ජැකී මැක්ග්ලොව් අසරණ කළ ගාමිණි ගුණසේන ගේ ටයි පටිය

වියන් මෝල්ඩර් ගේ වාර්තාගත ඉනිමට (367 නොදැවී) වසර 72 කට පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව හිමිකරගත්තේ ජැකී මැක්ග්ලොව් විසින්. දකුණත් පිතිකරුවෙක් වූ ජැකී, 1953 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 255ක් රැස්කරගනිමින් එම වාර්තාව තමන් සතුකරගත්තා. 


1955 වසරේ දී දකුණු අප්‍රිකානුවන්ගේ එංගලන්ත සංචාරයේ දී ඔවුන්ට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල පිළට එරෙහිව තරගයක් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාංගණය වන ෆෙනර් හි දී පැවැත්වුනා. එම තරගයේ දී එවකට කේම්බ්‍රිජ් පිලේ නවකයෙකු වූ පසු කලක සිලෝන් කණ්ඩායමට ක්‍රීඩා කළ ගාමිණි ගුණසේන හා මිතුරු වූ ජැකී ඔහු සතුව තිබු අලංකාර ටයි පටියක් ඉල්ලා ගත්තේ ගුණසේන ගේ එක් කොන්දේසියක් මත යි. 


මේ ටයි පටිය මට දෙන්න පුළුවනි, හැබැයි එක කොන්දේසියක් මත, කවදා හෝ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේම බින්දුවට (0) දැවී ගියොත් පමණයි ඔබට මෙය පළදින්න පුළුවන්. ජැකී එයට එකඟ විය. ජැකී මැක්ග්ලොව් ට වැඩි කලක් යාමට මත්තෙන් ටයි පටිය පැලඳීමට හැකිවුනා. එයට හේතුව, ඉන් පසුව පැවති ලෝර්ඩ්ස් ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේදීම ජැකීට කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි වීමයි. නමුත් ඉන් පසුව පැවති තරගවල ශතක රැස් කරමින් එම සංචාරයේ දක්ෂතම පිතිකරුවා මෙන්ම එම වසරේ විස්ඩන් ක්‍රීඩකයින් ගෙන් අයෙකු වීමටත් ඔහු වාසනාව හිමි කරගත්තා.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments