Thursday, October 22, 2015

හයිඩ් ඇන්ඩ් සික්


3මාන්න ට හිමි එකම ටෙස්ට් අසුන ඉවත් කල යුතු බව සියල්ලන්ටම තේරුනේ පසුගිය වසරේ එංගලන්ත සංචාරයේදී යි. කෙසේ වෙතත් වසර එකහමාරකට පසු ඔහුට එම ආසනය අහිමි වූ අතර මේ වනතෙක් කණ්ඩායම වෙනුවෙන් සිදුකල එකම සේවය පන්දුයවන්නා ගේ තොප්පිය විනිසුරුවරයා ගෙන් රැගෙන ඔහුට ලබාදීම හෝ පන්දුයවන්නා ගේ තොප්පිය පන්දු ඕවරයක් ආරම්භයේදී විනිසුරුවරයාට ලබා දීමයි (මෙය සෑම ටෙස්ට් තරගයක දීම දැකිය හැකි සුලබ දසුනක්. ටීවී එකේ පෙන්නන්නේ නැත) ඔහුගේ ඉවත්වීම තවත් මන්ත්‍රී වරයෙක්ගේ අසුනකට කණකොකා ගැසීමේ වාරය වැඩි ඈතක නොවන බව පෙනුනේ අද උදෑසනයි. ඉදිරිපෙළ අසුනක් හිමි ඔහුට මෙවර බිත්තරයකින් සෑහීමකට සිදුවුනද පසුගිය ඉනිම් සලකා බැලුවිට 3මාන්න නිසා ඔහුගේ අසුන සියල්ලන්ටම නොපෙනීම ආශ්චර්යයකි.

පළමුපෙළ තරඟ තුල නිතරම ලකුණු අතරේ සිටින මෙකී මන්ත්‍රී වරයා ගේ අවාසනාව ආරම්භ වුයේ මෙම ලියුම්කරු SSC යට ගිය එක් අවස්ථාවකදීය. ලකුණු පුවරුවේ කඩුල්ලක් වැටි ඇති බව මේට්ලන්ඩ් පෙදෙසේ පාරේ දීම දැකගත් අතර ඇතුලට ගියවිට සිනාමුසු මුහුණෙන් පුහුණුවීම් සඳහා පැමිණි ඔහු එකවරම වාෂ්ප වු අතර එතැන් පටන් ඔහු ලකුණු රැස්කිරීම කෙසේ වෙතත් ප්‍රතිවාධි පිලේ පන්දුයවන්නන් ගේ මානසික යෝග්‍යතාවය බිඳවැට්ටවීමට සමත්වූයේ ඔහුගේ ප්‍රකට පහරක් වන ලෑල්ල අල්ලිමෙනි. වඩාත්ම සුවිශේෂී කාරණය වන්නේ මොහු නියෝජනය කරන ආසනයේම තවත් ලෑල්ල අල්ලා කප් ගසා ඇති 'ඕල්ඩ්'විතාන නමැති මන්ත්‍රී වරයා ද නියෝජනය කිරීමයි. දෙදෙනාම එකවිට පිතිකරණයේ යෙදුනේ නම් එම කණ්ඩායම ට සොරි ඩොට් කොම් ය.

Tuesday, October 13, 2015

අසලංක ගේ වාර්තාව - 2

10.10.2015 වනදා ආරම්භ වූ දෙවන යොවුන් ටෙස්ට් තරගය ද ජය පරාජයකින් තොරව අවසන් වුවද ක්‍රීඩකයින් ගේ දක්ෂතා පැසසුමට ලක් කල හැකි මට්ටමක තිබිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ නැගී එන තුන් ඉරියව් ක්‍රීඩක ෂම්මු අශාන් ගේ මැද පෙළ පිතිකරණය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් ගේ අර්ධ ශතකය සහ ඔහු ලබාගත් කඩුලු 2 සහ ගීතාල් මාලිංග ගේ විශිෂ්ට පන්දුයැවීම එයට නිදසුන් ය. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරඟයේදී ද්විත්ව ශතකයක් රැස්කළ නායක චරිත් අසලංක මෙම ටෙස්ට් තරගයේ දීද ශතකයක් වාර්තා කිරීම කැපී පෙනිණි. 

අසලංක ගේ 124 සහ දෙවන ඉනිමේදී රැස්කළ 10* නිසා ඔහුට පහසුවෙන්ම ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් මුළු ලකුණු සටහනේ තෙවන ස්ථානය තෙක් පැමිණීමට හැකිවිය. 

Overall figures
PBB Rajapaksa2009-2011610052214952.20211investigate this query
LD Chandimal2007-200959151718464.62211investigate this query
KIC Asalanka2015-201545138720096.75200investigate this query
AP Gurusinha1984-1986711136216136.20101investigate this query
AKKY Lanka2010-201135035421370.80121investigate this query

එමෙන්ම එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් ඉතිහාසයේ ශතක දෙකක් රැස්කළ 4 වන පිතිකරුවා වීමට අසලංක ට අවකාශ ලැබින. 

Overall figures
KIC Asalanka2015-201545138720096.75200investigate this query
LD Chandimal2007-200959151718464.62211investigate this query
PBB Rajapaksa2009-2011610052214952.20211investigate this query
HP Tillakaratne1985-198647235112570.20200investigate this query

සියලුම ශ්‍රී ලංකා පිතිකරුවන් හා සසඳා බැලුවිට අසලංක මේවනවිට වැඩිම පිතිකරණ සාමන්‍යය ද රඳවා ගෙන සිටියි. 

Overall figures
KIC Asalanka2015-201545138720096.75200investigate this query
C Unantenne1987-1987242168109*84.00100investigate this query
HAPW Jayawardene1999-19991217959*79.00010investigate this query
RWMGA Ratnayake2003-200323115211976.00100investigate this query
CKB Kulasekara2003-200522014311071.50100investigate this query

ලොව අනෙකුත් රටවල් හි වාර්තා සැලකු විට යොවුන් ටෙස්ට් නායකයෙක් වශයෙන් ශතක දෙකක් අවම වශයෙන් රැස්කළ පිතිකරුවන් ඇත්තේ 13ක් පමණයි. එයිනුත් ද්විත්ව ශතක ලාභියෙක් ලෙස වාර්තා අතර ඉහල ස්ථානයක සිටින්නේ වර්තමාන යොවුන් ටෙස්ට් නායක චරිත් අසලංක පමණයි.

Overall figures
JP Crawley (EngYC)1991-1991611058013052.72320investigate this query
BB McCullum (NZ19)2001-2001341455186151.66300investigate this query
KIC Asalanka (Sri19)2015-2015341350200116.66200investigate this query
PP Chawla (Ind19)2006-200758033314641.62201investigate this query
V Chopra (Eng19)2005-2006612068616457.16241investigate this query
DR Martyn (AusYC)1991-1991352466181*155.33210investigate this query
Moin Khan (Pak19/PakYC)1990-1990711245415950.44211investigate this query
PBB Rajapaksa (Sri19)2011-2011230309149103.00200investigate this query
DR Reynolds (Aus19)1985-19861016178513352.33250investigate this query
BM Shafayat (Eng19)2003-200359034512138.33212investigate this query
TM Srivastava (Ind19)2006-200758153518276.42220investigate this query
ME Trescothick (Eng19)1995-1995611250713656.33220investigate this query
VH Zol (Ind19)2013-2013220301173150.50200investigate this query

(* - Not out)

#DON

13.10.2015


Friday, October 9, 2015

ලයනල් මෙන්ඩිස් සමුගනියි...

                                                                     Image Courtesy - www.flickr.com

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ පුහුණුකරු ලෙස කටයුතු කල ලයනල් මෙන්ඩිස් පෞද්ගලික රෝහලක දී මියගිය බවට වාර්තා පල විය. මිය යනවිට 80 හැවරිදී වියේ පසුවූ මෙන්ඩිස් මහතා රණතුංග සොහොයුරන්, මහේල ජයවර්ධන,  කුමාර් ධර්මසේන, නවීඩ් නවාස්, අවිශ්ක ගුණවර්ධන සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ගේ ක්‍රිකට් ගුරුවරයා විය.

අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඔහු 1959 දී කරන්දෙණිය මැදි විදුහලේ විද්‍යාව සහය ගුරුවරයෙක් ලෙස පත්වීම් ලබාගත් අතර පසුකලක වෘර්තීය ගුරුවරයෙක් ලෙස සුදුසුකම් ලබාගන්නා ලදී. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සහ ක්‍රිකට් පුහුණුකරුවෙක් වශයෙන් දෙවන ඉනිම ආරම්භ කරන ලයනල් මෙන්ඩිස් මහත්මයා 1969 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙක් ලෙස පත්වීමක් ලබාගනියි. එමෙන්ම එහි ක්‍රිකට් පුහුණුකරු ලෙස ක්‍රියාකරන ඔහු 1973 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්විය. පසුකලක NCC ක්‍රිකට් සමාජය හා අනුබද්ධව කටයුතු කල ඔහුගේ ගුරුහරුකම් මධ්‍යයේ ජාතික කණ්ඩායම ට පැමිණි ක්‍රීඩකයින් බොහොමයක් විය. 

2000 වසරේ දී 'ක්‍රිකට් හුරුව' නමැති කෘතිය එළිදක්වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කල අමිල සේවය හේතුවෙන් වර්ෂ 2009 දී අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ සියවස සම්පූර්ණ කිරීම නිමිති කොට ගෙන සම්මානයක් ද ප්‍රධානය කෙරිණි. 

                                                                                     Image Courtesy -   www.groupcard.com
                                                                     



#DON

09.10.2015

Tuesday, October 6, 2015

අසලංක ගේ වාර්තාව !






ඉම්රාන් රාෆික් ගේ නායකත්වයෙන් යුත් පකිස්තාන 19න් පහල කණ්ඩායම මෙරටට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි. ඒ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම සමඟ යොවුන් ටෙස්ට් තරඟ 2 කට සහ එක්දින තරඟ 5 කට ක්‍රීඩා කිරීම උදෙසා යි. කෙසේ වෙතත් දෙපිලම මීට පෙර ටෙස්ට් තරඟ 4කට පමණක් හමුවී ඇති අතර සියලුම තරඟ ජය පරාජයකින් තොරව නිමාවීම සුවිශේෂීයි. දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරඟය 2003 දී පැවති අතර ඉන් පසුව තරඟයක් පැවැත්වුයේ 2005 දීයි. ඒ අනුව වසර 10 ක නිහඬතාවයක් අවසන් කරමින් දෙපිල අතර ප්‍රථම තරගය පසුගිය 4 (04.10.2015) වනදා ආරම්භ විය.

පකිස්තාන පිලට එරෙහිව වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවන් පහත වේ.














මේ අතුරින් තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් අහිමිවූ/තවමත් හිමි නොවූ පිතිකරුවන් වන්නේ චරිත් අසලංක, හර්ෂ විතාන සහ ගංගානාත් රත්නායක වේ. 
ශ්‍රී ලංකා පිලට එරෙහිව පකිස්තානු පිතිකරුවන් ගේ දක්ෂතාවය පහත පරිදි ය.

















Overall figures
Nasir Jamshed2005-200524026620466.50100
Fawad Alam2005-200524223175115.50030
Adnan Raza2005-20052301488149.33020
Jahangir Mirza2003-200547114256*23.66011
Fahad Iqbal2005-20052401107527.50010


ඉහත දත්ත සලකා බැලුවිට වර්තමාන පකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කරන නසීර් ජම්ශේඩ් පකිස්තානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තාවක් පිහිටුවා ඇත. 4 වනදා ආරම්භ වූ ටෙස්ට් තරඟය අද නිමා වෙන විට ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක වාර්තා රැසක් බිඳහෙලීමට සමත් වුනේ සුපිරි පිතිකරුවෙකුගේ ආගමනය සනිටුහන් කරමිනි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නායකයා වන චරිත් අසලංක වසර ආරම්භයේ (2015) පළමුපෙළ තරඟාවලියේ දෙවන කාණ්ඩයේ පැවති 2016 පළමුපෙළ තරඟාවලියේ පළමු කාණ්ඩය ට සුදුසුකම් ලැබීමේ තරඟයේදී ශතකයක් වාර්තා කරන අතර එය ඉතිහාසගත වුයේ පළමුපෙළ ශතකයක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසටයි. එයින් නොනැවතුණු අසලංක වසර මැද පැවති 23න් පහල තරඟාවලියේදී SSC කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 126ක් රැස්කරන ලදී.

චරිත් අසලංක නැවත පුවත් මවන්නේ ඊයේ දිනයේදී (05.10.2015) ප්‍රබල පකිස්තානු පන්දුයවන්නන් ට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කිරීමෙන්. 19න් පහල ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් රැස්කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා වුයේ අසලංක යි.


Overall figures
AKKY Lanka2010-201135035421370.80121investigate this query
KIC Asalanka2015-201533025320084.33100investigate this query
LD Chandimal2007-200959151718464.62211investigate this query
AP Gurusinha1984-1986711136216136.20101investigate this query
PBB Rajapaksa2009-2011610052214952.20211investigate this query

එංගලන්තය ට එරෙහිව රැස්කළ ලකුණු 213 වාර්තා වුයේ තවමත් ජාතික පිල නියෝජනය කිරීමට අවස්තාවක් නොලැබූ යශෝධ ලංකා යි. එමෙන්ම අසලංක ශ්‍රී ලංකා වාර්තා අලුත් කරමින් 19න් පහල ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍ය හිමිකරගත් අතර ලොව අන් රටවල් හා සැසඳීමේදී ද්විත්ව ශතකයක් රැස්කළ දෙවන නායකයා ද අසලංක වේ.


Overall figures
K Sharp (EngYC)1978-1978351407260*101.75111investigate this query
KIC Asalanka (Sri19)2015-2015220216200108.00100investigate this query
Basit Ali (Pak19)1989-198947027818939.71102investigate this query
Hasan Raza (Pak19)1999-1999342324188*162.00120investigate this query
BB McCullum (NZ19)2001-2001341455186151.66300investigate this query
LD Chandimal (Sri19)2009-200924128818496.00111investigate this query



#DON

06.10.2015