Friday, September 11, 2020

ටෝනී ඕපාත අභාවප්‍රාප්ත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම නෙදර්ලන්ත කණ්ඩායම ද නියෝජනය කළ ටෝනි ඕපාත අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වනවා. 1983 දී අරෝසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධූරය ද හොබවමින් තහනම් දකුණු අප්‍රිකාණු සංචාරයක නිරත වූ ටෝනි ඕපාත ඇතුළු ක්‍රිකට් කණ්ඩායමට දැඩි දඩුවම් පැනවීමට එදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

පන්දුව දෝලනය කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇති ටෝනි ඕපාත වරක් ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් බිඳ දැමුවේ ලකුණු 2ක් පමණක් ලබාදෙමින්. 1975 සහ 1979 ලෝක කුසලාන කණ්ඩායම් සඳහාද දායකත්වය සැපයූ ටෝනි ඕපාත මිය යන විට 73 හැවරිදි වියේ පසුවුනා.