විස්ඩන් , ලිලිවයිට් ගේ කැටපොල්ටා යන්ත්‍රය
එංගලන්තයේ ජෝන් විස්ඩන් සහ ඇල්ෆ්‍රඩ් ලිලීවයිට් විසින් එක්ව අපූරු පන්දු යොමුකරන යන්ත්‍රයක් නිර්මාණය කළ අතර එයට කැටපොල්ටා "Catapulta" යන නම ලබා දුන්නේ එය කැටපෝලයක ක්‍රියාකාරිත්වය ඇති බැවින්.
ජෝන් විස්ඩන් සසෙක්ස් පිළට ක්‍රීඩා කරමින් පළමු පෙළ ඉනිමක කඩුලු 10ම දවාගත් මුල්ම පන්දු යවන්නා යි. ඒ සියල්ලම කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගිය අවස්ථා යි.
විස්ඩන් ක්‍රීඩාවෙන් සමුගත් පසු ෆ්‍රෙඩ් ලිලීවයිට් සමඟ ලන්ඩනයේ ක්‍රීඩා උපකරණ අලෙවිසැලක් ආරම්භ කළ අතර එහිදී මෙම යන්ත්‍රය ප්‍රදර්ශනය උදෙසාත් පසුව ප්‍රකට හැරෝ (Harrow) පාසලේ ක්‍රිකට් පුහුණුව සඳහාත් ලබාදීමට විස්ඩන් කටයුතු කළේ ය. මෙහි ආකෘති ලෝර්ඩ්ස් හි දී ගිනි 11කට ලබා දුන් බවට වාර්තා වේ.
විස්ඩන්, ඉන් පසුව 1864 වසරේ දී අදටත් නොකඩවා සෑම වසරකම පළකරන විස්ඩන් සඟරාව (Wisden Almanac) මුල්ම වරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කළේ ය. එය පිටු 112කින් සමන්විත විය. මෙම යන්ත්‍රය මුල්ම වරට දැන්වීමක් ලෙස පළවුණේ ද එම 1864 විස්ඩන් සඟරාවේ ය.

Comments
Post a Comment