Sunday, January 3, 2016

ඉයන් පීරිස් සමුගනියි.



 ( Copyright: The Island)
                                                             
1960 දශකයේ ඕල් සිලෝන් කණ්ඩායමේ දක්ෂ මඳ වේග පන්දුයවන්නෙක් ලෙස ප්‍රකටව සිටි පසුකලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුලසුන දැරූ ඉයන් පිරිස් (P.I.) මහතා පසුගිය පළවෙනිදා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය. පසුපෙළ පිතිකරුවෙක් ලෙස වේගයෙන් ලකුණු රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ ඉයන් පිරිස් මහතා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද හොබවූ අයෙක්. 1953 වසරේ කොළඹ රාජකීය ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පරාජය කිරීම සඳහා තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ P.I. ඉන්පසුව කොළඹ සිංහල ක්‍රීඩා සමාජය හා එක්ව ක්‍රීඩා කලේය. 1953 දී මෙරටට පැමිණි සුප්‍රකට ලින්ඩ්සේ හැසෙට් ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕල් සිලෝන් කණ්ඩායමේ පාසල් ක්‍රීඩකයෙකු වශයෙන් ස්ථානයක් වෙන් කරගැනීමට ඔහුට අවස්තාවක් ලැබිණ. 

1956 දී එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සරේ පිලට එරෙහිව ක්‍රීඩා කිරීමේ වරම හිමිකරගන්නා ඔහු 1958 තෙක් කේම්බ්‍රිජ් පිල නියෝජනය කලේය. එම කාලවකවානුව තුල මෙරටින් බිහිවූ තවත් අග්‍රගණයේ දඟ පන්දු යවන්නෙකු වූ ගාමිණි ගුණසේන ද ඔහුගේ කණ්ඩායමේ සඟයෙකු වීම සුවිශේෂී සිදුවීමක් විය (ගාමිණි ගුණසේන පසුකලක කේම්බ්‍රිජ් පිලේ නායකත්වයද දරමින් ජයග්‍රහණ රාශියකට ඔහුගේ පිල මෙහෙයවූ අතර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පිලද නියෝජනය කරමින් දස්කම් දැක්වූ අයෙක්). 

ඉයන් පීරිස් ගේ පන්දු යැවීමේ දස්කම් වලටත් වඩා එකල ක්‍රිකට් ලෝලීන්ට ඔහු මතකයේ රැඳෙන්නේ 1967 දී පැමිණි ගාෆිල්ඩ් සෝබර්ස් ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව නොම්මර 11 පිතිකරු ලෙස වේගවත් ලකුණු 46 ක් රැස් කිරීමයි. එම ඉනිමේ 10 වන කඩුල්ලට ඔහු හා එක්ව පිතිකරණයේ යෙදුනු නීල් චන්මුගම් (නැසීගිය) ලකුණු 110 ක වාර්තාගත සම්බන්ධතාවයක් ඇතිකරන ලද අතර එය වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් විය. 

ඉයන් පිරිස් මහතා 80 දශකයේ අග භාගයේ දී සහ 90 දශකයේ මුල් භාගයේදී ජාතික ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කලේය. 

...............................................................................................................................................................

“I had the fortune of playing under PI for SSC for five or six seasons. He was a good captain who is capable of getting the best out of every player. He was also a fine right arm swing bowler who moves the ball both ways at will and I am sure even today cricketers will find him handful because of his ability to swing the ball both ways. He was also a fine lower order batsman always contributed to the side whenever a score was needed from him. All in all he was a great cricketer and a gentleman. My deepest sympathies go his family” - Former Sri Lanka Captain Anura Tennakoon ( මූලාශ්‍රය - Sunday Times) 

#DON
03.01.2015

No comments:

Post a Comment