ස්ටීව් වෝ ගේ ආගමනය

ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීව් වෝ ,  ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ අද්විතීය නායකයෙක් බවට කිසිදු විවාදයක් නෑ. එමෙන්ම ස්ටීව් වෝ පිතිකරණයේ දී තරමක් ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක් ලෙසට බොහෝ විචාරකයින් හඳුන්වනවා. එයට හේතුව, පිතිකරණයට පැමිණීමේ දී ස්ටීව් වෝ පහසුවෙන් තම කඩුල්ල ප්‍රතිවාදීන්ට ලබා නොදීමත් පන්දු වැඩි ප්‍රමාණයක් වැය කර හෝ කණ්ඩායමට අවශ්‍යය ලකුණු ප්‍රමාණය රැස්කර දීම ට ඔහු දක්ෂ නිසා.

ස්ටීව් වෝ ගේ ක්‍රිකට් දිවියේ වැදගත් සංධිස්ථානයක් ලෙස 1995 කොදෙව්වන්ට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය හඳුන්වා දෙන්නට පුළුවන්. දශක දෙකක් ක්‍රිකට් ආධිපත්‍යය තම සතුකරගෙන සිටි කොදෙව්වන් ගෙන් එම කිරුළ ඕස්ට්‍රේලියාව ට හිමිවන්නේ එම සංචාරයෙන්. 


1992/93 ක්‍රිකට් තරගාවලියේ දී කර්ට්ලි ඇම්බ්‍රෝස් ඉදිරියේ ස්ටීව් වෝ ට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 30ක් පමණයි .  ඒ ටෙස්ට් තරග 5 කදී සය වාරයක් ඇම්බ්‍රෝස් ඉදිරියේ දැවී යමින්. එම තරගාවලිය කොදෙව්වන් ජයගන්නේ 2-1ක් ලෙස. ඇම්බ්‍රෝස් ඉදිරියේ කිසිදු හතරේ පහරක් හෝ එල්ල කිරීමට ස්ටීව් වෝ ට හැකිවූයේ නෑ.

නමුත් 1995 තරගාවලියේ දී ඇම්බ්‍රෝස් ඉදිරියේ මුහුණ දුන් තෙවැනි පන්දුවේම හතරේ පහරක් එල්ල කර තරගාවලිය පුරා ඔහුට එරෙහිව පන්දු 123ක දී ලකුණු 75ක් රැස්කිරීමට ස්ටීව් වෝ ට හැකිවුනා. ඇම්බ්‍රෝස් ට ස්ටීව් වෝ ගේ කඩුල්ල දවාගැනීමට පවා නොහැකි වී අසීරුතාවයට පත්වුනා.

ට්‍රිනිඩෑඩ් හි අසීරු තණතීරුවක පිතිකරණයේ යෙදී සිටිය දී ඇම්බ්‍රෝස් හා වචන හරඹයෙන් ගැටෙන්නට ස්ටීව් වෝ තීරණය කළ අතර එය, ස්ටීව් වෝ තමන් ඇතුළු ඕස්ට්‍රේලියානුවන්ගේ ආධිපත්‍යය කොදෙව්වන් ආක්‍රමණය කළ බවට ලොවට දැනුම් දීමකට සම විය. 
"WHAT THE **** ARE YOU LOOKING AT ?" 
- STEVE WAUGH
"MAN, I WILL KNOCK YOU OUT - HERE AND NOW. I DON’T CARE IF I HAVE NO CAREER LEFT"

- CURTLEY AMBROSE 


පිටියේ එසේ ගැටුනත්, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කර්ටලී ඇම්බ්‍රෝස් තම ස්වයං චරිතාපදානයේ පෙරවදන ලිවීමට ආරාධනා කළේ ස්ටීව් වෝ ට යි. ස්ටීව් වෝ, තමන් මුහුණ දුන් අසීරුතම පන්දු යවන්නෙක් ලෙස ඇම්බ්‍රෝස් නම් කළ අතර, තමන් ක්‍රීඩාවේ ඉහළ තලයකට ගෙන ඒමට ඇම්බ්‍රෝස් ගේ බලපෑම සුළුපටු නැති බවට ද ස්ටීව් වෝ පැවසුවා.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments