'බොඩිලයින්' නම තැබූ වාර්තාකරුවා

1932/33 අළු බඳුන තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය අවසන් වූ වහාම එදින සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් දාමය විස්තරාත්මකව ලිපියක පළ කළ හියූ බගී ඉතිහාසගත වූයේ "Bodyline" යන වචනය පුවත්පතක පළකරමින් එය ප්‍රසිද්ධියට පත්කළ මුල්ම තැනැත්තා ලෙසයි. 


ඔහු මෙම වචනය නිර්මාණය කළාද යන්න විවාදාත්මක වූවත් අදටත් සමහර මූලාශ්‍රවල සඳහන් වන්නේ හියූ බගී මෙහි නිර්මාණකරුවා ලෙසයි. හියූ බගී ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වගේම අපරාධ විමර්ශන වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ප්‍රසිද්ධ AFL වාර්තාකරුවෙකු ලෙසට යි. ඔහු මිනීමැරුම් 200 කට අධික සංඛ්‍යාවක් තම පුවත්පත වෙනුවෙන් වාර්තා කර ඇත.

ඉහත බොඩිලයින් සිදුවීමෙන් පසු බොහෝදෙනෙක් එම සිදුවීමට විවිධ ආකාරයේ නම් යොදා තිබුනේ මෙන්න මේ ආකාරයටයි;

"The Bradman Theory" - ජෝ ඩාලින්
"The Shock Attack" - ආතර් මේලි
"The Larboard Attack" - බෲස් හැරිස්
"Header Bowling" - ද ඕස්ට්‍රේලියන් ක්‍රිකටර් සඟරාව
"Body Bowling" - ආර්චි මැක්ලරන්
"Headline Bowling" - 'වික්' රිචර්ඩ්සන් 
"The Scone" - බිල් ඕ රයිලි
"Jardinian Theory" - ලැරී කොන්ස්ටන්ටින්

-Aqeeb

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments