වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් - 1

ක්‍රීඩකයින් 50 කට අධික ප්‍රමාණයක් ගිවිසුම්ගත කරමින් ආරම්භ කළ වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය ලැබුනේ නයින් නෙට්වර්ක්, ඔස්ට්‍රෙලියන් කොන්සොලිඩේටඩ් ප්‍රෙස් වැනි මාධ්‍යය ජාලා හිමි ඕස්ට්‍රේලියාවේ බලවත්ම පුද්ගලයෙක් ලෙස සැලකූ ධන කුවේරයෙකු වන කෙරී පැකර් (මියගිය). 


මේ සඳහා ක්‍රීඩකයින් සහභාගි වන්නට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ඔවුනට ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩකයින්ගේ වටිනාකමට සරිළන පරිදි වැටුප් නොගෙවීම සහ අනෙකුත් පහසුකම් ඉතා අවම වශයෙන් හිමිවීම.

ඉයන් චැපල් - "මේ තරගාවලිය ආරම්භ වන්නට පෙර කෙරී පැකර් ට ඕනෑ වුනා, තමන්ගේ චැනල් නයින් හරහා ටෙස්ට් ක්‍රිකට් තරග දර්ශනය කරවන්නට. ඒ සඳහා ඔහු , ABC නාලිකාවට වඩා අතිශය වැඩි මුදලක් ගෙවන්නට පවා සූදානම්ව සිටියා. නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එයට එරෙහි වීම නිසා, පැකර් සිටියේ කේන්තියෙන්. ඒ වගේම ඩෙනිස් ලිලී, ඒ කාලේ ඔහුගේ ජනෙල් වීදුරු පිරිසිදු කිරීමේ ආයතනයෙන් ලැබෙන ලාභය, ක්‍රිකට් වලින් ඔහුට හිමිවන මුදලට වඩා වැඩි වීම වැනි කාරණා නිසා ඔහු වැනි අමතර රැකියා/ව්‍යාපාර කළ ක්‍රීඩකයින් පසුතැවිල්ලෙන් සිටියා"


ක්ලයිව් ලොයිඩ් - "ක්‍රීඩකයින් ට වාසිදායක වාතාවරණයක් අහිමි වෙමින් තිබියදී කවුරුන් හෝ එම අවස්ථාවේ දී ඉදිරියට ආ යුතුව තිබුණා. අනෙකුත් ක්‍රීඩා වල ක්‍රීඩකයින් සැප පහසුකම් මධ්‍යයේ ජීවත් වන අතරේ ක්‍රිකට් ක්‍රීඩකයින් ට හිමි වුනේ කුඩම්මාගේ සැලකිලි."

ඉයන් චැපල් - "මම නායකයා ලෙස 70 දශකයේ දී කටයුතු කරන විට, ක්‍රීඩකයින්ගේ වේතනය පිළිබඳ සාකච්ඡා කිරීමට ක්‍රිකට් ආයතනයේ රැස්වීම් වලට මමත් සහභාගි වුනා. බ්‍රැඩ්මන් (ඩොනල්ඩ්) , අපේ ඉල්ලිම් කනකට ගත්තේ නෑ. එයා අත ඔසවද්දී, ආයතනයේ අනෙකුත් සාමාජිකයිනුත් අත ඔසවනවා. වර්ල්ඩ් සීරිස් තරගාවලිය ආරම්භ වන්නට, බ්‍රැඩ්මනුත් එක ප්‍රබල හේතුවක්. අපි හිතුවේ, ඔහු මිත්‍රශිලී අසන්නෙක් හැටියට, නමුත් ඔහුගෙන් අපි දැක්කේ ප්‍රතිවිරුද්ධ ආකල්පයක්. හරියට අපි එයාගේ සාක්කුවෙන් සල්ලි ගන්න හදනවා වගේ."


ක්ලයිව් ලොයිඩ් - "අපි, ඕස්ට්‍රේලියාවේ තරග සංචාරය කරද්දී අපිට ලැබුණු ත්‍යාග මුදල් සහ වෙළඳ දැන්වීම් ඔස්සේ ලැබුණු මුදල්වල වටිනාකම තරගාවලිය ක්‍රීඩා කිරීමට ලැබෙන මුදලට වඩා වැඩි වුනා. කෙරී පැකර් අපිට කිව්වේ, 'උඹලා ගේ වටිනාකම තවම උඹලා තේරුම් අරගෙන නැති බවට." 

ඉයන් චැපල් - "74/75 එංගලන්ත තරගවලියේ MCG තරගය පැවැත්වෙනකොට , ප්‍රේක්ශකයින් ඕස්ට්‍රේලියානු ඩොලර් 250,000 ක වටිනාකමින් යුත් ටිකට් මිලදී ගෙන ඇති බවට නිවේදනයක් නිකුත් කළා. 

"එහෙම වෙන්නේ කොහොමද ?" 

අපිට , ඒ වෙද්දී ක්‍රිකට් ආයතනයෙන් හිමිවුනේ ඩොලර් 200ක් විතරයි. කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 ටම ඩොලර් 2,200 යි. ඉතුරු සල්ලි වලට මොකද වෙන්නේ ????
ඒ වෙලේම මට හිතුනේ, අපි පට්ටපල් මෝඩයෝ හැටියට."

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළිකාර නායකයෙකු ලෙස සැලකෙන ඉයන් චැපල් , තම ක්‍රීඩකයන් වෙනුවෙන් සහ අනාගත ක්‍රීඩකයන් වෙනුවෙන් සටන් කරන්නට සූදානම් වුනේ , බ්‍රැඩ්මන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ , දෙබිඩි පිළිවත නිසා. 

කෙරී පැකර් ට ටෙස්ට් ක්‍රීඩාව , තම චැනල් නයින් ඔස්සේ ප්‍රචාරය කරවන්නට ඉඩ නොදීම නිසා, ඔහුට ඔහුගේම තරගාවලියක් ආරම්භ කරන්නට ඕනෑ වුනා.

වර්ල්ඩ් සීරිස් තරගාවලිය පිළිබඳව තවත් කොටසක් ඉදිරියේ දී..

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments