කඩුළු ත්‍රිත්ව දෙකකට ගොඳුරු වූ ටොමි වෝර්ඩ්

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ටොමි වෝර්ඩ්, 1912 වසරේ සුප්‍රකට තුන්කොන් ටෙස්ට් තරගාවලියේ දී මංගල ටෙස්ට් වරම් දිනාගත්තා. ඕස්ට්‍රේලියාවට එරෙහි එම තරගයේ දී ජිමි මැතිව්ස් ගේ පන්දුවට මුහුණ දුන් ටොමි වෝර්ඩ් ලකුණු නොලබා දැවී ගිය අතර දෙවැනි ඉනිමේ දී ද ජිමි මැතිව්ස් ගේ පන්දුවටම ඔහු නැවතත් දැවී ගියේ කිසිදු ලකුණක් රැස් කරගැනීමට නොහැකිව "King Pair" අවස්ථාවක් වාර්තා කරමින්.


ජිමි මැතිව්ස් ඒ අනුව ඉතිහාසගත වූයේ ටෙස්ට් තරගයක කඩුලු ත්‍රිත්ව දෙකක් වාර්තා කළ මුල්ම සහ එකම පන්දුයවන්නා ලෙසට. කඩුලු රකින්නෙකු වූ ටොමී වෝර්ඩ් උපත ලබා තිබුනේ ඉන්දියාවේ (එවකට) රාවල්පින්ඩි යේ දියි. ක්‍රීඩාවෙන් පසු ඔහු ඊස්ට් ස්ප්‍රින්ග් රන් ආකරයේ රැකියාව සිදු කළ අතර ඔහු 48 හැවරිදි වියේ පසුවන විට විදුලිසැර වැදී මියගිය අතර එවැනි අනතුරකට මුහුණ දී මිය ගිය එකම ටෙස්ට් ක්‍රීඩකයා ද ඔහුයි.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments