සංගා ට පෙර නොදැවී 199ක් රැස්කළ සාගෝ
ශ්‍රී ලංකාවේ ටෙස්ට් තත්ත්වය ට පෙර මෙරට සිටි දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් ගෙන් අයෙකු ලෙස සැලකුම් ලැබූ සාගෝ ජයවික්‍රම 1911 වසරේ දී ගාල්ලේ උපන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකි. 1929 වසරේ දී රාජකීය පිල මෙහෙයවීමේ කටයුත්ත දැරූ සාගෝ, ඉන් පසුව සිංහල ක්‍රීඩා සමාජය හා එක්විය.
එකල ක්‍රිකට් තරග සති අන්තයේ පැවති අතර එම තරග එක් දිනක් තුළ පැය 5 1/2 කින් හෝ දින 1 1/2ක් තුළ පැවතීම සුලභ දසුනක්. නමුත් එවැනි කෙටි කාලයක තුළත් සාගෝ ට විශාල ලකුණු ප්‍රමාණයක් රැස්කරගැනීමට හැකිවුනා.
1932 වසරේ දෙසැම්බර් මස 30,31 සහ 1933 වසරේ ජනවාරි මස පළමුවැනිදා ෆෙරෝස් ශා කොට්ලා හි පැවති නිල නොවන තරගයේ දී සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට (ඒ වන විට ඉන්දියාව ටෙස්ට් තත්ත්වය හිමි රටක්) එරෙහිව ලකුණු 130ක් රැස්කිරීම ඔහුගේ විශිෂ්ටතම ඉනිම් කිහිපයෙන් එකකි.
1940/41 වසරේ දී සාගෝ ජයවික්‍රම, එස්.එස්.සී. නායකයා ලෙස කටයුතු කරන සමයේ දී සිලෝන් ආරක්ෂක කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 199ක් රැස්කරගෙන තිබිය දී ඉනිම අත්හිටුවන්නට තීරණය කළා. එවැනි තීරණයක් ගත හැකි නායකයන් ක්‍රිකට් ඉතිහාසයේ ඇත්තේ ද අතලොස්සක් පමණක් වීම පුදුමයට කරුණක්.
2012 වසරේ දී කුමාර් සංගක්කාර , පකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 199 රැස්කිරීමත්, 2013 වසරේ දී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ජනක ගුණරත්න විසින් නොදැවී ලකුණු 199 රැස්කිරීමත් අවසන් වූයේ අවසන් පිතිකරු දැවී යාම නිසාවෙන්.
සගෝ ජයවික්‍රම තම ක්‍රිකට් දිවියේ ශතක 56ක් රැස්කර තිබෙනවා. එම ශතක පහත වේ.

Comments
Post a Comment