අතීතයේ සුලභවූ ක්‍රිකට් පහරවල්

Dog Shot / Dog Stroke 

ක්‍රිකට් පමණක් නොව පාපන්දු ක්‍රීඩාවේ ද එකසේ දස්කම් පෑ චාල්ස් ෆ්‍රයි (C.B. FRY) පසුපස පාදයේ ආරක්ෂිත පහරක් එල්ලකරන අවස්ථාවක්. මෙය ෆ්‍රයි විසින් නිතරම ක්‍රීඩා කළ අතර ඔහු පවසන පරිදි පසුපස පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කළ යුතු නිවැරදිම තාක්ෂනය යි.

මෙම ආකාරයටම සමහර පිතිකරුවන් විසින් ස්ක්වෙයාර් ලෙග් ප්‍රදේශයට පිත්ත යම්තමින් කරකවා එල්ල කිරීම එකල Dog Shot / Dog Stroke ලෙස හැඳින්වූ අතර වික්ටර් ට්‍රම්පර් වැනි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙය සුලභව එල්ල කර ඇත.


Under Leg Stroke

මෙම පහරත් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ දැකගත හැකිව තිබු ක්‍රිකට් පහරක්. විස්සයි විස්ස ක්‍රිකට් ආකෘතියේ අනාගතයේ සුලභව දැකිය හැකි බවට අනුමාන කළ හැක. එයට හේතුව මෙයට සමාන උත්සහයක් ගන්නා ක්‍රීඩකයින් වරින්වර සමාජ ජාලයේ දැකිය හැකි බැවින්. බිලී මර්ඩොක් මේ පහර එල්ල කළේ මේ අයුරින්. මෙය ඉහත සඳහන් කළ dog shot පහරට තරමක් සමාන නමුත් පන්දුව පා අතරින් යයි.


Falling Hook Shot

කොදෙව් පිතිකරු රොහාන් කන්හායි මෙම පහරේ නිර්මාතෘ වන අතර එය ඔහු අවස්ථා කිහිපයක දී භාවිතා කර ඇත. මෙම පහර අතිශය අපහසු, ලෙහෙසියෙන් අනුකරණය කළ නොහැක්කක්. 



-Aqeeb

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments