අවසන් කඩුල්ලේ ලෝක වාර්තාව
1928/29 ශෙෆිල්ඩ් ශීල්ඩ් තරගාවලියේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපළක් අපූරු ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ලකුණු 376 ට පිළිතුරු ඉනිම ඇරඹු නිව් සවුත් වේල්ස් පිලේ කඩුලු 7ක් ලකුණු 58දීත් 9 වන කඩුල්ල ලකුණු 113දීත් බිඳ වැටිණ. ඒ වන විට පිතිකරණයේ යෙදී සිටි ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිතිකරු සහ නිව් සවුත් වේල්ස් පිලේ නායකයා ඇලන් කිපැක්ස් ලකුණු 20ක් රැස්කර සිටි අතර ඔහු සමඟ එක්වූයේ අඩි 6ක් උස මද වේග පන්දු යවන්නෙකු වූ හැල්ෆර්ඩ් "හැල්" හුකර් ය.
ඉක්මනින්ම නිව් සවුත් වේල්ස් ඉනිම අවසන් කිරීම සඳහා පන්දු රකින්නන් සියල්ලන්ම පාහේ හැල් හුකර් ගේ වටා ස්ථානගත කරත් මෙම ඔහු කඩුල්ල ප්‍රතිවාධීන්ට ලබාදීම ප්‍රමාද කළේ ය.
පන්දුරකින්නන් ඉතා ළංව පන්දුරකින බව දැක, නායක කිපැක්ස්, හුකර් අසළට ගොස් මෙලෙස විමසුවේ ය.
"උඹේ ළඟ, ඉන්න පන්දු රකින්නෝ ගැන අවුලක් නැද්ද ? උඹට අම්පයර්ට කියලා ශේප් එකක් දාගන්න පුළුවන් වෙයි"
හැල් හුකර්: "මට අවුල ඒක නෙමෙයි, බෝල් කරද්දි, කොහොමද මුන්, පන්දු රකින්නන්ගේ ඇඟේ වද්දන්නේ නැතුව බෝල් කරන්නේ කියලා"
දින දෙකක් අතරතුර පැය 5ක් පමණ පිතිකරණයේ නියැලූ මෙම පිතිකරුවන් දෙපලෙන් හැල් හුකර් තෙවැන දිනයේ දී ලකුණු 62කට දැවී යන විට නිව් සවුත් වේල්ස් ඉනිම අවසන් විය. නායක ඇලන් කිපැක්ස් නොදැවී ලකුණු 260ක් රැස්කළේ ය. ඒ අනුව 113න් ඇරඹු මෙම සබඳතාවය තවත් ලකුණු 307ක් එක්කරමින් අවසන් කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලයක් එක්කළ දැවැන්තම සබඳතාවයේ ලෝක වාර්තාව පිහිටවනු ලැබීය.
Image courtesy: the Cricketer

Comments
Post a Comment