තරග පාවා දුන් තුන්කට්ටුව - 1

හැඳින්වීම

"මහත්මා ගුණයෙන් යුත් ක්‍රීඩාව" ලෙස කා අතරත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාව, අවස්ථා කිහිපයක දී විවිධ සිදුවීම් නිසා හානියට පත්ව ඇති බවට ඉතිහාසය පිරික්සීමේ දී තේරුම් ගත හැකියි.  ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ක්‍රිකට් ප්‍රිය රසිකයින් මවාගෙන තිබු ඒ මහත්මා ගුණැති ස්වරුපය කඩ බිඳ දැමු ප්‍රබලතම සිදුවීම වාර්තා වන්නේ 2000 වසරේ දී මුදල් වලට ගිජු වූ ක්‍රීඩකයින් ගේ පාවාදීම් ඔස්සේ එක්තරා සිදුවීම් දාමයක් හෙළිදරව් වීමෙන්.

මෙම හෙළිදරව්වට බලපෑ පොලිස් පරීක්ෂනය ආරම්භ වූයේ එම වසරේ දී එක්තරා ව්‍යාපාරිකයෙක්, ඉන්දියානු අගනුවර වන නව දිල්ලියේ පොලිස් ස්ථානයක පැමිණිල්ලක් යොමුකිරීමෙන් අනතුරුවයි. 

එක්තරා පුද්ගලයෙක්, එම ව්‍යාපාරිකයා ගෙන් දිගින් දිගටම මුදල් ඉල්ලා තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබාදෙන බව පවසමින්, ඔහු පොලිසීයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා..
ඒ අනුව මෙම ඇමතුම් පරීක්ෂා කළ පොලීසිය විසින් ඉහත පුද්ගලයා, එංගලන්තයේ ලන්ඩන් හි වාසය කරන, රෙදිපිළි වෙළඳසැලක් පවත්වා ගෙන ගිය සංජීව් චව්ලා නමැත්තා බවට හඳුනාගත්තා..

ඔහු ගේ ඇමතුම් හරහා තරග සඳහා ඔට්ටූ අල්ලන්නෙකු වන රාජේෂ් කල්රා නමැත්තා පිළිබඳවත් තවත් විදේශිය පුද්ගලයෙකු පිළිබඳවත් සංවාද හරහා දැනගන්නට දිල්ලී පොලීසිය ට හැකිවනවා..

මේ අතරතුර එවකට පොලිස් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ කේ.කේ. පෝල් ගේ අධීක්ෂනය යටතේ දිල්ලි පොලීසියට, එවකට දිල්ලියේ ලුතිනන් ආණ්ඩුකාර ධුරය හෙබවූ විජේ කපූර් හරහා, සංජීව් සහ රාජේෂ් ගේ දුරකථන ඇමතුම් සියල්ල සජිවී පටිගත කිරීමට විශේෂ අවසරයක් හිමිවනවා.

ඔවුන්ගේ ඇමතුම් දින කිහිපයක් තිස්සේ පටිගත කරමින් සිටින අතරතුර ඔවුන්ට මූල්‍යමය සම්බන්ධයක් සහිත වෙනත් ගැටළුවක් පිළිබඳව හෝඩුවාවක් ලැබුනා.

ඒ "ක්‍රිකට් ක්‍රීඩාව" පිළිබඳවයි...

එක්වරම, ඔවුන්ට "හායි හැන්සි (Hi Hansie) !" ලෙස අයෙක් යමෙකුට අමතන ආකාරය ඔවුන්ට ඇසුනා. දිල්ලි පොලීසියට, හැන්සි කවුදැයි යන්න හඳුනාගැනීමට වැඩි වේලාවක් ගතවුනේ නෑ…

නමුත් සාක්ෂි සහිතව නඩු පැවරීමට දිල්ලී පොලීසිය විසින් හැන්සි ගේ කටහඬ ඔහුගේම ද යන්න තහවුරු කිරීමට දූර්දර්ශන් රූපවාහිනි නාලිකාව විසින් පටිගත කර තිබූ හැන්සි ගේ සංවාදයක් හා සසඳා බලන්නට තීරණය කළා..

ඒ අනුව, 2000 වසරේ දී ක්‍රිකට් ලෝකය කළඹමින්, දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ ඇතුළු ක්‍රීඩකයින් තරග රැසක් මුදල් සඳහා පාවාදුන් බවට මුල්ම වරට හෙළිවූයේ එම දුරකතන ඇමතුම් ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් පසුවයි..

මෙම හෙළිදරව්ව නිසා ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් කළු පැල්ලමක් එල්ල වුනා වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති රැසක් සම්පාදනය වීමටත් බලපෑවා..

අදටත් හැන්සි ක්‍රොන්යේ තරග පාවා දීමේ සිදුවීම් මාලාව ඕනෑම ක්‍රීඩා ඉතිහාසයක් පිරික්සා බැලීමේ දී විශේෂ ස්ථානයක් නිතැනින්ම හිමිවනවා. අදටත් මේ සිදුවීම පදනම් කරගෙන වාර්තා වැඩසටහන් සහ චිත්‍රපට නිෂ්පාදනය වෙමින් තිබෙනවා..



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments