එයාට වාර්තාව කඩන්න දෙන්න
ක්‍රිස් ලුවිස් එදා දවස අවසන් වුනාට පස්සේ රෑ මං ගාවට ඇවිත්, 'මේ යකා දවාගන්න ක්‍රමයක් නෑ, හැමදේම උත්සහ කළා, 'මෙයාව මට්ටු කරන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා'. මං, ලුවිස් ට කිව්වා, එයාට ඒක ගහන්න දෙන්න කියලා (ලෝක වාර්තාව බිඳ හෙළන්නට). තුන්වන දවසේ දී පිටියට යන්න වාහනයට නගිද්දී (Mini Coach) රියදුරු අපිට කිව්වේ, 'ලාරා ඔය කට්ටියව මඩවන්න යන්නේ' කියලා.
ලාරා ඊලඟ දවසේ ඒ වාර්තාව බිඳ දැම්මා. ලාරා ට සුබ පතන්න පිටියට දුවගෙන ආපු අය අතර ගාෆිල්ඩ් (සෝබර්ස්) වගේම කුකුල් වෙළදාමේ යෙදෙන අයත් හිටියා. තරගය මිනිත්තු විස්සකට වගේ නතරකරා. මගේ ක්‍රිකට් දිවියේ ඒ වගේ ආස්වාදජනක අවස්ථාවක් දැකලා තිබුනේ නෑ. මං හතරේ සීමාව ළඟ වාඩිවුනා කරන්න දෙයක් නැති නිසා.

මෙහෙම කියන්නේ ෆිල් ටෆ්නෙල්, බ්‍රයන් ලාරා ඇන්ටිගුවා හි දී ලකුණු 375 රැස්කළ අවස්ථාවේ, ටෆ්නෙල් එංගලන්ත පිළ නියෝජනය කළා.
මෙම වාර්තාගත ත්‍රිත්ව ශතකයෙන් පසු බ්‍රයන් ලාරා හට ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ ශ්‍රේෂ්ටතම උපහාරය වන ට්‍රිනිටි ක්‍රොස් සම්මානය හිමිවුනා. ඒ වගේම ඔහුට ස්ටර්ලින් පවුම් 15,000ක් වටිනා මෝටර් රථයක්, නව නිවාසයක්, රාජ්‍යය අනුග්‍රහය සහිත ගුවන් සේවය ඔස්සේ නොමිලේ සංචාර ත්‍යාග වශයෙන් හිමිවුනා.
ලාරා ට ගෞරවයක් වශයෙන් බ්‍රිස්ටල් හි බියර් නිෂ්පාදන ආයතනයක් "ලාරා 375" නමින් බියර් නිෂ්පාදනයක් එළිදක්වනු ලැබුවා.
එමෙන්ම ලාරා, එවකට ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් ලැයිස්තුවේ ඉහළම ස්ථානය පහසුවෙන් හිමිකරගත්තේ ලකුණු 871ක් (Rating) සටහන් කරමින්. දෙවැන තැන ලකුණු 762ක් හිමිව තිබූ සචින් ටෙන්දුල්කර් හට යි.
ලාරා ගේ වාර්තාගත ඉනිම අතරතුර දෙවැන දිනය තරගය ආරම්භ වීමට මත්තෙන් (ඉරිදා දිනය) උදෑසන ලාරා ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදී සිටියා. ඒ වන විට ඔහු නොදැවී ලකුණු 164ක් රැස්කරගෙන තිබුනා.
ඉන් පෙර ඕස්ට්‍රේලියාවේ දී බ්‍රයන් ලාරා විසින් ලකුණු 277ක් රැස්කරන විට ලාරා දුවද්දී දැවී ගියත් ඔහු ඒ වන විට කිසිදු අවස්ථාවක තම ඉලක්කය හඹා යෑම නතර නොකළ බවට ක්‍රිකටර් සඟරාව ලිපියක සඳහන් කළ අතර මෙම එංගලන්ත කොදෙව් තරගාවලියේ මුල් තරග අවසන් වීමෙන් පසු, කවදා හෝ සෝබර්ස් ගේ ලෝක වාර්තාවට අභියෝග කරනු ඇත්තේ බ්‍රයන් ලාරා බවට අනාවැකියක් පළ කළා.
ලාරා දෙවන දිනය අවසන් කළේ නොදැවී ලකුණු 320ක් රැස්කිරීමෙන්. දැඩි ක්‍රිකට් රසිකයින් වන ට්‍රිනිඩෑඩ් ජනතාව වෙනුවෙන් එවකට ට්‍රිනිඩෑඩ් වානිජ මණ්ඩලය එක් රැස්වී සාකච්ඡා කළේ සඳුදා දිනය නිවාඩු දිනයක් කළ යුතු ද යන්න (ලාරා , සෝබර්ස් ගේ වාර්තාව බිඳ දැමුවහොත්). නමුත් ඒ වෙනුවට, ඔවුන් දැනුම් දුන්නේ රාජ්‍යය හා පුද්ගලික ආයතන එදින තම සේවා කාලය අවශ්‍යය පරිදි වෙනස් කරගන්නා ලෙසට.
ක්‍රිස් ලුවිස් මුල් ඉනිමේ පන්දු යැවීමේ දී:
පන්දුවාර 33, නිලකුණු පන්දුවාර 01, ලකුණු 140, කඩුලු රහිතව.

Comments
Post a Comment