AFL හඳුන්වාදුන් මුල්ම ශ්‍රේෂ්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා

1835 වසරේ දී උපන් ටොම් විල්ස් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසේ මුල්ම දක්ෂතම සහ ශ්‍රේෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හැඳින්වේ. එමෙන්ම ඔහු AFL එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියන් ෆුට්බෝල්, ඕස්ට්‍රේලියන් රූල්ස් ෆුට්බෝල් ක්‍රීඩාවේ නිර්මාතෘවරයෙක් ලෙස සැලකෙනවා.


විල්ස්, කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලබා කෙන්ට් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර පසුව මෙල්බර්න් ක්‍රිකට් සමාජය හා එක්වුණා. එතැන් සිට වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සඳහා ඔහුගේ දායකත්වය ඉහළ තළයක පැවතුනා. එමෙන්ම ටොම් විල්ස්, ඇබොර්ජින්වරුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම දැඩි ලෙස අගය කළ අතර ඔවුන්ට ක්‍රිකට් පුහුණුව ලබා දීමට පවා නොපැකිළිව ඉදිරිපත් වූ බවට සඳහන් වනවා.


සීත කාල සමයන් හි ක්‍රිකට් ක්‍රීඩාව නොපැවැත්වෙන විට ක්‍රීඩකයින් දුර්වල වන බවට ඔහුට හැඟුණු බැවින් විලියම් හැමර්ස්ලි, ජේ.බී. තොම්සන්, ටොම් ස්මිත් හා එක්ව ඕස්ට්‍රේලියන් රූල්ස් ෆුට්බෝල් ක්‍රීඩාව හඳුන්වා දීමට මුලිකත්වය ගත්තේ ය.

1861 වසරේ දී ටොම් විල්ස් ගේ පියා ඇතුළු කණ්ඩායමක් ක්වින්ස්ලන්තයේ සංක්‍රමණය කළ අවස්ථාවක එහි ස්වදේශීය ජනයා ගෙන් එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ පියා ඇතුළු 19 දෙනෙකු මරණයට පත්වන අතර එය ටොම් විල්ස් ට දැඩි මානසික කම්පනයක් ඇතිකළ සිදුවීමක් වුනා. 

එතැන් පටන් මත්පැන් වලට ඇබ්බැහි වූ ඔහු ගේ මානසික තත්ත්වය කෙමෙන් දුර්වල වී මානසික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි අතර 1880 වසරේ දී 44 හැවරිදි වියේ දීම කතුරක් ආධාරයෙන් තෙවරක් තම ලය මතට ඇන සිය දිවි නසා ගත්තා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments