මුල්ම ජාත්‍යන්තර සීමිත ඕවර තරගය

1971 එංගලන්තයේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර MCG යේ පැවති තෙවන ටෙස්ට් තරගය වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර මෙල්බර්න් ක්‍රිකට් බලධාරින් ගේ ගණනයන් අනුව තෙවන ටෙස්ට් තරගය අත්හිටුවන්නේ නම් ඔවුන්ට පවුම් 80,000 ක පාඩුවක් සිදුවන බවට නිවේදනය කළා. ඒ අනුව දෙරටේ ක්‍රිකට් ආයතන තවත් ටෙස්ට් තරගයක් ඇතුලත් කිරීමට එකඟතාවයකට පැමිණියා.

නමුත් මෙයට එංගලන්ත ක්‍රීඩකයින් විරෝධය පළ කළා. ඒ සඳහා ඔවුනට නිසි පරිදි වැටුප් ගෙවිය යුතු බවට ඉල්ලිම් කළා. එමෙන්ම දින 40ක් තුළ තවත් ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කිරීම සාධාරන නොවන බවත් පැවසුවා.



ඔවුන්ට සිදුවන පාඩුව ට පිළියමක් ලෙස, එකළ එංගලන්තයේ ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් තිබු ජිලට් කුසලාන තරග ආකෘතියට සමාන තරගයක් පවත්වා හො ප්‍රේක්ශකයින්ට යම් වෙනස් අත්දැකීමක් ලබාදෙන්නට බලධාරින් තීරණය කළා.

ඒ අනුව රොත්මන්ස් දුම්වැටි සමාගමේ පවුම් 5,000 අනුග්‍රහයෙන් යුක්තව ඕස්ට්‍රේලියානු 11 සහ එංගලන්ත 11 පන්දු 8 පන්දුවාර 40කින් යුත් සීමිත ඕවර තරගයක් පැවැත්වූ වේ තෙවන ටෙස්ට් තරගයේ 5 වන දිනයට වර්ෂාවෙන් බාධා එල්ල නොවීම නිසාවෙනි.

මේ, එදා ඒ ඓතිහාසික අවස්ථාවේ දී එංගලන්ත නායක රේ ඉලින්ග්වර්ත් සහ ඕස්ට්‍රේලියානු නායක බිල් ලෝරි ලොව ප්‍රථම අන්තර්ජාතික සීමිත ඕවර තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාව.

එම තරගය නැරඹීමට 40,000 කට අධික ප්‍රේක්ශක පිරිසක් එක්රොක් විය.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments