Monday, January 11, 2016

ත්‍රිත්ව ශතකයක් රැස්කරගත් ලාබාලතමයා !

Copyright - theceyloncricketer.com

සිංහල ක්‍රීඩා සමාජ පිල පළමුපෙළ තරඟාවලිය තුල B කාණ්ඩයේ අවසන් ස්ථාන කිහිපයතුල රැදෙමින් මෙවර අදක්ෂම කණ්ඩායම් ලෙස සැලකෙමින් සිටියදී බදුරලිය පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 121 ක ජයක් ලබාගන්නේ වාර්තා රැසක් බිඳ දමමින්. එමෙන්ම එම ජයග්‍රහණයෙන් B කාණ්ඩයේ පළමු ස්ථානය හිමි වුයේ SSC පිලටයි. මෙම තරගයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් බදුරලිය පිල රැස්කලේ ලකුණු 254ක් පමණයි. එහිදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හසන්ත ප්‍රනාන්දු සහ සහන් විජේරත්න අගනා අර්ධ ශතක රැස්කරන්නේ මුල් පෙළ පිතිකරුවන් ගේ අසාර්ථක භාවය මකා දමමිනි. SSC පිල වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්විය. 

ලකුණු 254ක් පිටුපස සිටි SSC පිලේ ආරම්භය අති විශිෂ්ට විය. ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න (121) දැවී යද්දී SSC පිල වාර්තාගත ලකුණු 279ක් රැස්කර බදුරලිය කණ්ඩායමට වඩා ලකුණු 25 ක් ඉදිරියෙන් සිටින ලදී. 

SSC පිල වෙනුවෙන් ආරම්භ පිතිකරුවන් ප්‍රථම කඩුල්ලට එක්කල වැඩිම ලකුණු ගණන 
  1. දිමුත් කරුණාරත්න සහ මිනෝද් භානුක - 279 - 2015/16 
  2. කෞෂාල් සිල්වා සහ මිනෝද් භානුක - 226 - 2014/15 
නොම්මර 3 පිතිකරු ලෙස පැමිණි රමේෂ් මෙන්ඩිස් එක්වුයේ ඒවනවිට එම ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ මිනෝද් භානුක සමඟයි. මිනෝද් භානුක ඔහුගේ ප්‍රථම ද්විත්ව ශතකය රැස්කරමින් පළමුපෙළ තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ 6 වන ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 

ද්විත්ව ශතකයක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවන්.
  1. මයිකල් වැන්ඩොට් (කොළඹ ක්‍රිකට් සමාජය) - අවුරුදු 19 යි දින 150 යි - 226 - පානදුර ක්‍රීඩා සමාජය ට එරෙහිව.
  2. මයිකල් වැන්ඩොට් (කොළඹ ක්‍රිකට් සමාජය) - අවුරුදු 19 යි දින 200 යි - 225 - සිංහ ක්‍රීඩා සමාජය ට එරෙහිව.
  3. සනත් ජයසුරිය (ශ්‍රී ලංකා බී) - අවුරුදු 19 යි දින 251 යි - 203* - පකිස්තාන් බී ට එරෙහිව 
  4. සනත් ජයසුරිය (ශ්‍රී ලංකා බී) - අවුරුදු 19 යි දින 262 යි - 207* - පකිස්තාන් බී ට එරෙහිව 
  5. සංජීව සිල්වා (සෙබස්ටිනිටීස් ක්‍රිකට් සමාජය) - අවුරුදු 20 යි දින 236 යි - 201* 
  6. මිනෝද් භානුක (සිංහල ක්‍රීඩා සමාජය) - අවුරුදු 20 යි දින 254 යි - 342 
එමෙන්ම මිනෝද් භානුක ලකුණු 250ක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. 

මිනෝද් භානුක ඉන් නොනැවතිනි, ඉන් පසු ඔහු ත්‍රිත්ව ශතකයක් ද රැස්කරමින් ත්‍රිත්ව ශතකයක් රැස්කළ ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 

මිනෝද් භානුක (342 - හයේ පහර 10යි, හතරේ පහර 35 යි) ගේ දැවී යාම සනිටුහන් වුයේ 106 වන ඕවරයේ දියි. ඒවනවිට SSC පිල ලකුණු 584ක දැවැන්ත ඉනිමක් දියත් කර තිබිණ. දේශීය පළමුපෙළ ඉතිහාසයේ ලබාගත් දෙවන වැඩිම ලකුණු ගණන වුයේ ද මෙයයි.

දේශීය පළමුපෙළ ක්‍රිකට් තරඟාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්.
  1. කිත්රුවන් විතානගේ - 351 - ගුවන් හමුදා පිල ට එරෙහිව - 2014/15
  2. මිනෝද් භානුක - 342 - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015/16
  3. තිලින කණ්ඩම්බි - 340* - ටැමිල් යුනියන් පිල ට එරෙහිව - 2012/13
  4. කුසල් ජනිත් පෙරේරා - 336* - සැරසන්ස් ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2012/13 
SSC පිල වෙනුවෙන් දෙවන කඩුල්ලට රැස්කරන ලද වැඩිම ලකුණු ගණන 
  1. මිනෝද් භානුක සහ රමේෂ් මෙන්ඩිස් - 305 - 2015/16 
  2. කෞෂාල් සිල්වා සහ තරංග පරණවිතාන - 248 - 2006/07 
පළමුපෙළ ඉනිමක දෙවන කඩුල්ල බිඳ වැටෙද්දී කණ්ඩායමක් ලබාගෙන තිබු වැඩිම ලකුණු ගණන 

656 - Water & Power Development Authority - 2009 618 - දිල්ලි පිල - 1995 615 ශ්‍රී ලංකාව (ඉන්දියාවට එරෙහිව) - 1997 599 මුම්බායි පිල - 1996 594 වික්ටෝරියා ප්‍රාන්ත පිල - 1926 584 සිංහල ක්‍රීඩා සමාජය (SSC) - 2016

ශ්‍රී ලංකා පිතිකරුවෙක් පළමුපෙළ ඉනිමක ලබාගත් ඉහලම ලකුණු ගණන 
  1. මහේල ජයවර්ධන - 374
  2. කිත්රුවන් විතානගේ - 351 
  3. මිනෝද් භානුක - 342 
  4. තිලින කණ්ඩම්බි - 340*
  5. සනත් ජයසූරිය - 340
  6. කුසල් ජනිත් - 336
  7. කුමාර් සංගක්කාර - 319
  8. කුමාර් සංගක්කාර - 287 
දිමුත් කරුණාරත්න (121), මිනෝද් භානුක (342) ට අමතරව රමේෂ් මෙන්ඩිස් (107*) ගෙන් ද අගනා ශතකයක් වාර්තා විය. බදුරලිය පිලට ඉනිමක පරාජයකින් බේරීම සඳහා 330 ක ඉලක්කයක් පසුකර යායුතුව තිබු අතර එය හඹා යාමට ඔවුන්ට නොහැකි විය. ඔවුන්ගේ සියලුම කඩුලු ලකුණු 209ක් තුල බිඳ වැටිණි. 

#DON
11.01.2016


No comments:

Post a Comment