බ්‍රැඩ්මන් භීතිකාව

1930 අළු බඳුන තරගාවලිය සඳහා එංගලන්තයට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 22 හැවරිදි වියේ තරුණ පිතිකරුවෙක් සිටියා. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් වූ ඔහු ඒ වනවිට ක්‍රීඩා කර තිබුනේ ටෙස්ට් තරග 4ක් පමණයි. නමුත් ඒ තරග 4 දී ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කර තිබුණා.


1930 අළු බඳුන තරගාවලිය අවසන් වන විට ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලකුණු රැස්කර තිබුනේ පහත ආකාරයටයි.

08 - නොටින්හැම්
131 - නොටින්හැම්
254 - ලෝර්ඩ්ස්
01 - ලෝර්ඩ්ස් 
334 - ලීඩ්ස්
14 - මැන්චෙස්ටර්
232 - ඕවල් 

ඒ අනුව ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක වැඩිම මුළු ලකුණු රැස්කළ පිතිකරු , එක් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු රැස්කළ පිතිකරු ලෙස ලෝක වාර්තා පිහිටුවන්නට බ්‍රැඩ්මන් ට හැකිවුණා.

එවකට එංගලන්ත නායක පර්සි චැප්මන් ගේ නායකත්වය අවසන් වන්නට බලපෑවේ ද මේ තරගාවලියයි. පහත කාටුනය චැප්මන් ට බ්‍රැඩ්මන් පිළිබඳව ඇති භීතිකාව නිරූපණය කිරීමක්. මේ තරගාවලිය, 1932/33 බොඩිලයින් තරගාවලිය ආරම්භ වීමට හේතු සාධක වුනා.



aq photo 635339848091716130317_zps7olcilbi.png


Comments