ෂේන් වෝන් ගේ මයින්ඩ් ගේම්ස්

මේ තරගය පැවැත්වුනේ ඇඩ්ලෙඩ් ඕවල් ක්‍රීඩාංගනයේ දී (1999 වසරේ දෙසැම්බර් මස 10-14). ප්‍රතිවාධින් හැටියට එදා ක්‍රීඩා කළේ ඉන්දියාව. පිතිකරණයේ යෙදී සිටියේ සවුරව් ගංගුලි. පන්දු යවමින් සිටියේ ෂේන් වෝන් රවුන්ඩ් ද විකට් ආකාරයෙන්. අනික් අන්තයේ සිටියේ සචින් තෙන්දුල්කර්. 

වෝන් , පන්දු 3-4ක් විතර තණතිල්ලේ කඩතොළු මතින් පිතිකරුවා වෙතට යොමුකරමින් සිටියා. හැබැයි ගංගුලි. ඒ හැම පන්දුවක්ම පා ආවරණ මඟින් පහර දී ඉවතට තල්ලු කරමින් සිටියා. හැබැයි මේ විදිහට කිහිපවාරයක් ගංගුලි පන්දුවට පා පහරවල් එල්ලකරමින් සිටිය දී ෂේන් වෝන් , මෙහෙම කෑගැහුවා.

"අන්න අරහේ ඉන්න හතිලිස්දාහක් ප්‍රේක්ෂකයෝ උඹේ පා පහරවල් බලන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ, මෙන්න මේ මනුස්සයා පන්දුවට පහර දෙන හැටි බලන්න ඇවිල්ලා ඉන්නේ (තෙන්දුල්කර් පෙන්වමින්)".

ඉන් පන්දු කිහිපයකට පසු, ගංගුලි පිතිකරණ සීමාවෙන් ඉදිරියට පැමිණ ලොකු පහරක් එල්ල කරන්න ගියත්, පන්දුව කඩතොළු මත වැදී , පහතින් ගමන් කර කඩුලු රකින්නා වූ ඇඩම් ගිල්ක්‍රිස්ට් වෙතට ගිය අතර, ගිල්ක්‍රිස්ට් ඉතාමත් පහසුවෙන් ගංගුලිව ස්ටම්ප් කළා.

*මෙම තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 285කින් ජයගත් අතර මුල් ඉනිමේ ලකුණු 150ක් රැස්කළ නායක ස්ටීව් වෝ තරගයේ වීරයා වුනා.

- ඉයන් චැපල් 



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments