ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈතට විසිවී ගිය ඇමෙරිකාව

1835 වසරේ දී උපන් හැරී රයිට්, එංගලන්තයේ උපන් ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැඳී ක්‍රීඩකයෙක්. ඔහුගේ සහෝදරයා වූ ජෝර්ජ් රයිට් ද ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කුඩා කල, තම පියා වූ සැමුවෙල් රයිට් (ඔහුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්) සමඟ ඇමෙරිකාවට සංක්‍රමණය වන රයිට් සහෝදරවරු ඇමෙරිකාවේ දී බේස්බෝල් ක්‍රීඩාව ට ආශක්ත වී එහි දක්ෂතා දක්වන්නට පටන් ගන්නවා.

ජෝර්ජ් රයිට්

ඇමෙරිකාවේ දී ඔවුන් අතිශය ජනප්‍රිය වන්නේ බේස්බෝල් ක්‍රීඩාව මුල්ම වරට වෘත්තීය මට්ටමට ගෙන ඒමට ඔවුන් පෙරමුණ ගත් නිසා. හැරී රයිට් විසින් බොස්ටන් හි සින්සිනාටි රෙඩ් ස්ටොකින්ග්ස් කණ්ඩායම නිර්මාණය කරන අතර එය ලොව මුල්ම වෘත්තීය බේස්බෝල් කණ්ඩායම බවට පත් වුනා.

හැරී රයිට්

නමුත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ හානිය සුළුපටු නෑ. ඔවුන්, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දුර්මතයක් ප්‍රචාරය කර තිබූ බවට සැලකෙනවා. එම නිසාම එකල එංගලන්තයේ සාම්ප්‍රදායික ඇමෙරිකානු ක්‍රිකට් සංචාර ක්‍රම ක්‍රමයෙන් නැවතී ගොස් එහි බේස්බෝල් ක්‍රීඩාව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන්නට පටන් ගත්තා.

මේ සිදුවීම ඇමෙරිකානු ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් වූවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී ඒම ටත් බලපෑවා. එංගලන්ත ක්‍රීඩකයින් ඇමෙරිකාව වෙනුවට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සංචාර සඳහා ප්‍රමුඛත්වය දැක්වූ අතර ඉන් අනතුරුව ලොව මුල්ම ටෙස්ට් කණ්ඩායම් දෙකින් එකක් බවට ඕස්ට්‍රේලියාව පත්වුනා.

හැරී ජෝර්ජ් දෙදෙනාට අමතරව හෙන්රි චැඩ්වික් ගේ බලපෑමත් ක්‍රිකට් ක්‍රීඩාවට පරදා බේස්බෝල් ජනප්‍රිය වීමට හේතු වුනා. හෙන්රි චැඩ්වික් හඳුන්වන්නේ බේස්බෝල් ක්‍රීඩාවේ පියා ලෙසට. ඔහු ක්‍රිකට් මාධ්‍යවේදියෙක් වූ අතර එංගලන්තයේ උපන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ අයෙක්. ඔහු බේස්බෝල් ක්‍රීඩාවට ක්‍රීඩා දත්ත විශ්ලේෂනය හඳුන්වා දෙමින් බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා. හෙන්රි චැඩ්වික් පසු කලක ක්‍රිකට් ක්‍රීඩාව සහ බේස්බෝල් ක්‍රීඩාව පිළිබඳව වෙන වෙනම කෘතීන් එළිදැක්වූවා.






aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments