Sunday, September 27, 2015

Frank 'Typhoon' Tyson (1930 - 2015)





1950 - 1970 දශක දෙක අතර කාලය තුල සිටි වේගවත්ම පන්දුයවන්නෙක් ලෙස සැලකු එංගලන්තයේ ෆ්‍රෑන්ක් ටයිසන් නමැති අසාහය ක්‍රීඩකයා අද දහවල් මිය ගිය බවට ගොල්ඩ්කොස්ට් හි රෝහලකින් වාර්තා විය. ටෙස්ට් තරඟ 17කට පමණක් ක්‍රීඩාකළ නමුත් කඩුලු 76 ක් දවාගත් ඔහුගේ පන්දුයැවීමේ සාමන්‍යය 18.56ක් වැනි විශිෂ්ට අගයක් වීම ඔහුගේ පන්දුයැවීමේ හැකියාව පැහැදිලි කරයි. ෆ්‍රෑන්ක් ටයිසන් යන නාමයට වඩා ඔහුට පටබැඳි 'ටයිෆූන්' හෙවත් සුළි සුළඟ යන්න වඩාත් ප්‍රසිද්ධ වූ එකක් විය.

ඔහුගේ ක්‍රිකට් දිවියේ වඩාත් සුවිශේෂිතම වසර වුයේ 1954/55 අළුබඳුන තරඟාවලියයි. එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවෙදීම ටෙස්ට් තරඟාවලි ජයක් ලබාදීමේ පුරෝගාමී වූ පන්දුයවන්නා වුයේ ඔහුයි.

ටයිසන් පන්දු යැවීම සඳහා දිව ආ දුර ප්‍රමාණය කෙටි කරගැනීමෙන් පසු ඔහුගේ පන්දුයැවීම් පෙරටත් වඩා භයානක වූ අතර ඔහුගේ ටෙස්ට් දිවිය තුල යැවූ හොඳම පන්දුයැවීම වාර්තා වුනේ ද ඉන් පසුවයි. සිඩ්නි හිදී කඩුලු 10ක් බිඳ දැමු ටයිසන් මෙල්බර්න් හිදී තවත් කඩුලු 9ක් දවාගන්න සමත් විය. එයට ඔහුගේ පන්දු යැවීම වූ 7/27 ද ඇතුලත්විය. එම පන්දුයැවීම සියැසින් දැකගත් ප්‍රේක්ෂකයින්, විචාරකයින් පවසන්නේ එතෙක් මෙතෙක් ටෙස්ට් තරගයක පන්දුයවන්නෙක් යැවූ වේගවත්ම පන්දු ඕවර කිහිපය අතරින් එකක් ලෙසයි.



ටයිසන් එවකට සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ද දෙවරක් තරඟ කර ඇති අතර එම දෙවාරයේම ඔහු නියෝජනය කලේ සුප්‍රකට MCC පිලයි.

1954 - at Colombo Oval
http://cricketarchive.com/Archive/Scorecards/114/114890.html

S.S. Perera විසින් රචිත The Janashakthi Book of Sri Lanka Cricket හි ටයිසන් ගැන මෙසේ පවසා ඇත.

"Tyson who bowled seven overs with his full run up did not show the pace that was to terrorise the Australians one month later. The MCC opened the attack with Tyson and stathem, followed by P.J. Loader and J.H. Wardle".

1958 - at SSC
http://cricketarchive.com/Archive/Scorecards/137/137677.html

ආබාධ නිසා වයස 30 දී ටෙස්ට් දිවියෙන් සමුගන්නට සිදුවූ ටයිසන් පසු කලක ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගන්නා අතර එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නා ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිය ප්‍රයෝජනයට ගනිමින් මෙල්බර්න් හි පාසලක ඉංග්‍රීසි, ප්‍රංශ සහ ඉතිහාසය යන විෂයයන් ත්‍රිත්වය ඉගැන්විය. ක්‍රිකට් දිවියෙන් විශ්‍රාමගත් ටයිසන් ඔහුගේ දෙවන ඉනිම ලෙස ක්‍රිකට් දිවිය ආරම්භ කලේ විස්තර විචාරකයෙක් ලෙස සහ වික්ටෝරියා ප්‍රාන්ත පුහුණුකරුවෙක් ලෙසයි. හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙක් සහ විස්තර විචාරකයෙක් ලෙස නමක් දිනාසිටි අභාවප්‍රාප්ත රිචි බෙනෝ පැවසුවේ ටයිසන් යනු ඔහු දකින ලද වේගවත්ම පන්දුයවන්නා ලෙසයි.

ටයිසන් ගේ මියයාම ක්‍රිකට් ක්‍රීඩාවේ වේගපන්දු ඉතිහාසයේ එක යුගයක අවසානය සනිටුහන් වූ බව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය දැක්වූ ප්‍රේක්ෂකයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රතිචාරය දැක්වුයේ මේ අයුරින්. 







#DON
27.09.2015

Thursday, September 24, 2015

සංගක්කාර, සරේ සහ 100

ටෙස්ට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර මේ වනවිට එංගලන්ත ප්‍රාන්ත අතර පැවැත්වෙන පළමුපෙළ තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටියි. මෙවර ඔහු නියෝජනය කරන්නේ සුප්‍රකට එංගලන්තයේ ඕවල් පිටියේ භාරකාරත්වය හිමිවන සරේ ප්‍රාන්ත පිලටයි. එහි ඉතිහාසය සැසඳූ කල වැඩිම පළමුපෙළ ශතක ලාභියා සහ වැඩිම පළමුපෙළ ලකුණු ගණනකට හිමිකම් කියන එංගලන්තයේ ජැක් හොබ්ස් මෙම ප්‍රාන්තය නියෝජනය කල අයෙක්. එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙස බැලු විට සංගක්කාර ට අමතර රංගන හේරත් ද මෙම ප්‍රාන්ත පිල නියෝජනය කල ක්‍රීඩකයෙක්.සරේ ප්‍රාන්ත පිල නියෝජනය කිරීමට ප්‍රථම සංගක්කාර වොර්වික්ෂයර් සහ ඩර්හැම් පිල් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත.

ඊයේ (23.09.2015) දිනයේ රැස්කළ ලකුණු 101න් පසු සංගක්කාරගේ මේ වසරේ එංගලන්ත ශූරතා තරඟාවලිය තුල රැස්කළ 5 වන ශතකය බවට වාර්තාවිය. මේ වසරේ සරේ ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ශතක ගණනට හිමිකම් කියන්නේ ද ඔහුයි.

Most hundreds
PlayerMatInnsNORunsHSAveBFSR1005004s6s
KC Sangakkara11*18086114947.83133964.305101075
A Harinath8*12055612046.3394458.89220730
BT Foakes10*153605140*50.41104258.06220774
SM Davies12*183819200*54.60129663.19221835
JJ Roy12*18273314345.8180491.162319710
RJ Burns14*233101915850.95178856.992501470

එමෙන්ම සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් දෙවනුවට වැඩිම ලකුණු රැස්කර තිබෙන්නේ ද කුමාර් සංගක්කාරයි.

Most runs
PlayerMatInnsNORunsHSAveBFSR1005004s6s
RJ Burns14*233101915850.95178856.992501470
KC Sangakkara11*18086114947.83133964.305101075
SM Davies12*183819200*54.60129663.19221835
GC Wilson14*22579874*46.94128462.14060984

ඉහත ලකුණු 101 වාර්තා කිරීමෙන් පසු කුමාර් සංගක්කාර ඔහුගේ පළමුපෙළ ශතක ගණන 55 දක්වා ඉහලට නංවා ඇති අතර එම ශතකයෙන් පසු ඔහු ප්‍රකට ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පසුකර යාමට සමත්විය.

ශතක 54 කට හිමිකම් කියන පළමුපෙළ පිතිකරුවන්.

54DJ Insole1947-1960
54RWT Key1998-2015
54MA Atherton1987-2001
54M Azharuddin1983/84-1999/00
54JP Crawley1991-2008
54WW Keeton1931-1951


පළමුපෙළ ශතක 55කට හිමිකම් කියන පිතිකරුවන්.

55Hanif Mohammad1952/53-1971/72
55DB Vengsarkar1975/76-1991/92
55DM Jones1982/83-1997/98
55W Watson1947-1963
55KC Sangakkara2001-2015
55C Hallows1919-1931
55VVS Laxman1994/95-2012/13
55CWJ Athey1976-1997


ඉහත පළමුපෙළ තරඟාවලියට සමගාමිව පැවැත්වෙන රෝයල් ලන්ඩන් එක්දින තරඟාවලිය පසුගිය 19 වනදා අවසන් වුනේ ග්ලොසෙස්ටර්ශයර් ප්‍රාන්ත පිලට ලකුණු 6ක තියුණු ජයක් ලබාදෙමින්. එම තරගාවලියේ අනු ශූරතාවය දිනාගත් සරේ පිලේ පිතිකරණ අංශයෙන් වැඩි ගෞරව දිනාගත්තේ කුමාර් සංගක්කාරයි. අවසන් පූර්ව තරගයේ දී විශිෂ්ට ලකුණු 166ක් වාර්තා කරන සංගක්කාර අවසන් තරගයේ දී ලකුණු 60ක් රැස්කළ ද මැද පෙළ පිතිකරුවන් ගේ අසාර්ථක පිතිකරණය නිසා සරේ පිලට පරාජය වැළඳ ගැනීමට සිදුවිය. එම තරගයේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වුයේ් ජේඩ් ඩර්න්බැක් ගේ කඩුලු ත්‍රිත්වය යි.

සංගක්කාර ගේ 166 සරේ වාර්තා අතර සනිටුහන් වන්නේ පහත අයුරින්.

MOST RUNS IN AN INNINGS FOR SURREY

268AD Brownv GlamorganThe AMP Oval, Kennington2002
203AD Brownv HampshireWoodbridge Road, Guildford1997
189*JGE Benningv GloucestershireCounty Ground, Bristol2006
177SA Newmanv YorkshireThe Brit Oval, Kennington2009
176AD Brownv GloucestershireThe Brit Oval, Kennington2007
167*AJ Stewartv SomersetThe Foster's Oval, Kennington1994
166KC Sangakkarav NottinghamshireThe Kia Oval, Kennington2015


මේ වසරේ රෝයල් ලන්ඩන් තරඟාවලියේ දෙවනුවට වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ද කුමාර් සංගක්කාර යි.

Most runs
PlayerMatInnsNORunsHSAveBFSR1005004s6s
SM Davies99050911556.5554793.05220464
KC Sangakkara88048916661.1252094.03220376
JJ Roy99041111245.66400102.75211532
RJ Burns7703649552.0039691.91040312
GC Wilson9902335925.8828182.91010133

සංගක්කාර ගේ දක්ෂතා පළමුපෙළ සහ එක්දින තරඟ තුල පමණක් සීමා නොවූ අතර නැට්වෙස්ට් 20යි 20 තරඟාවලියේ සරේ පිල නියෝජනය කරමින් වැඩිම ලකුණු ලබාගත්තේ ද කුමාර් සංගක්කාරයි.

Most runs
PlayerMatInnsNORunsHSAveBFSR1005004s6s
KC Sangakkara9913325841.50222149.540103311
JJ Roy10101273122*30.33182150.001102410
ZS Ansari118320167*40.20122164.75011129
GC Wilson9811735524.71162106.79011162
SM Davies5501175823.4068172.05022107
Azhar Mahmood9611043420.8076136.8400095

සරේ පිල නියෝජනය කරමින් සංගක්කාර විසින් රැස්කළ ශතක 7 (පළමුපෙළ - 5 සහ එක්දින - 2) නිසා ඔහුගේ ක්‍රිකට් දිවිය තුල රැස්කළ මුළු ශතක ගණන 91 තෙක් ඉහලට පැමිණ ඇත. ඒ අනුව එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවෙක් වෘර්තීය මට්ටමේ ක්‍රිකට් තරඟ තුල රැස්කර ඇති වැඩිම ශතක ගණනේ හිමිකරුවා ලෙස තවමත් මුල් ස්ථානයේ සිටින්නේ කුමාර් සංගක්කාරයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතුරින් වැඩිම ශතක ගණනකට හිමිකම් කියන පිතිකරුවන්.

Sangakkara - 91
Mahela - 73
Dilshan - 69
Atapattu - 64
Sanath - 61
Aravinda - 60

#DON

(24.09.2015)