ගැනීම උදෙසායි. කෙසේ වෙතත් විනිසුරු අවවාද කිරීම හේතුවෙන් ඔහුට එය නවත්වන්නට සිදුවිය.


කෙටි ලකුණ - © Indian Premier League - Sony
හිස් ආවරණය සහ බෝනස් ලකුණු 5 - නිත්‍යානුකුල පන්දුවක දී පන්දුරකින කණ්ඩායම විසින් පිටියේ තබා ඇති හිස් ආවරණය හෝ වෙනයම් උපකරණයක පන්දුව වැදුනේ නම් අමතර ලකුණු 5ක් පිතිකරණ කණ්ඩායමට හිමි වේ. මිඩ්ල්සෙක්ස් නායක මයික් බ්‍රියර්ලි වරක් ප්‍රතිවාධි පිල වූ යෝර්ක්ෂයර් පිල ඔවුන් ලබාදුන් ඉලක්කය හඹායාමට මැලිකමක් දක්වමින් ආරක්‍ෂිත ව පන්දුවට පහර දෙන බව දැක ෂෝර්ට් මිඩ් විකට් ප්‍රදේශයේ පන්දුරකින්නා ස්ථානගත කිරීම වෙනුවට හිස් ආවරණය පිහිටුවා පිතිකරුවා ට එයට පහරක් එල්ලකර අමතර ලකුණු 5 රැස්කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලදී. පිතිකරුවා එවැන්නකට උත්සහ කර අසාර්ථක වීමේ සම්භාවිතාවය ඉහල යා හැකි බැවින් උඩපන්දු රැකගැනීම සඳහා පන්දුරකින්නන් ද නියමිත අයුරින් ස්ථානගත කලේ ය. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව MCC නීති සංශෝධනයක් සිදුවිය. එනම් පන්දුරකින්නන්ගේ හිස් ආවරණ භාවිතා නොකරන්නේ නම් කඩුලු රකින්නා පසුපස පිහිටුවිය යුතුයි යන්න යි. 


© Getty Images
නියමිත ඕවර් ප්‍රමාණය ඉක්මනින් යැවීම - 2007 පැවති යෝර්ක්ෂයර් සහ සසෙක්ස් අතර තරඟය වර්ෂාවෙන් බාධා එල්ලවන්නට පටන් ගත්තේ තරඟය අතරතුරදිමයි. යෝර්ක්ෂයර් කණ්ඩායම ට පරාජය කෙසේ වෙතත් නියමිත පන්දු ඕවර ප්‍රමාණය ඉක්මනින් යැවිය යුතුව තිබුණි. ඒ ඔවුන් ඒ වන තෙක් රඳවා සිටි අඩු පන්දුවාර වේගය නිසාවෙන් එම තරඟය සඳහා හිමි ලකුණු ප්‍රමාණය අඩු වීමේ අවධානමක් පැවති හෙයිනි. ඒ අනුව ඔවුන් ඕවර 5.2ක් මිනිත්තු 8ක් ඇතුලත යැවීමට හැකිවිය. එයින් ඕවර 4ක් පකිස්තානයේ යුනුස් ඛාන් යැවූ අතර, එක් ඕවරයක් තත්පර 35න් අවසන් විය. එය පන්දුයවන්නෙක් අඩුම කාලයක් තුල යැවූ පන්දුවාරය ලෙසට ද සලකනු ලබයි. 


යුනුස් ඛාන්, යෝර්ක්ෂයර් පිල නියෝජනය කරමින් - © Espn Cricinfo

කාලය අපතේ යැවීමට සැලැස්වීම - 1967 වර්ෂයේ දී යෝර්ක්ෂයර් නායක බ්‍රයන් ක්ලෝස් වෝර්වික්ෂයර් පිලට එරෙහිව පරාජය වීම වැලැක්වීම උදෙසා අසීමිත ලෙස අවසන් හෝරාව අපතේ යවන ලදී. මේ හේතුව නිසාම ඔහුට එංගලන්ත නායකත්වය ද අහිමි වූ අතර අවසන් පැය තුල යැවිය යුතු නියමිත පන්දුවාර ගණනක් ද සම්මත කරන්නට MCC ට සිදුවිය. මිටආසන්නතම සිදුවීම් රැසක් පසුගිය දශක දෙක තුල දීම වාර්තා විය. 2001 වසරේ දී කොදෙව්වන් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පිතිකරණයේ යෙදෙද්දී පරාජය වීම වැලැක්වීම උදෙසා පිතිකරු දීනානාත් රම්නරයින් ආබාධයකට ලක්වීම. ඇන්ජෙලෝ මැතිව්ස් ගේ ක්‍රියාකලාපය පකිස්තානුවන්ට එරෙහිව. දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහිර් ශ්‍රී ලංකාවට එරෙහිව ආබාධයකට ලක්වූ බව හඟවා කාලය අපතේ යැවීමට සැලැස්වීම මිට හොඳම නිදසුන් වේ.


ඉම්රාන් තාහිර් ශ්‍රී ලංකාවට එරෙහිව - © the Guardian
සුරාජ් රන්දිව් සහ නිපන්දුව - මෙය දැඩිසේ විවේචනයට බඳුන් වූ සිදුවීමකි. ජයග්‍රහණය සඳහා එක ලකුණක් අවැසිව තිබු මොහොතක දී පිතිකරණ අන්තයේ නොදැවී ලකුණු 99ක් ලබා සිටි ඉන්දියාවේ විරේන්දර් සෙවාග් ගේ ශතකය අහිමි කරවමින් නිපන්දුවක් යැවීමට සුරාජ් රන්දිව් ට සිදුවුයේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින්ගේ අනුදැනුම මතයි. මෙය නීතියට පටහැනි නොවුනත් ක්‍රීඩාවේ ජිවගුනයට දැඩි පහරක් විය. 

සුරාජ් රන්දිව් යැවූ නිපන්දුව - © Outlook India

කාර්මොඩි පන්දු රැකීම - කඩුලු රකින්නා අසල ස්ලිප් ක්‍රීඩකයින් 7ක්, 8ක් හෝ 9ක් යෙදවීම කාර්මොඩි පන්දු රැකීමේ ක්‍රමය ලෙස හඳුන්වයි. කුඩයක් අයුරින් ඉතා අලංකාර පන්දු රැකීම් අවස්ථාවක් වුවත් මෙම ක්‍රමය දක්ෂ පිතිකරුවෙකුට නම් කිසි ලෙසකටවත් ක්‍රියාත්මක නොකළ යුතුය. බොහෝ විට කණ්ඩායමේ දුර්වලම ක්‍රීඩකයා අපහසුතාවයට ලක්කරන්නට මේ ක්‍රමය භාවිතා කරයි. 


කාර්මොඩි පන්දු රැකීම - © Getty Images
පන්දුයවන්නා/පිතිකරුවා අන්දමන්ද කිරීම - 2014 IPL තරඟාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයා වූ ඇන්ඩි රසල් රාජස්තාන් රෝයල්ස් පිතිකරු ෂේන් වොට්සන් වෙත නොසිතු අයුරකින් පන්දුව යොමුකරන ලද්දේ අපුරු ඉරියව්වකිනි. විනිසුරු එය ලකුණු රහිත නිත්‍යානුකුල පන්දුවක් ලෙස සැලකීමෙන් විශ්මිත වූ වොට්සන් එය නිෂ්ඵල පන්දුවක් ලෙස සැලකිය යුතු බවට තර්ක කල නමුත් අසාර්ථක විය. මෙවැන්නක් එංගලන්ත ආබාධිත පිල පකිස්තානු ආබාධිත පිලට එරෙහිව පැවති තරඟයේ දී වෙනස් අයුරකින් සිදුවිය. මෙම අවස්ථාවේදී එංගලන්තයේ හියුගෝ හැමන්ඩ් පිතිකරුවා පන්දුයවන්නා ගේ මනස වියවුල් කරමින් පිත්ත, අසිපතක් වනන්නාසේ කරකවා පිතිකරණයේ යෙදීන. මේ දෙආකාරයම නීතිවිරෝධී නොවේ. 


© Indian Premier League - Sai Chand

කඩුලු රකින්නා, දඟ පන්දුවට එරෙහිව අඩි කිහිපයක් පසුපසින් - ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි , කඩුලු රකින්නෙක් මෙන්ම නායකයෙක් ලෙස සුවිශේෂී දක්ෂතා නිරුපනය කල ක්‍රීඩකයෙකි. එංගලන්තයට එරෙහිව 2014 වසරේ දී පැවති ලෝර්ඩ්ස් ටෙස්ට් තරඟයේ 5 වන දිනයේ දී පන්දුව අසීමිත ලෙස දඟ කැවීමටත් , කෙටි පන්දු යැවීමටත් පහසු බැව් වටහාගත් දෝනි කඩුල්ල අසලින් අඩි කිහිපයක් පසුපසට ගොස් පන්දුරකින්නට විය. එය සාර්ථක විය. මෙය අනුකරණය කරමින් ඕස්ට්‍රේලියාවේ මැතිව් වේඩ් ද මෙවැනි කඩුලු රැකිමක නිරත වුයේ ඉන්දියාවට එරෙහිවයි. 




මඳ වේග පන්දු යවන්නා ට සහය පිණිස කඩුල්ල අසල - මෙය වර්තමානයේ නිතරම දැකිය හැකි උපක්‍රමයක් වුවත් මෙය වඩාත් ප්‍රචලිත කලේ කුමාර් සංගක්කාර යි. ඒ චමින්ද වාස් ගේ මඳ වේග පන්දුවට ඉක්මනින් ක්‍රියාත්මක වීම සඳහා කඩුල්ල අසල රැකීමයි. මෙය ඉතාමත් සාර්ථක විය. සංගක්කාර 2007 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී කොදෙව් පිතිකරු බ්‍රයන් ලාරා ගේ ස්ටම්ප් කිරීම මෙයට හොඳම උදාහරණය යි. එමෙන්ම 2005 
වර්ෂයේ දී පැවති දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර තරඟයේ දී එංගලන්තයේ ග්‍රාන්ට් ජෝන්ස් විසින් ඇන්ඩි හෝල් ස්ටම්ප් කිරීමට ලක් කර තරඟය ලකුණු සමවිමකින් අවසන් කිරීමට සමත් වීමත් මෙවැනිම අවස්තාවක ප්‍රතිපලයකි.

© Jrules15


© WTF Cricket Moments
ෂෝර්ට් තර්ඩ් ස්ලිප්  - වේග පන්දුයවන්නන් ගේ කෙටි පන්දුවට පිතිකරුගේ පිත්තේ යන්තම් දැවටී කඩුල්ල ආසන්නයේ පතිත වන බව දැක එංගලන්තයේ ඇලෙස්ටයාර් කුක් තීරණය කලේ තර්ඩ් ස්ලිප් පන්දුරකින්නා කඩුල්ල ආසන්නයට ගෙන ඒමයි. ඒ අනුව ජෝ රූට් ට එම ස්ථානයේ පන්දුරකින්නට සිදුවෙන්නේ 2015 වසරේ එංගලන්තයේ පැවති අළු බඳුන තරඟාවලියේ දී ය. 


රූට්, ෂෝර්ට් තර්ඩ් ස්ලිප් ප්‍රදේශයේ සිට - © Sportskeeda
විලියම්සන් සහ ෂෝර්ට් සිලි මිඩ් ඕන් - මේ වසරේ මුල් භාගයේ දී පැවති ඔස්ට්‍රේලියාව සහ නවසිලන්ත එක්දින තරඟාවලියේ දී මාර්ක් ස්ටෝයිනිස් නොදැවී ලකුණු 146ක් රැස්කරමින් අනගි ඉනිමක් දියත් කරමින් සිටිය දී 47 වන පන්දුවාරයේ දී නායක විලියම්සන් පිතිකරණයේ නොයෙදෙන අන්තයේ පිතිකරුවා අසල ස්ථානගත විය. එය සම්මත පන්දුරකින කලාපයක් නොවුනත් ස්ටෝයිනිස් එක ලකුණක් සඳහා පැති මාරුකළ හැකි බව වටහාගත් විලියම්සන් එම ස්ථානයේ සිට සහය පිතිකරුවා දුවද්දී දැවියාමකට හසුකර ජයග්‍රහණය කරා ගෙන ගියේ ය. 


විලියම්සන් ක්‍රියාත්මක වීම - © ESPN cricinfo
පන්දුයවන්නා පසුපස පන්දුරකින්නෙක් - මෙයත් ඉතාම දුර්ලභ අවස්ථාවක්. පිතිකරුවා විශාල පහරකට යාමට සලස්වා උඩපන්දු ලබාගැනීමයි මෙහි අරමුණ. මෙවැනි අවස්ථාවක් ශ්‍රී ලංකාව ද එක්තරා තරඟයක ක්‍රියාත්මක කල අතර මෑතක දී නම් ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් පකිස්තානුවන්ට එරෙහිව මෙවැන්නක් ක්‍රියාත්මක කලේ ය. 


© Fox Sports
ප්‍රතිවාධින් මානසිකව බිඳ වැට්ටීම - මෙයට හොඳම නිදසුන 1986 මදුරාසියේ (වර්තමානයේ චෙන්නායි) චෙපොක් හි පැවති ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර වාර්තාගත ලකුණු සමවිමේ ටෙස්ට් තරඟය ගෙන හැර දැක්විය හැක. ඕස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස් ගේ විශිෂ්ට ද්විත්ව ශතකය මෙම තරඟයේ සුවිශේෂීම ඉනිම විය. කෙසේ වෙතත් ඔහු මේ ඉනිම දියත් කලේ සෙල්සියස් අංශක 42 ක උණුසුම් කාලගුණයක් පැවති අවස්තාවක දී ය. ජෝන්ස් එම ඉනිම දියත් කලේ ද වමනය කරමින් සහ අධික ලෙස වෙව්ලිමකට භාජනය වෙමින් දැඩි සේ රෝගී වූ ක්‍රීඩකයෙක් ලෙස යි. ඩේවිඩ් බුන් පවා පිතිකරණයේ යෙදී ක්‍රීඩාගාරයට යන අවස්ථා තුල දී ඔහුගේ සපත්තු කුට්ටම් දාඩියෙන් පිරි තිබු බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම තරඟය ඔවුන් අත්හැර දැමීමට ද සුදානම් වුයේ නෑ. ඒ අනුව ග්‍රෙග් මැතිව්ස් , ඕස්ට්‍රේලියානු පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයා පිටියට පන්දුරකින්නට පැමිණෙන්නේ ශීතල කාලගුණයට ඔරොත්තු දෙන කබා දෙකක් ම හැඳ තොප්පියක් ද පැළඳ යි. 


© CricTracker

බේල්ස් ඉවත් කිරීම - 2004 කොළඹ දී පැවති ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය අතරතුර ශ්‍රී ලංකා නායක හෂාන් තිලකරත්න පිතිකරණයේ යෙදෙද්දී ජස්ටින් ලැන්ගර් විනිසුරුවරුන් ට පවා නොපෙනෙන සේ බේල්ස් ඉවත් කර , එය පිතිකරුවා ගේ පිත්ත හෝ ශරීරය ස්පර්ශ වීම නිසා හිට් විකට් දැවියාමකට ඉල්ලීමක් කලත් විනිසුරුවරුන්, දර්ශනපට ඇසුරෙන් ලැන්ගර් ගේ ක්‍රියාව තහවුරු වීම නිසා ඔවුන්ගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලදී. 


© robelinda2

පන්දුරකින්නන් පිතිකරුවා මුලාවට පත් කිරීම - අන්තර්ජාතික ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආර්නල්ඩ් මෑතකදී ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් කල සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන් සිලි පොයින්ට්, ෂෝර්ට් ලෙග් යන ස්ථාන තුල පන්දුරකින විට පිතිකරුවන් මුලාකළ අන්දම හෙළි කලේ ය. පිතිකරුවා ආර්නල්ඩ් සිටින දෙසට පහරක් එල්ල කල විට ඔහු එය ගැනීමට ඈලි මෑලි වීමෙන් පිතිකරුවා ලකුණක් සඳහා පැති මාරුකරන්නට උත්සහ දරන බවත්, ඒ අතරතුර ආර්නල්ඩ් වෙනුවට වෙනත් පන්දුරකින්නෙක් ඉක්මනින්ම පන්දුව ගෙන ඔවුන් දුවද්දී දැවී යාමකට හසු කිරීම ද පන්දුව ඔවුන් වෙත පැමිණි අවස්තාවක ආබාධයකට ලක්වුවෙකු සේ පිතිකරුවා මුලා කොට ඉක්මනින් පන්දුව ගෙන දුවද්දී දැවී යාමකට හසු කිරීම, එමෙන්ම පා ආවරණයේ වැදෙන සෑම අවස්තාවක දී ම විනිසුරු වෙත ඉල්ලීම් කිරීම වැනි අපුරු උපක්‍රම භාවිතා කල බව හෙළි කළේය.


© Getty Images
ලිලී සහ ඇළුමිනියම් පිත්ත - ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී වේග පන්දුයවන්නෙකු මෙන්ම ඉතා මුරණ්ඩු ක්‍රීඩකයෙක් ලෙස ප්‍රචලිත යි. 1979/80 අළු බඳුන තරඟාවලියේ දී පර්ත් පිටියට ඇළුමිනියම් පිත්තක් ගෙන පිතිකරණයේ යෙදුනත් පන්දුව පළුදු විය හැකි බවට ප්‍රතිවාධින් වූ එංගලන්ත පිල විනිසුරුවරුන්ට චෝදනා කල අතර ඔහුට ඉන් පසු එම පිත්ත භාවිතා නොකරන ලෙසට ද අවවාද ලැබිණ. මෙම සිදුවීමෙන් අනතුරුව පිත්ත පිලිබඳ නීති සංශෝධනයකට ලක්විය.


© Getty Images
ෆැෆ් , වෝර්නර් ගේ පැමිණීම වැළක්වීම - 2016 දී පැවති ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලියේ 3 වන තරඟය වන විට දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරඟ 2 ම ජයග්‍රහණය කර තරඟාවලි ජයග්‍රහණය ද ස්ථිර කොට ගෙන සිටියෝ ය. දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලේසිස් නොදැවී ලකුණු 118ක් රැස්කරගෙන සිටි අවස්ථාවක සහ අප්‍රිකානුවන් කඩුලු 9 කට ලකුණු 259ක් රැස්කරගෙන සිටි අවස්ථාවේ දී ඉනිම අත්හිටුවන්නට තීරණය කලේ ය. ඊට හේතුව වුයේ ඉන් ස්වල්ප මොහොතකට පෙර ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පිටියෙන් ඉවත් වීම නිසා ඔහුට ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණීම වැලැක්වීම උදෙසා යි. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ලෙස පැමිණි උස්මාන් කවාජා විශිෂ්ට ශතකයක් රැස්කර ඔස්ට්‍රේලියාව ජය ටැඹ කරා ගෙනයාමට සමත් විය.


වෝර්නර් හට ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණිය නොහැකි බව විනිසුරු කෙට්ල්බරෝ පැවසීම - © Fox Sports
බොයිකොට් දැවියාමට සැලැස්වීම - එංගලන්තයේ ජෙෆ්රි බොයිකොට් යනු අවිවාදයෙන්ම ඔවුන් ගේ කණ්ඩායම නියෝජනය කල දක්ෂතම පිතිකරුවන් ගෙන් අයෙකි. කෙසේ වෙතත් ඔහු වඩාත් ප්‍රචලිතව සිටියේ සෙමින් ඉනිම ගොඩනැගීම නිසාවෙනි. මේ නිසාම එංගලන්තය ජයග්‍රහණ කෙසේවෙතත් ජය පරාජයකින් තොරව ටෙස්ට් තරඟ නිම වීමෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය. 1978 ක්‍රයිස්චර්ච් හිදී පැවති ටෙස්ට් තරඟයේ දී දැවී යාමකින් අනතුරුව පිටියේ සිටි නායක බොයිකොට් සමඟ එක්වීමට නවක පිතිකරු ඉයන් බොතම් පැමිණියේ උප නායක බොබ් විලිස් ගේ විශේෂ සහ රහසිගත දැනුම්දීමක් සමඟයි. ඒ වනවිට එංගලන්ත කණ්ඩායමේ බොයිකොට් හැර අන් සියල්ලන්ම ඔහුගේ ඉනිම් ඉතා සෙමින් සිදුවනවාට අකමැති වූ බැවින් විලිස් අපුරු උපක්‍රමයක් දියත් කලේ බොතම් හරහා ය. එනම් බොයිකොට් දුවද්දී දැවී යාමකට හසුකරවිම යි. එය එසේම සිදුවූ අතර බොතම් සහ බොයිකොට් අතර බොහෝ කාලයක් යන තුරු සිතල යුද්ධයක් ද පැවතීමට එය හේතු සාධකයක් විය. 


© Robelinda2


14.05.2017


Credits to all SM friends for suggestions.


Friday, May 12, 2017

First in ODI cricket for Sri Lanka - Milestones List

Sri Lanka played their first ODI in 1975 against West Indies in England during inaugaral cricket world cup. Lets have a look at some of milestones Sri Lankans achieved as a team and as an individual.

Credits -  cricketique.wordpress.com

Team

First ODI 
vs West Indies at Old Trafford, Manchester. West Indians won this match by 9 wickets. Lankans were dismissed for just 86 runs thanks to most feared bowling attack in the world. Bernard Julian took 4 wickets for just 20 runs. 3 wickets for Boyce and 2 for "The Hitman" Andy Roberts. 

First Win
First ever win by Sri Lanka registered when they played against India in 1979 Cricket World Cup. It was the first time when an associate country won a match against a test nation.

First Abandoned match
Sri Lanka played their 2nd ODI vs West Indies in 1979 at Kennington Oval. Match was abandoned due to heavy rain.

Batting

First ball
First ball faced by Former International Cricket Commentator Ranjit Fernando who was the wicket keeper and opener of Sri Lanka in 1975.

First Wicket 
First batsman to be dismissed was Ranjit Fernando. Julien was the wicket taker. 

First Run
First run in ODIs scored by Ranjit Fernando.

First Four
First Four was hit by Bandula Warnapura vs West Indies in 1975.

First Six
First Six was hit by Duleep Mendis vs India in 1979.

First Duck
Anura Tennakoon against West Indies in 1975.

First Golden Duck
Vinothen John against England in 1983 at Taunton.

First Diamond Duck
Champaka Ramanayake against New Zealand in 1985 at R.P.S.

First 50
Sunil Wettamuny's unbeaten 53 against Australia in 1975 was the first 50 by a Sri Lankan. He was retired out due to an injury caused by Jeff Thomson's bowling. 

First 100
Roy Dias was the first Sri Lankan to score an ODI 100. He achived this feat in 1982 vs India at Feroz Shah Kotla.

First 150
"Master Blaster" Sanath's epic unbeaten 151 against India at Wankhede stadium in 1997 was the first instance of a 150 by a Sri Lankan in ODIs. 

First batsman to be dismissed on 99
Romesh Kaluwitharana was the first Sri Lankan to be dismissed on 99 in ODIs. He was clean bowled by Zimbabwean pacer Henry Olonga at Harare in 1999.

First batsman to be dismissed on 49
Roy Dias was the first Sri Lankan to be dismissed on 49 in ODIs. 

First batsman to be dismissed CAUGHT was Ranjith Fernando vs West Indies in 1975

First batsman to be dismissed BOWLED was Anura Ranasinghe vs West Indies in 1975

First batsman to be dismissed LBW was Anura Tennekoon vs Pakistan in 1975

First batsman to be dismissed RUN OUT was Sunil Jayasinghe vs New Zealand in 1979

First batsman to be dismissed STUMPED was Bandula Warnapura vs Australia in 1975

First batsman to be dismissed HIT WICKET was Roy Dias vs England in 1982

Bowling

First wicket
The first wicket was taken by D.S. De Silva who took the wicket of Roy Fredericks (WI) in 1975.

First to take 3 wickets was Bandula Warnapura against Pakistan in 1975 at Nottingham.

First to take 4 wickets was Asantha de Mel against England in 1982 at SSC.

First to take 5 wickets was Asantha de Mel against Pakistan in 1983 at Leeds.

First to take 6 wickets was Sanath Jayasuriya against England in 1993 at Moratuwa.

First to take 7 wickets was Muttiah Muralitharan against India in 2000 at Sharjah.

First and Only bowler in the world to take 8 wickets was Chaminda Vaas against Zimbabwe in 2001 at SSC.

First Hatrick
First Sri lankan to take a hatrick in ODIs is Chaminda Vaas against Zimbabwe in 2001.

5 wickets on debut
Uwaisul Karnain is the first bowler to take 5 wickets on his debut in 1984 against New Zealand at Moratuwa. 

First Maiden
D.S. De Silva's spell against West Indies included a maiden as well. It was the first maiden by a Sri Lankan in ODIs.



aq photo 635339848091716130317_zps7olcilbi.png

Monday, May 8, 2017

Bails were glued or What ?

I got this interesting news via twitter. In a club cricket match in Australia, bowler's delivery dislodged the middle stump but not the bails. However batsman was given out by the umpire. Now lets see what MCC rules say about such cases 😉💭 

Law 28 (The Wicket Is Down) 

1. Wicket put down

(a) The wicket is put down if a bail is completely removed from the top of the stumps, or a stump is struck out of the ground
(Reference : MCC (2013). "Laws of cricket", www.lords.org )


Credits to the Photographer 

Few months back another such incident happend in Australia in an Under 17 Geraldton Junior Cricket Association match between Towns CC and Bluff Point/Champan Valley. Batsman was given out but the scenario was totally different. Stumps didn't dislodge but the bail slightly moved aside and settled in the groove.

What about this 😁 >



Credits - www.cricket.com.au
According to law batsman should have batted but he was unlucky. 

Cricket is a funny game..........


aq photo 635339848091716130317_zps7olcilbi.png
08.05.2017