ක්‍රිකට් ක්‍රීඩාවේ තොටිල්ල !
ක්‍රිකට් හි උපත පිළිබඳ වාර්තා 100%ක් සත්‍යය නොවුනත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට බෙහෙවින්ම බලපෑවේ 18 වන ශතවර්ෂයේ මැද භාගයේ දී එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයේ හැම්බ්ල්ඩන් ක්‍රිකට් සමාජය මුල්කරගෙන යි.
එක් ඡායාරූපයක ඇත්තේ හැම්බ්ල්ඩන් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් පිටියේ පිහිටුවා ඇති ස්ථම්භයයි. වසර 350කට පමණ පෙර මෙම ක්‍රීඩාංගණයේ ඉනි දෙකක් සහිත කඩුලු දෙකක් අතර (යාර 22යි). පන්දු යවන්නෝ පන්දුව බිම දිගේ පිතිකරුවාට යවන විට, වකුටු පිත්තෙන් පිතිකරුවෝ ලකුණු රැස්කරන්නට ඇති. තරගය අතරතුර නරඹන්නන් ඔට්ටු අල්ලමින් කාලය ගෙවාදමන්නට ඇති.
අනෙක් ඡායාරූපය 1931 දී එම ක්‍රිකට් පිටියේ දීම කණ්ඩායම් දෙකක් 18 වන ශතවර්ෂයේ ක්‍රිකට් තරග පැවැත්වූ අයුරින්ම ක්‍රීඩා කිරීමයි. ඔවුන්ගේ විලාසිතාව, භාවිතා කර ඇති උපකරණ බෙහෙවින් එම කාලයට අනුරූපයි.
මෙම ක්‍රීඩාංගණයේ නම,
'බ්‍රෝඩ්හාෆ්පෙනී ඩවුන්'
Broadhalfpenny down
එහෙමත් නැත්නම්,
ක්‍රිකට් ක්‍රීඩාවේ මහා තොටිල්ල !


Comments
Post a Comment