ක්‍රිකට් පන්දුව අතිශයින්ම භයානක ආයුධයක්

"ක්‍රිකට් පන්දුව අතිශයින්ම භයානක ආයුධයක්. වේගයෙන් තමන් වෙතට පැමිණෙන පන්දුවක් ශරීරයේ ගැටෙන විට එය තේරුම් ගත හැකියි. 1963 වසරේ ලෝර්ඩ් හි දී පැවති තුන්වන ටෙස්ට් තරගයේ දී අවස්ථා තිහකදී පමණ පන්දුව මාගේ ශරීරයේ ගැටෙන්නට කොදෙව් වේග පන්දු යවන්නන් වග බලා ගත්තා. ඒ අතරින් වෙස්ලි හෝල් සහ චාර්ලි ග්‍රිෆිත් ප්‍රධානයි. එදින අවසානයේ දී කණ්ඩායමේ ශරීර සම්භාහක, ලේ ගමනාගමනය ස්ථාවරව පවත්වාගන්න අයිස් තබා එය සමනය කළා.


වෙස්ලි හෝල් ගේ පන්දු යැවීම අලංකාරයි. යාර තිහක් පමණ දිව ගොස් යොමුකරන පන්දුව කෙමෙන් කෙමෙන් වේගවත් කරමින් පිතිකරුවා අපහසුතාවයට පත්කරයි. මෙම තරගාවලියේ දී, මා මාගේ ක්‍රිකට් දිවියේ මුහුණදුන් අසීරුතම කෙටි පන්දුව යොමු කළේ වෙස්ලි හෝල් ය. ලෝර්ඩ් තරගයේ මුල් ඉනිමේ දී මා ඔහුට හතරේ පහරක් එල්ල කළා. එයින් සෑහීමකට පත් නොවූ වෙස්ලි හෝල් තේ පානය සඳහා නතර කිරීමට පෙර යොමු කරන අවසන් පන්දුව යැවීමට ලැහැස්ති වෙමින් සිටියා.

ඔහු වේගයෙන් දිවගොස් මට ඒ කෙටි පන්දුව යොමු කළා, එයට හුක් පහරක් ගැසීමට උත්සහ කළත්, පන්දුව බිමට පතිත වී මගේ හිස ඉලක්ක කරමින් පැමිණෙන විට හුක් පහර වෙනුවට මා එයින් ආරක්ෂා වන්නට හිස වහාම හරවන්නට සිදුවුනා. පන්දුව මගේ කන්පෙති අසළින් ඊයක් සේ වේගයෙන් කඩුලු රකින්නා ද ආක්‍රමණය කරමින් හතරේ සීමාව පසු කළා.

වෙස්ලි හෝල් ගේ පන්දු භයානක වූ අතර චාර්ලි ග්‍රිෆිත් ගේ පන්දුවලට මුහුණ දීම තරමක් අපහසු විය. එයට හේතුව ග්‍රිෆිත් පන්දු සංකලනයකින් පන්දු යැවීමයි. හෝල් ගේ පන්දුවට ආරක්ෂා වීම යනු ගඩොල් කැටයක් ශරීරයේ වැදීමට සමාන කළ හැකියි."

යෝර්ක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළ එංගලන්ත කණ්ඩායමේ 50/60 දශකයේ ක්‍රීඩා කළ , එංගලන්තයේ නායකයා ලෙස ද කටයුතු කළ බ්‍රයන් ක්ලෝස් , කොදෙව් වේග පන්දු යුගලය වන වෙස් හෝල් සහ චාර්ලි ග්‍රිෆිත් ගැන තම ස්වයං චරිතාපදානයේ ඔහු මුහුණදුන් දක්ෂම වේග පන්දු යවන්නන් අතරට නම් කළා.

එම ලෝර්ඩ්ස් ටෙස්ට් තරගයේ දී බ්‍රයන් ක්ලෝස් අතිශය නිර්භීත ඉනිමක් දියත් කරමින් ලකුණු 70ක් රැස් කළා.
 
aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments