Saturday, March 7, 2015

අපි නොදන්න ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන අතර තොරතුරු කිහිපයක්



Surrey Village Ground, Maggona




Ceylon Sports Club Ground, Singapore 







ලංකාවේ කළුතර තියනවා සරේ විලේජ් ග්‍රවුන්ඩ් (Surrey Village Ground) කියලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, ඒ වගේම සිංගප්පුරුවේ තියනවා සිලෝන් ස්පෝර්ට්ස් ක්ලබ් ග්‍රවුන්ඩ් (Ceylon Sports Club Ground) කියලා ක්‍රීඩාංගනයක්. මේ රටවල් දෙකේම මේ ක්‍රීඩාංගන දෙකටම තියෙන්නේ දෙරටට කිසිදු සම්බන්ධතාවයක් නැති නමක්.




Natives Watching Cricket On Galle Face -Pic courtesy - Micheal Roberts's Blog 


ලංකාවේ පවත්වලා තියන ක්‍රිකට් තරග අතරින් සුවිශේෂී ක්‍රීඩාංගන කිහිපයක්ම තියෙනවා. 1940 හා ඊට පෙර තරග බැලුවොත් Colombo CC පළමුපෙළ ක්‍රීඩාංගනයට අමතරව ගාලු මුවදොර පිටියේදී, බෝගම්බර පිටියේදී ඒ වගේම අපි හිතලවත් නැති විහාර මහා දේවී උද්‍යානයේදී පවා ක්‍රිකට් තරග බොහොමයක් සාර්ථකව පවත්වලා තියනවා.



Radella
ලංකාවේ කොළඹ, ගාල්ල සහ මහනුවරට ක්‍රිකට් තරග බහුලව බෙදී යද්දී මේ ප්‍රධාන නගර තුනට එපිටින් යන ක්‍රීඩාංගනයක් තියෙනවා රට මැදට වෙන්න. නුවරඑලියට ආසන්න රදැල්ල කියන ප්‍රදේශයේ දිඹුල එහෙමත් නැත්තන් රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයත් සුවිශේෂී එකක්. ලෝකයේ මුහුදු මට්ටමෙන් අඩි 4000 කට ඉහලින් තියන ක්‍රීඩාංගන අතලොස්සෙන් එකක් තමයි රදැල්ල. මේ ක්‍රීඩාංගනයේ සුවිශේෂී තරග කිහිපයක්ම තියලා තියනවා. එකක් තමයි 1984 දී මෙරටට පැමිණි නවසිලන්ත පිලත් ශ්‍රී ලංකාවත් අතර පුහුණු තරගය. අවාසනාවට මේ තරගය වැස්සෙන් හේදිලා ගියත් එවකට නවසිලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලි පැවසුවේ ලංකාවේ හොදටම පන්දුව SWING කරන්න පුළුවන් මෙන්න මේ රදැල්ල කියන ක්‍රීඩාංගනයේ කියලා. ඒ වගේම ක්‍රිකට් බයිබලය ලෙස සලකන විස්ඩන් සගරාව කියන්නේ ලෝකයේ අලංකාර පාරිසරික වටපිටාවක් සහිත ක්‍රීඩාංගන අතරින් රදැල්ල එයින් එකක් බවයි.
ලංකාවේ ආගමික වශයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්න අනුරාධපුර නගරයේත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රිකට් තරගයක් පවත්වලා තිබෙනවා. 1914 වසරේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පිල සහ කුරුණෑගල, අනුරාධපුර ඒකාබද්ධ කණ්ඩායම් අතර පැවති තරගය පසුගිය වසර 100 තුල එහි පවත්වලා තියෙන මුල්ම සහ එකම ප්‍රමුඛ පෙලේ කණ්ඩායමක් නියෝජනය කල ක්‍රිකට් තරගයයි. තරගය පැවැත්වීමේ වාසනාව උදාවුනේ අනුරාධපුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයයි.
©

No comments:

Post a Comment