Wednesday, July 31, 2019

මැල්කම් නෑෂ් මිය යයි.

ග්ලැමෝර්ගන් ප්‍රාන්තයේ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ මැල්කම් නෑෂ් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව මාධ්‍යය අද වාර්තා කළා. 74 හැවරිදි වූ මැල්කම්, පළමු පෙළ තරග තුළ කඩුලු 993ක් සහ ලිස්ට් A තරග තුළ කඩුලු 324ක් දවාගෙන තිබු අතර පන්දු යැවීමේ සාමාන්‍යය 25 ක් සහ 21ක් විය. පිත්තෙන් ද දස්කම් දක්වා ඇති මැල්කම් නෑෂ් වඩාත් ප්‍රචලිත නාමයක් වූයේ 1968 ස්වැන්සී හී දී ගාෆීල්ඩ් සෝබර්ස් විසින් හයේ පහර හයක් එල්ල කළ විට පන්දු යවන ලද්දේ ඔහු වීම නිසාවෙනි.