ලෙන් හට්න් ගේ අනාවැකිය

1950-60 අතර කාලයේ මුල් භාගයේ දී පැවති එක්තරා එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගයක, පන්දු යැවීමේ කර්තව්‍යයේ නිරතව සිටියේ රේමන්ඩ් "රේ" ලින්ඩ්වෝල්.


පිතිකරණයේ යෙදී සිටියේ කලක් එංගලන්තයේ නායකත්වයේ කටයුතු කළ ලෙන් හට්න්. 
නොනවත්වා කෙටි පන්දු යැවීමේ නිපුණතාවයකින් යුත් රේ ලින්ඩ්වෝල් ගේ එවැනි පන්දු යැවීම් කිහිපයකටම අසීරුවෙන් මුහුණ දීමෙන් අනතුරුව හට්න්, ලින්ඩ්වෝල් ට මෙසේ පැවසුවේ ය.

"මතක තියාගනින් කොල්ලෝ, අපිටත් නියම වේග පන්දුයවන්නෙක් ලැබෙන දවස වැඩි ඈතක නෑ" 

ලෙන් හට්න් එසේ පවසා වසර 4ක් යාමට මත්තෙන්, එංගලන්තය නියෝජනය කරමින් එක් විශිෂ්ට පන්දු යවන්නෙක් පමණක් නොව දෙදෙනෙක් එංගලන්ත වරම් හිමිකරගත්තා. ඒ  ෆ්‍රෑන්ක් ටයිසන් (Tyson the Typhoon) සහ බ්‍රයන් ස්ටේතම්. ඕස්ට්‍රේලියාවේ දීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-1ක් ලෙස පැරදවීම සඳහා ඔවුන්ගේ දායකත්වය අති විශිෂ්ට වුනා. අදටත් එංගලන්තයෙන් බිහිවූ භයානකම පන්දු යවන්නන් යුගලයක් ලෙස ටයිසන් සහ ස්ටෙතම් සැලකෙනවා.



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments