ලකුණු පුවරුවෙන් බිඳක් - 14
පන්දුවාරයකට නියමිත නිවැරදි පන්දු යොමු කිරීම් 6 තුල රැස්කරගත හැක්කේ උපරිම වශයෙන් ලකුණු 36ක් පමණයි. නමුත් අමතර ලකුණු ඇසුරෙන් සහ පන්දු රකින්නන් ගේ දුර්වලතා නිසා මෙම උපරිම ලකුණු සීමාවන් ඉක්මවා යා හැකි ය. කෙසේ වෙතත් එවැනි අවස්ථා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වන්නේ ද අල්ප වශයෙනි. ඊයේ (11.04.2017) බංගලාදේශයේ, ඩකා දෙවන පෙළ ක්‍රිකට් තරඟාවලියේ දී ලල්මටියා ක්‍රිකට් සමාජයේ සුජෝන් මහ්මුද් විසින් ප්‍රතිවාධි අසියෝම් පිලට ප්‍රථම පන්දුවාරයේ දී ලකුණු 92ක් ලබා දෙන ලද බවට ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කරන ලදී.
විනිසුරුවරුන් ගේ දුර්වල සහ අසාධාරණ තීරණ වලට එරෙහි වීමක් ලෙස ලල්මටියා සමාජය මෙම තීරණය ගත් බවට එම සමාජයේ මහ ලේකම් අද්නන් රහ්මාන් පැවසී ය. කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේ දී ලල්මටියා පිලේ නායකයාට එහි තීරණය කුමක්දැයි බැලීමට අවස්ථාව නොදී ඔවුන්ට ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන්නට පැවසු බවත් පිතිකරණයේ දී ලබාදුන් අසාධාරණ තීරණ හේතුවෙන් ඔවුන් ට ලකුණු 88 කට දැවියන්නට සිදුවූ බවත් අද්නාන් වැඩිදුරටත් ඩකා ට්‍රිබියුන් පුවත්පතට වාර්තා කලේ ය.
සුජෝන් මහ්මුද් විසින් යැවූ පන්දුවාරය තුල වයිඩ් පන්දු 13ක් සහ නිපන්දු 15ක් මගින් ප්‍රතිවාධි පිලට ලකුණු 80ක් ද ඔහු විසින් යැවූ නිත්‍යානුකුල පන්දු 4 ඇසුරෙන් ලකුණු 12ක් ද යනාදී වශයෙන් ලකුණු 92ක් අසියෝම් පිල රැස්කරන ලදී. ඒ අනුව කඩුලු 10 ක ජයක් ඔවුන්ට හිමි විය.
12.04.2017

උපුටා ගැනීම් :
ඩකා ට්‍රිබියුන් - http://www.dhakatribune.com/sport/cricket/2017/04/11/bowler-gives-away-92-runs-four-balls/
http://www.scoresbd.com/match/MatchDataForTabResult.aspx?op=2&match=1765
![]() |
| Credits - Dhaka Tribune |

Comments
Post a Comment