පීටර් ටූහි

1978 පර්ත් හි පැවති දෙවන ටෙස්ට් තරගයේ දී අප කණ්ඩායම ලකුණු 309ක් රැස්කිරීමට සමත් වූයේ වේග පන්දු යවන්නන් හට උචිත තණතීරුවක ය. තෙවන දිනය වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 128ක් තුළ දවාගන්නට අප පන්දු යවන්නන් හට හැකි වූහ. සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි පීටර් ටූහි ලකුණු 50 සීමාව පසුකළ අතර ඔහුගේ සහයට අනෙක් අන්තයේ සිටියේ එතරම් දක්ෂ නොවූව ද ආරක්ෂිතව පන්දුවට මුහුණ දිය හැකි පසු පෙළ පිතිකරුවෙකු වූ ජෙෆ් ඩිමොක් ය. 


ඒ වනවිට මම තරමක් වෙනස් ආකාරයකට පන්දු රකින්නන් යොදවමින්, ටූහි හට එක් ලකුණක් රැස් කිරීමට ඉඩ ලබා දී ඩිමොක් ට වැඩි අවස්ථාවක් ලබා දෙන අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවේ දි පසු පෙළ පිතිකරුවෙකු හැසිරවිය යුතු සාම්ප්‍රදායික රිතිය අනුගමණය කළෙමි. නමුත් එයින් මා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුනේ ද නැත. එක් පන්දු වාරයක දී පන්දුවාරයේ අර්ධයක් අවසන් වන විට ටූහි පන්දුවට මුහුණ දෙමින් සිටියේ ලකුණු 3ක් රැස් කර, ඩිමොක් හට ද අවස්ථාව ලබා දී කිසිදු පීඩනයක් නිරූපණය නොකරමින්. ඒ වනවිට තවත් පන්දු 4ක් ඉතිරිව සාර්ථක පිතිකරණ සම්බන්ධතාවයක් ගොඩනැගෙන බව මා හට හැඟී ගියේ ය. (එම තරගාවලියේ දී පන්දු 8 පන්දුවාර ක්‍රියාත්මක විය). 

පන්දුව සුමට වී තිබු අතර හිරු රශ්මිය නිසාම පිතිකරුවන්ට යෝග්‍යය තණතීරුවක් නිර්මාණය වී තිබුණි. මාස 6කට පමණ පෙර බොබ් විලීස් විසින් පකිස්තානයේ ඉක්බාල් කාසිම් හට කෙටි පන්දුවක් යොමුකර ඔහුගේ මුහුණේ එය වැදීම නිසා පසුපෙළ පිතිකරුවන්ට කෙටි පන්දු යැවීම සීමා කරන ලෙස කතිකාවක් ගොඩ නැගී තිබුණු අතර ඩිමොක් හට කෙටි පන්දු යැවීමෙන් වැළකෙන්නට එය හේතුවක් විය. මෙම තරගාවලියේ දී ද ග්‍රෙහැම් යැලොප් සමඟ මා සම්මුතියකට එලැඹුනේ පසු පෙළ පිතිකරුවන්ට කෙටි පන්දු නොයවන බව සහතික කරමින්.

කෙසේ වූවත් ඩිමොක් තවදුරටත් මේ අයුරින් සාර්ථකව පන්දුවට මුහුණ දෙන්නේ නම් ඔහුට කෙටි පන්දු යැවීම හැර අන් කිසිදු විකල්පයක් නොමැති බවට අප තීරණය කළ අතර ඩිමොක් ඉතාමත් ආරක්ෂිතව පන්දු සියල්ලටම මුහුණ දී කඩුල්ල ආරක්ෂා කළේ ය. මම විනිසුරු රොබින් බේලේක් හමු වූයෙමි. ඩිමොක් හට කෙටි පන්දු යැවීමට අප තීරණය කළ බව පැවසුවෙමි. විනිසුරු රොබින් පැවසුවේ කෙටි පන්දු අසීමිතව යොමු නොකරන ලෙසයි. ඒ අනුව පන්දු රකින්නන් නියමිත අයුරින් ස්ථානගත කර කෙටි පන්දු යවන ලෙස පන්දු යවන්නන් හට උපදෙස් දුන් නමුත් ජෝන් ලීවර් ගේ පන්දුවාරයට ලකුණු 10ක් සහ බොතම් ගේ පන්දුවාරයට 14ක් බැගින් ටූහි දක්ෂ ලෙස පන්දුවට පහර දෙන ලදී. 

මේ අතර ඉයන් බොතම් දැඩි ලෙස කෝපයට පත්ව සිටියේ ටූහි, ඔහුගේ පන්දු සියල්ලටම ඉතාමත් සාර්ථකව මුහුණ දෙමින් සිටි බැවින්. 65 වන පන්දුවාරය අවසාන වනවාත් සමඟම නව පන්දුව ලබා ගැනීමට මා තීරණය කළ අතර විනිසුරු ටොම් බෲක්ස් පැවසුවේ ඩිමොක් හට නව පන්දුවෙන් කෙටි පන්දු යැවීමෙන් වැළකෙන ලෙසයි. මම එයට විරෝධය පළ කළෙමි. කෙටි පන්දු යැවීම සහ නොයැවීම තීරණය කළ යුත්තේ මා බව මම ඔහුට පැවසුවෙමි. විනිසුරු බෲක්ස් පැවසුවේ පසුපෙළ පිතිකරුවන්ට ආබාධයක් වීමෙන් වැළක්වීම ඔහුගේ අරමුණ බවයි. මම එයට ද එකඟ නොවූ අතර මගේ අදහස වූයේ පිතිකරණයට පැමිණෙන ඕනෑම පිතිකරුවෙක් එම අවධානම ගත යුතු බවයි. 

පන්දු යවන්නන් හට කෙටි පන්දු යවන ලෙස තවදුරටත් උපදෙස් දුන් මම විනිසුරුවරුන් වරින්වර කෙටි පන්දු නොයවන ලෙසට දැනුම් දුන් නමුත් මා එය කනකට ගත්තේ නැත. බොබ් විලිස් පැමිණ, බොතම් පන්දු යැවීමෙන් ඉවත්කරන ලෙස මා හට පැවසුවේ ඔහුගේ පන්දු, ටූහිට තර්ජනයක් නොවූ හෙයින්. නමුත් බොතම් ට අවශ්‍යය වූයේ කෙසේ හෝ පන්දු යවා ටූහි දවා ගැනීම යි. මේ අතර විනිසුරුවරුන් මා ඉහළට රපෝර්තු කරන බවට දැනුම් දුන් අතර බොතම් ඉවත් කර හෙන්ඩ්‍රික්ස් ට අවස්ථාව ලබා දුන්නේ මෙම පන්දුවාරයේ දී ඩිමොක් හට කෙටි පන්දු නොයවන ලෙසට උපදෙස් ලබා දෙමින්. එම පන්දුවාරයේ දෙවන පන්දුවේ දී ම ඩිමොක් ගේ කඩුල්ලේ පන්දුව වැදී දැවී ගිය අතර මා සහ විනිසුරුවරුන් අතර ඇතිවූ ආරවුල අවසන් විය. 

නායකයෙකු ලෙස තීරණ ගැනීමේ දී කිසිදූ අවස්ථාවක බිය විය යුතු නැති බවට මෙම සිදුවීම සැලකිය හැකියි. 

- මයික් බ්‍රියර්ලි

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments