Tuesday, March 26, 2019

චමින්ද වාස් ගෙන් 9-4-7-9 ක පන්දු යැවීමක්

1999 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ආරම්භ වීමට ප්‍රථම පැවති නිල නොවන පුහුණු තරගයක් අතරතුර එවකට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ නිත්‍ය වේග පන්දු යවන්නා වූ චමින්ද වාස් විසින් ප්‍රතිවාධි ලේසේස්ටර්ශයර් ප්‍රාන්ත ලීග් පිලට එරෙහිව ලකුනු 7ක් ලබාදී කඩුලු 9ක් බිඳ හෙලන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 4 කට ලකුණු 241ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ලේසේස්ටර්ශයර් ප්‍රාන්ත ලීග් පිලට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 26ක් පමණයි. වාස් පන්දු 5ක් තුල කඩුලු 4ක් දවාලීම ද එම තරගයේ සුවිශේෂී අවස්තාවක් ලෙස සැලකිය හැකියි. 

Image Courtesy: David Munden

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB - 101st

Friday, March 15, 2019

List of Sri Lankan Cricket Jerseys - ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි ලැයිස්තුව

I just wanted to list out Sri Lanka's Limited Overs jerseys with images. It wasn't that easy, i had to commit few weeks. Twitter platform (& SL Cricket Fans Forum) helped me to clarify doubts and credit goes to those wonderful people. I have added a description below every image which i have attached, in Sinhalese. If you cannot understand, no worries ! just leave it and enjoy.

මට හිතුනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජර්සි ටික එක තැනකට එකතු කරගන්න. මේ වැඩේ ලේසි වුනේ නෑ. ට්විටර් සමාජ ජාලයේ මිතුරන්ට වගේම SL Cricket Fans Forum එකටත් විශේෂ ස්තූතිය. මෙම ලැයිස්තුව සර්ව සම්පුර්ණ නොවුනත් හැම ජර්සි එකක්ම වගේ  සඳහන් කරලා තියනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්, පල්ලෙහා කමෙන්ට් එකකින් අපි කතාකරමු.

1983 NZ Series

සොයාගත් තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමක් පැළඳි ප්‍රථම වර්ණ ජර්සිය මෙයයි. නවසීලන්තයේ දී 1983 වසරේ දී පැවති එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල මෙම ජර්සිය පැළඳ ක්‍රීඩා කර ඇත. මුල්ම වරට නිල් සහ කහ වර්ණ වලින් සමන්විත වූ මෙහි නිර්මාණාත්මක භාවය ඉහළ මට්ටමක ඇත.

1984/85



1985 & 1988 WSC 
1985 වසරේ දී පැවති WSC එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල මෙම අපුරු ජර්සිය පැළඳ පැමිණි අතර මෙය කහ පැහැති වර්ණයෙන් සමන්විත වූ එහි නිල් පැහැති ඉරි සහිතව 80 දශකයට ඔබින පරිදි විය. තරගාවලියේ සියලුම කණ්ඩායම් මෙම ජර්සියේ රටාවට අනුව ඔවුන්ට අදාළ වර්ණ සහිතව භාවිත කර ඇති අතර මෙම ජර්සියම 1988 වසරේ WSC සඳහා භාවිතා විය.

1989 Benson & Hedges Series
1989 දී ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පකිස්තානු කණ්ඩායම බේස්බෝල් ක්‍රීඩාවේ දී භාවිතා වන ජර්සියක කණ්ඩායමේ නම සටහන් වන රටාවකට සමාන ජර්සි පැළඳ ක්‍රීඩා කළ අතර එය ක්‍රීඩා දෙකක සමිශ්‍රනයක අපූරු අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

1992 World Cup
Image Courtesy: Getty Images
1992 ලෝක කුසලානයේ දී ද එක්තරා තේමාවක් ඔස්සේ ජර්සි සියල්ලම නිර්මාණය වූ අතර, තවමත් බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රියතම ජර්සි අතරින් මෙයද එකකි. ක්‍රිකට් ලෝක කුසලානයට ප්‍රථම වරට වර්ණ සහිත ඇඳුම් හඳුන්වා දෙන ලද්දේ ද මෙම වසරේ තරගාවලියේ දී ය.

1993 CAB Jubilee Tournament / Hero Cup
Image Courtesy: Youtube
සුදු කළු සහ නිල් වර්ණ වලින් සමන්විත වූ මෙම ජර්සිය දැකගත හැකිවුණේ 1993 වසරේ දී ඉන්දියාවේ පැවැත්වූ හීරෝ කුසලාන තරගාවලිය අතරතුර දී යි. බෙංගාල ක්‍රිකට් ආයතනයේ 60 වැනි සංවත්සරය උදෙසා පැවැත්වූ මෙම තරගාවලියට කණ්ඩායම් 5ක් සහභාගී වූ අතර එයින් ඉන්දියාව, කොදෙව් පිල පරදා ශුරතාවය දිනා ගන්නා ලදී.

1993 SL v SA ODI Series in SL
කළු පැහැයට හුරු තද නිල් පාටකින් සමන්විත වූ මෙම ජර්සියේ ශ්‍රී ලංකා ලෙස සටහන් ව තිබුනේ SHRI LANKA ලෙසයි (SRI LANKA වෙනුවට). මෙය දකුණු අප්‍රිකානුවන් මෙරටට පැමිණි අවස්ථාවේ දී පැවැත්වූ එක්දින තරගාවලියේ දී දක්නට ලැබිණි.

1993 SL v IND

1993 SL v Eng
Image courtesy: Dananjaya Bandara
මෙම තරගාවලියේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදු ජර්සියක් සහ නිල් කලිසමක් පැළඳ ක්‍රීඩා කළා. 

1994 Singer World Series
නැවතත් කහ වර්ණය ප්‍රමුඛ වූ ජර්සියක් වාර්තා වන්නේ මෙම තරගාවලියේ දී ය. මෙරට දී පැවැත්වූ මෙම සිවුකොන් තරගාවලියට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය සහභාගී වූහ.

1994 Mandela Trophy
Image Courtesy: Nizamcricket.com
ලා නිල් පැහැති මෙම ජර්සියේ තැඹිලි සහ රතු පැහැ ඉරි දක්වා ඇති අතර, මෙය මුල්වරට පැළඳ ක්‍රීඩා කළේ 1994 වසරේ මැන්ඩෙලා කුසලානය වෙනුවෙනි.  


1995 Benson & Hedges Trophy 
කොළ පැහැය ප්‍රමුඛ වූ මෙම ජර්සිය ද බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රියතම එකකි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම තරගාවලියක් වූ මෙහි සනත් කළු ආරම්භක පිතිකරුවන් ලෙස ස්ථාවර වූ මුල්ම තරගාවලිය යි.

1995 SL v NZ
Image Courtesy: Dananjaya Bandara

Image courtesy: Dananjaya Bandara
Image Courtesy: Kanchana Pitigala

මෙම අපූරු ජර්සිය දකින්නට ලැබෙන්නේ 1995 ශ්‍රී ලංකා නවසිලන්ත එක්දින තරගාවලියේ දීයි. මෙම තරගයේ ඡායාරූප කිසිවක් අන්තර්ජාලයේ සොයාගැනීමට අපහසු වූ අවස්ථාවක මෙය මට ලබාදුන්නේ ධනංජය බණ්ඩාර සොහොයුරායි. එමෙන්ම මෙවැනි ජර්සියක් පැළඳ ක්‍රීඩා කළ බවට මට මුලින්ම දැනුම් දුන්නේ කාංචන පිටිගල සොහොයුරායි.

1996 World Cup
Image Courtesy: Getty Images
1996 ලෝක කුසලානයේ දී ද එකම රටාවකට නමුත් එක් එක් රටවල් වලට ආවේනික වර්ණ සහිතව ජර්සි සැකසු අතර එයින් මෙම ශ්‍රී ලංකා ජර්සිය කැපී පෙනිණ.

1996 Singer World Series
සිංගර් කුසලාන සිව්කොන් තරගාවලිය 1996 වසරේ දී පැවැත්වූ අවස්ථාවේ දී තරගාවලියට පෙර සිටම එහි ශුරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින බවට විචාරකයින් පවසද්දී එය තහවුරු කරමින් ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව පරදා ශුරතාවය දිනාගන්නා ලදී. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළඳින ලද ජර්සියේ වර්ණ සංයෝජනය 1994 වසරේ තරගාවලියට සමානකම් දැක්වූවද නිර්මාණාත්මක භාවයෙන් උසස් විය.

1997 Pepsi Independence Cup 
ඉන්දියාවේ 50 වන නිදහස් දිනයට සමගාමිව පැවැත් වූ නිදහස් කුසලානය දී මෙම ජර්සිය දක්නට ලැබිණ.

1997 Sri Lanka v India ODI Series in SL
ආසියානු කුසලානයෙන් අනතුරුව පැවැත්වූ ශ්‍රී ලංකා ඉන්දියා අතර එක්දින තරගාවලියේ දී ඉහත ආකාරයේ ජර්සියක් දක්නට ලැබිණ. තැඹිලි/රතු සහ කහ පැහැති ඉරි සහිත මෙම ජර්සිය ද වෙනස්ම ආකාරයේ එකක්.

1997 SL v NZ Series
Image Courtesy: Cricfinity
ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරය අතරතුර මෙම ක්‍රිකට් ජර්සිය දක්නට ලැබිණ. මෙම තරගාවලියේ ඡායාරූප ද සොයාගැනීමට අපොහොසත් වූ මොහොතක මෙම ජර්සිය සොයා දීමේ ගෞරවය Cricfinity ට හිමිවිය යුතුයි.

1998 Wills Quadrangular Series
ශ්‍රී ලංකා ජර්සි අතුරින් වෙනස්ම වර්ගයේ ජර්සියක් වන මෙය 1997 වසරේ පැවැත්වූ විල්ස් සිව්කොන් තරගාවලියේ දී දක්නට ලැබුණි. පකිස්තානයේ 50 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙය පවත්වන ලද අතර තරගාවලියේ ජය දකුණු අප්‍රිකාව ට හිමිවුහ.

1998 Standard Bank Series in SA
Image Courtesy: Getty Images
නිල් පැහැති මෙම ජර්සියේ ප්‍රථම වරට කහ වර්ණය රහිතව දක්නට ලැබිණ. දකුණු අප්‍රිකාවේ පැවති තුන්කොන් එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙය පැළඳ ක්‍රීඩා කළ අතර තරගාවලි ජය දකුණු අප්‍රිකාවට හිමි වූහ. 

1998 Singer Akai Nidahas Trophy
ප්‍රථම වරට ශ්‍රී ලංකා ජාතික කොඩිය ජර්සියේ දක්නට ලැබුණේ මෙම සිංගර් අකායි නිදහස් කුසලාන තරගාවලියේ දී ය. ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් දිනය වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වී ය.

1998 - 2000 
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක මෙම ජර්සිය මුල්ම වරට දක්නට ලැබිණ. සනත් ජයසුරිය නායකත්වය දරන සමයේ දී පළඳින ලද මෙම ජර්සියේ වර්ණ සහ රටා සැලකිල්ලට ගෙන ජර්සියේ ප්‍රති නිර්මාණයක් ඉන් වසර 20 කට පසු එළි දක්වන ලදී (මෙම ලැයිස්තුවේ පහළ එය දැකගත හැකියි).

1999 World Cup
Image Courtesy: ICC Cricket
අමිහිරි මතක රැසක් හමුවේ වූවද ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ ද පළදින ලද ජර්සිය අලංකාර එකක් බවට සහතික කළ හැකියි. 

2000 - 2001
2000 වසරේ අග භාගයේ දී සිට 2001 වසර දක්වා මෙම ජර්සිය දක්නට ලැබිණ. 

2001 
Image Courtesy: Nizamcricket.com
සිංගර් අනුග්‍රාහකත්වය වෙනුවට Dilmah සමාගමේ අනුග්‍රාහකත්වය ප්‍රථම වරට හිමිවූ ජර්සිය මෙයයි. ශ්‍රී ලංකා ධජයේ සිංහ සලකුණ ද මෙහි දැකගත හැකියි.

2002 Champions Trophy
2002 ශුරයින්ගේ කුසලානය සඳහා මෙම ජර්සිය නිර්මාණය වූ අතර ජර්සියේ ඉදිරිපස තිබු අනුග්‍රාහක ලාංඡනය සහ සිංහ සලකුණ ඉවත් කර ඇත. මෙම ජර්සි ආකෘතියම ඕස්ට්‍රේලියාවේ පැවති එක්දින තරගාවලියේ දී ජර්සිය පසුපස අංක සහිතව ක්‍රීඩකයාගේ නම ප්‍රථම වරට සටහන් විය.

2003 World Cup
2003 ලෝක කුසලානය සඳහා මෙය භාවිතා විය. 

2003 Sharjah Cup
2003 සාජා කුසලානය සඳහා භාවිතා වූ මෙහි නැවතත් අනුග්‍රාහක ලාංඡනය මෙන්ම සිංහ සලකුණ දැකගත හැකියි.

2004 Asian Trophy
Image Courtesy: Getty Images
ආසියානු කුසලාන තරගාවලියේ දී මෙය භාවිතා විය.

2004 Champions Trophy
Image Courtesy: Getty Images
2004 ශුරයින්ගේ කුසලානයේ දී මෙය භාවිතා වූ අතර මෙහිදී ද අනුග්‍රාහක නම් සඳහන් නොවේ (ICC තරගාවලි සඳහා එය නීතියක් වීම නිසාවෙන්)

2006 Sri Lanka v New Zealand in NZ
2006 නවසීලන්ත සංචාරයේ පැවැත්වූ එක්දින තරගාවලියේ දී මෙම ජර්සිය භාවිතා විය. පෙර භාවිතා කළ ජර්සි ආකෘතින්ට සමානකම් දැක්වූ ව ද මුද්‍රිත වී ඇති අකුරු රටාව මෙන්ම සිංහ ලාංඡනය ද වෙනස්ම ආකාරයක් ගෙන ඇත.

2006 Champions Trophy

2006 ශුරයින්ගේ කුසලානයේ දී මෙම ජර්සිය භාවිතා වූ අතර කොලරයේ වර්ණ වෙනස් කර ඇත. මෙය ද පෙර ආකෘතින් සැලකිල්ලට ගෙන එහි සුළු වෙනස්කම් කර ඇති එකක්.

2007 ODI World Cup
2007 ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙය භාවිත විය.

2007 T20I World Cup
ප්‍රථම වරට පැවැත් වූ 20යි 20 ලෝක කුසලානයේ දී මෙම වෙනස්ම වර්ගයේ ජර්සිය දැකගන්නට හැකි විය. ලා නිල් පැහැය මෙහිදී භාවිතා කර ඇත.

2009 Sri Lanka v Pakistan in Pakistan
2009 වසරේ පකිස්තාන සංචාරයේ දී වෙනස් අනුග්‍රාහක නාමයක් සහිතව පෙර ජර්සි වල සැකසුම් රටාව සැලකිය යුතු අයුරින් වෙනස් කර භාවිතා විය.

2009 T20 World Cup
2009 එංගලන්තයේ දී පැවති 20යි 20 ලෝක කුසලානය සඳහා මෙම අලංකාර ජර්සිය නිර්මාණය විය. 

2009 Sri Lanka v Pakistan in Sri Lanka
මොබිටෙල් අනුග්‍රාහකත්වය සහ Reebok සන්නාමය යටතේ මෙම ජර්සිය 2009 වසරේ සිට 2010 වසර දක්වා භාවිතා විය.

2010 T20 World Cup
මෙය 2010 20යි 20 ලෝක කුසලානයේ දී දක්නට ලැබුණි. 

2011 ODI World Cup
මෙය 2011 ලෝක කුසලානයේ දී භාවිතා වූ අතර මෙහි අනුග්‍රාහක නාමය රහිත වේ.

2011 Natwest Series
ඉහත දක්වා ඇති ජර්සිය නමුත් අනුග්‍රාහක නාමය හේතුවෙන් සහ ශ්‍රී ලංකා නාමය සඳහන් වන කොටස වෙනස් වී ඇත.

2012 Asia Cup
ඉහත ජර්සි දෙකේම ආකෘතියට සමාන නමුත් අනුග්‍රාහක නම රහිතවේ. මෙය 2011 ලෝක කුසලාන ජර්සියට හාත්පසින්ම වෙනස් වන්නේ ද ශ්‍රී ලංකා නාමය සහ අනුග්‍රාහක සලකුණ හේතුවෙනි. මෙය 2012 ආසියානු කුසලානයේ දී භාවිතා විය.

2012 T20 World  Cup
මෙරට පැවති 2012 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම වෙනස්ම වර්ගයේ ජර්සිය භාවිතා විය.

2013 Australia Series
Image Courtesy: Cricket Country


2013 Champions Trophy
Image Courtesy : Getty Images
2013 ශුරයින්ගේ කුසලානයේ දී මෙය භාවිත විය. අක්ෂර රටාව ස්ථානගත වී ඇති අයුරු පහල ඇති ජර්සියට වඩා වෙනස් වේ. ආකෘතිය සමානයි (අනුග්‍රාහක නම නිසා)

2014 Asia Cup
අලංකාර ජර්සියක් වන මෙය ආසියානු කුසලානයේ දී භාවිතා විය. තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාවට හිමි විය.

2014 T20 World Cup
ප්‍රේක්ෂකයින්ගේ ප්‍රියතම ජර්සියක් වන මෙය 2014 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී භාවිතා විය.

2014 Sri Lanka v England in England
ඉහත ජර්සියේ ආකෘතියට සමාන නමුත් මෙහි භාවිතා කර ඇති අක්ෂර රටාව වෙනස් වන අතර විදෙස් තරග සඳහා මෙය 2014 වසරේ දී භාවිතා විය.

2014 Sri Lanka v England in Sri Lanka
මෑත කාලයේ ජර්සි වර්ග අතුරින් වඩාත්ම අප්‍රසාදයට පත් වූ ජර්සියක් ලෙස මෙය සැලකිය හැකියි. 

2015 ODI World Cup
2015 ලෝක කුසලාන තරගාවලියේ දී භාවිතා වූ මෙය පුද්ගලිකව මගේ ප්‍රියතම ජර්සි කිහිපයෙන් එකක්. ජර්සිය නිර්මාණය වූ ආකාරය සහ සම්ප්‍රදායෙන් බැහැරව නිර්මාණාත්මක භාවයට මුල් තැන ලබා දී ඇති බවට මෙය ඉතා හොඳ නිදසුනක්.

2016 T20 World Cup
ප්‍රථම වරට තරගාවලියක ප්‍රතිවාධි කණ්ඩායමේ ජර්සි වර්ණයට එරෙහිව පැළඳිය හැකි ජර්සි දෙකක් හඳුන්වා දෙන ලද්දේ මෙම 2016 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී යි. 

2017 Tri Series
 2017 වසරේ මුල් භාගයේ දී මෙම ජර්සිය භාවිතා විය.

2017 Champions Trophy
2017 ශුරයින්ගේ කුසලානයේ දී ද ජර්සි වර්ග දෙකක් හඳුන්වා දෙන ලදී.

2017
Image Courtesy: Papare Sports
2017 මුල් භාගයේ දී භාවිතා වූ ජර්සියේ ආකෘතියට සමාන නමුත් ශ්‍රී ලංකා යන්න ස්ථානගත වී ඇති අයුරු වෙනස් ය.

2018 Nidahas Trophy
Image courtesy: dnaindia
1998 - 2000 ජර්සියේ ප්‍රති නිර්මාණයක් වන මෙහි වර්ණ එම ජර්සියට සමානයි.  හැඩතල සහ රටා වෙනස් කර ඇත.

2018 Sri Lanka v England in Sri Lanka
Image courtesy: AFP
වර්තමානයේ දී ICC නොවන තරගාවලි සඳහා භාවිතා වන ජර්සිය මෙයයි.

2019 ODI World Cup
සාගර දුෂණයට එරෙහි වීම උදෙසා කැස්බෑවකුගේ හැඩරුව නිර්මාණාත්මකව යොදාගනිමින් මිනිසා විසින් සාගරයට මුදාහරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය  කොට නිපදවන ලද මෙම ජර්සි කට්ටලය සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ අපූරු නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. 

2020 SLvWI T20I
Image courtesy: Dasun Shanaka


HONG KONG SIXES

1994
Image Courtesy: Getty Images
 1995
Image Courtesy: Getty Images
2003
Image Courtesy: Getty Images

2007
Image Courtesy: Getty Images

2009
Image Courtesy: Getty Images
 2010
Image Courtesy: Getty Images
 2011
Image Courtesy: Getty Images
2012

 2017
Image Courtesy: Getty Images

Double Wicket Tournament

1996/97

ලාහෝරයේ පැවති ඩබල් විකට් තරගාවලියේදී ඉහත ජර්සිය දක්නට ලැබිණ.

ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්දින තරගයක් 1975 ක්‍රීඩා කළ ද 1983 වසර තෙක් කිසිදු වර්ණ සහිත ජර්සියක් පැළඳ ක්‍රීඩා කර තිබුනේ නෑ. කෙරී පැකර් ගේ WSC සංකල්පය නිසා වර්ණ සහිත ජර්සි පැළඳ ක්‍රීඩා කිරීමේ සංස්කෘතිය 70 දශකයේ අග භාගයේ දීම ආරම්භ වූවත් එය එම තරගාවලියට පමණක් ආවේනික විය. කෙසේ වෙතත් 2000 වසර වන තෙක් වරින් වර ටෙස්ට් ක්‍රීඩාවේ දී භාවිතා වන සුදු පැහැති ඇඳුම් පැළඳ ක්‍රීඩා කරන ලද තරගාවලි ද පැවැත්වූ නමුත් ඉන් අනතුරුව පැවති සියලුම සීමිත පන්දුවාර තරගාවලි වලදී වර්ණ සහිත ජර්සිය පැළඳ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලදී.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB