Thursday, July 2, 2020

අවසන් W ක්‍රීඩකයා සමුගනියි !

කැරිබියන් දූපත් සමූහයෙන් බිහිවූ අග්‍රගණයේ පිතිකරුවෙක් වූ එවර්ටන් වීක්ස් අද අභාවප්‍රාප්ත වූ බවට කොදෙව් පුවත් වාර්තා කළා. මියයන විට 95 හැවරිදි වූ වීක්ස්, සුප්‍රකට W ක්‍රීඩකයින් තිදෙනාගෙන් ජීවතුන් අතර සිටි එකම ක්‍රීඩකයායි.

ටෙස්ට් ඉනිමක ලකුණු 58ක් තරම් ඉහළ පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගෙන සිටි වීක්ස්, ටෙස්ට් තරග 48ක් ක්‍රීඩා කර ලකුණු 4455ක් රැස්කරගත්තේ ශතක 15ක් තම ගිණුමට බැර කරමිනි.

බාර්බඩෝස් දේශයේ උපත ලද වීක්ස් කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත පහරවල් එල්ලකරමින් ලකුණු ඉක්මනින් රැස්කිරීමට ප්‍රියතාවයක් දැක්වූ ක්‍රීඩකයෙක් ලෙස ඉතිහාසගත වී ඇත.

ඔබට සුභ ගමන් වීක්ස්!


aq photo 635339848091716130317_zps7olcilbi.png