Tuesday, January 5, 2016

දසුන් ශානක ගේ වේගවත්ම 20යි 20 ශතකය, සඳකැන් ගේ කඩුලු ත්‍රිත්වය හා බැඳුනු වාර්තා !

AIA රක්ෂණ සමාගමේ අනුග්‍රහය ඇතිව මෙවර පැවැත්වෙන ප්‍රධාන පෙලේ දේශීය තරඟාවලි තුන වූ තුන්දින ප්‍රිමියර් ලීගය, ඕවර 50 තරඟාවලිය සහ 20යි 20 තරඟාවලියේ බොහොමයක් තරඟ මේවනවිට නිමා වී ඇති අතර ඕවර 50 තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ෆර්විස් මහරූෆ් ගේ නායකත්වයෙන් යුත් NCC පිල පසුගිය සතියේ සමත්විය. මේ වසරේ සිට හඳුන්වාදීමට නියමිත එලයිට් (Elite) 20 යි 20 ශූරතාවය ට තෝරාගැනීමට නියමිත කණ්ඩායම් සඳහා මෙම අන්තර් සමාජ 20යි 20 තරඟාවලිය මහත් රුකුලක් වනු ඇත. මෙම තරඟාවලිය තුල දක්වන දස්කම් ප්‍රමුඛතාවයක් දක්වන බැවින් මේ වනවිටත් මෙම තරඟාවලියේ බොහෝ තරග උණුසුම් අයුරින් නිමා විය.

අද (04.01.2016) දින පැවති සිංහල ක්‍රීඩා සමාජය (SSC) සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයේ වඩාත් කැපී පෙනුන ඉනිම වුයේ SSC නායක දසුන් ශානක විසින් නොදැවී රැස්කළ ලකුණු 131 යි. එයට ඔහුට අවශ්‍ය වුයේ පන්දු 48ක් පමණයි. ඒ අනුව 2008 වසරේ සිට හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය විසින් රැකගෙන සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් රැස්කළ වැඩිම 20යි 20 ලකුණු ගණනේ වාර්තාව අද බිඳ වැටිණි. දසුන් ශානක මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් 20යි 20 තරඟයකට සහභාගී වූ අයෙක්.


                                                                             (Copyright - ThePapare.Com)

ශ්‍රී ලාංකිකයෙකු විසින් රැස්කළ වැඩිම 20යි 20 ඉනිම් 

131* - දසුන් ශානක - ගාල්ල ක්‍රිකට් සමාජය ට එරෙහිව - 2016 
114* - සනත් ජයසූරිය - චෙන්නායි සුපර් කිංග්ස් පිල ට එරෙහිව - 2008 
110* - චාමර සිල්වා - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015 
110 - මහේල ජයවර්ධන - කොල්කටා නයිට් රයිඩර්ස් පිල ට එරෙහිව - 2010 

(* - නොදැවී)

ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විසින් රැස්කළ වේගවත්ම 20යි 20 අර්ධ ශතක

උපුල් ජයසේන - පන්දු 14 යි - 2015 
තිලකරත්න දිල්ශාන් - පන්දු 18 යි - 2014 
කුසල් ජනිත් පෙරේරා - පන්දු 18 යි - 2015 
දසුන් ශානක - පන්දු 20 යි - 2016 

ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විසින් රැස්කළ වේගවත්ම 20යි 20 ශතක 

දසුන් ශානක - පන්දු 40 යි - 2016 
සනත් ජයසූරිය - පන්දු 45 යි - 2008 
චාමර සිල්වා - පන්දු 49 යි - 2015
මහේල ජයවර්ධන - පන්දු 55 යි - 2010 

ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විසින් 20යි 20 ඉනිමක එල්ල කල වැඩිම 6 පහර ගණන 

දසුන් ශානක - හයේ පහර 12 යි.
සනත් ජයසූරිය - හයේ පහර 11 යි.
අමල් ඇතුලත්මුදලි - හයේ පහර 10 යි.
තිලකරත්න සම්පත් - හයේ පහර 9 යි.


                                                                              (Copyright - ThePapare.Com)

කොළඹ ක්‍රිකට් සමාජය (CCC) සහ වරාය අධිකාරි කණ්ඩායම අතර පැවති 20 යි 20 තරගය නිමා වුනේ වරාය අධිකාරි කණ්ඩායම කඩුලු 3 ක පහසු ජයක් ලබාගනිමින්. කෙසේ වෙතත් කොළඹ ක්‍රිකට් සමාජ පිලේ චයිනමන් පන්දු යවන්නා වන ලක්ෂාන් සඳකැන් ගේ කඩුලු ත්‍රිත්වය අද දින වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් විය. වසර 09 කට පසු මෙරට දී පැවති තරගයකින් වාර්තා වූ ප්‍රථම කඩුලු ත්‍රිත්වය මෙයයි. එමෙන්ම අවසන් වරට කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ශ්‍රී ලාංකිකයා වුයේ ඉසුරු උදානයි. ඒ චැම්පියන්ස් ලීගයේ දී වයඹ පිල වෙනුවෙන් ලබාගත් කඩුලු ත්‍රිත්වයයි. සඳකැන් ගේ කඩුලු ත්‍රිත්වයට දැවී ගිය පිතිකරුවන් වුයේ ගිහාන් රූපසිංහ, WAI රංගන සහ HM රාජපක්ෂ යි. 

20යි 20 තරඟ තුල කඩුලු ත්‍රිත්ව ලබාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ. 

ආර්.ඩී. අබේධීර - 2005/06
චමින්ද විදානපතිරණ - 2006/07 
ඉසුරු උදාන - 2010/11 
ලක්ෂාන් සඳකැන් - 2015/16 

#DON
04.01.2015



No comments:

Post a Comment