Wednesday, July 1, 2015

ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තාව මූලිකත්වය ගත් අවස්ථා


ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තාව මූලිකත්වය ගෙන සිදුවූ විශාලතම වෙනස්වීම සිදුවුයේ පන්දු යැවීමේ අංශයෙනි. 1860 පමණ වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිත්‍යානුකුල පන්දු යැවීමේ ඉරියව්ව වුයේ උරහිසට පහලින් පන්දු යැවීමයි (Underarm) එහෙත් 1830 - 40 අතර කාලය තුල එකල සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජෝන් විල්ස් ගේ සහෝදරිය වූ ක්‍රිස්ටිනා විල්ස් මුල් වරට උරහිසට ඉහලින් වර්තමානයේ නිත්‍යානුකුල පන්දු යැවීමේ ඉරියව්ව හඳුන්වා දෙමින් ක්‍රීඩාවේ සුවිශාල මෙහෙයක් කළා ය. ඇයට එසේ පන්දු යැවීමට සිත්වූ අයුරු ද හාස්‍යජනක සිදුවීමක් ලෙස සැලකිය හැකියි. උරහිසට පහලින් පන්දු යැවීමේ දී ඇයගේ විශාල ගවුම බාධාවක් වීම හේතුකොට ගෙන ඊට පිළිතුරු වශයෙන් ඉහත හඳුනවා දීම සිදුවූ බව ඉතිහාසය ගෙනහැර පායි.


පළමු ලෝක කුසලානය - පළමු ලෝක කුසලානය පැවැත්වුයේ 1975 දී කිව්වොත් එය වැරදි නිගමනකි. පළමු ලෝක කුසලානය පැවැත්වුයේ 1973 වර්ෂයේදීයි. ඒ කාන්තා ක්‍රිකට් දියුණු කිරීම සඳහා සහ ජනප්‍රිය කරවීමේ අවශ්‍යතාවය නිසා. මේ තරගාවලිය සංවිධානය කලේ ව්‍යපාරික ජැක් හෙවොර්ඩ් විසින්. ඒ සඳහා ඔහු පවුම් 40,000 ක් වැය කළා. පළමු කාන්තා ලෝක කුසලානය දිනාගත්තේ එංගලන්තයයි, ඒ ඔස්ට්‍රේලියාව පරදවමින්.






ලෝක කුසලාන තරගාවලියක ප්‍රථම ශතක - පළමු ලෝක කුසලානයේදීම ප්‍රථම ශතක දෙක වාර්තා වුනා.එංගලන්තයේ එනිඩ් බෙක්වෙල් සහ ලීන් තෝමස් විසින් ඔවුන්ගේ ප්‍රථම එක්දින තරගයේදීම ශතක වාර්තා කළා.











පළමුවරට ටෙස්ට් තරගයකදී ශතකයක් සහ කඩුලු 10ක් ලබාගැනීම - මුල්ම වරට මෙම දස්කම කලේ ඕස්ට්‍රේලියාවේ බෙටී විල්සන් . ඔස්ට්‍රේලියාව මුලින් පිතිකරණයේ යෙදුනු අතර ඔවුන් ලකුණු 38 ට සියල්ලන්ම දැවී ගියා. නමුත් එංගලන්තය ලබාගත්තේ ලකුණු 35ක් පමණයි බෙටී ලකුණු 7 ට කඩුලු 7ක් දවාගන්නවා. ඕස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිමේදී බෙටී ශතකයක් වාර්තා කරන අතර එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේදී තවත් කඩුලු 3ක් ගනිමින් මෙම වාර්තාවේ හිමිකාරිනිය බවට පත්වෙනවා.




රෝස පැහැති පන්දුව භාවිතය - මුල්ම වරට රෝස පැහැති පන්දුව භාවිත කලේ කුවින්ස්ලන්ඩ් සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රදර්ශනාත්මක කාන්තා ක්‍රිකට් තරගයෙදියි. ඒ 2008 වර්ෂයේදීයි.

පළමු අන්තර්ජාතික 20යි 20 තරගය - 2004 දී 20යි 20 ජාත්‍යන්තර මුහුණුවරින් ක්‍රිකට් ලෝකයට පැමිණියා. නමුත් ඒ කාන්තා ක්‍රිකට් තරගයක් විදිහට. එංගලන්තය සහ නවසීලන්තය තරග කල අතර ලකුණු 9න් තරගය දිනාගැනීමට නවසීලන්තය සමත්වුනා.

එක්දින තරගයක පළමු ලකුණු සමවීම - නවසීලන්තය ඔවුන්ගේ රටේ පවත්වපු 1982 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගයම ලකුණු සමවීමෙන් නිමා වුනා. නවසීලන්තය සහ එංගලන්තය දෙපිලම රැස්කලේ  ලකුණු 147 ක් පමණයි.

පළමු වරට එක්දින තරගයක දවාලීම් 6කට සහභාගී වූ කඩුලු රකින්නා - මෙහි වාර්තාව අයත්වෙන්නෙත් කාන්තවකටමයි. ඒ නවසීලන්තයේ සාරා ඉලින්ග්ව්ර්ත් කඩුලු රකින්නියයි. මෙම වාර්තාව පිහිටවුයේ 1993 ලෝක කුසලාන තරගවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. පිරිමි ක්‍රීඩකයෙක් මෙම වාර්තාවට එන්න 2000 වසර තෙක් බලාසිටින්නට වුනා. ඒ ඇඩම් ගිල්ක්‍රිස්ට් දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන් නුවරදී උඩපන්දු 6ක් ලබාගැනීමෙන්.


පළමු එක්දින 200 - සචින් 2010 වර්ෂයේදී 200 රැස්කරගත්තත් එය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය ලෙස වාර්තා පොතට ගියේ නෑ. 1997 දී ඩෙන්මාර්ක් පිලට එරෙහිව බෙලින්ඩා ක්ලාර්ක් ප්‍රථම 200 වාර්තා කරනවිට එවැන්නක් කල කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සිටියේ නෑ . ඇය 229 රැස්කරගැනීමට පන්දු 155 කට මුහුණදුන් අතර ඕස්ට්‍රේලියානු පිල පන්දුවාර 50 අවසානයේදී ලකුණු 412 ක් රැස්කරගන්නවා. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට ලකුණු 400 රැස්කලෙත් එම තරගේදිමයි. ක්ලාර්ක් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම ක්‍රීඩිකාව ලෙස ඇගයුමට ලක් වී අවසන්.





ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නියෝජනය කල ලාබාලතමයා. - පකිස්තානයේ හසන් රාසා (Raza ) මෙම වාර්තාවට හිමිකම් කියද්දී ඔහුගේ වයස 14ක් විය. නමුත් 2000 වසරේදී පකිස්තානයේම සජිදා ෂාහ් 12 හැවරිදි වියේදී අයර්ලන්තයට ක්‍රීඩා කරමින් හසන් රාසා ගේ වාර්තාව බිඳ දැම්මා.



#DON


No comments:

Post a Comment