තරග පාවා දුන් තුන්කට්ටුව - 28

විශ්ව බන්ධු 

...........................

නව දිල්ලියේ ආදායම් බදු උප කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ විශ්ව බන්ධු ගුප්තා, එවකට හිටපු ඉන්දීය ටෙස්ට් නායකයා කෝටි 16ක ඔප්පු කළ නොහැකි වත්කමක් පෙන්නුම් කරන බවට VDIS (Voluntary Disclosure of Income Scheme) හරහා පෙන්වා දුන්නා. තරමක නිර්භීත රජයේ සේවකයෙක් ලෙස සැලකුම් ලැබූ විශ්ව බන්ධු ගුප්තා, විශ්ව හින්දු පරිශාදයට එරෙහිව ආදායම්/වත්කම් පිළිබඳව නිසි පරිදි වාර්තා කරන ලෙස කළ නියෝගය ට එරෙහිව පැවති විරෝධය පදනම් කරගෙන විශ්ව බන්ධු ගුප්තා ගේ රාජකාරි කටයුතු තහනම් කරන්නට එවකට රජය කටයුතු කළා.


ඉහත කී මුදල, එම කාලයේ දී අතිශය ඉහළ අගයක් ගන්නට හේතුවූයේ අද මෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකෝටිපතියන් නොවීමත්, ඔවුන්ට ආදායම් හිමිවීමේ මාර්ග වූයේ ඉන්දීය ක්‍රිකට් කොන්ත්‍රාත්තු, තරග ගාස්තු, තරග ජයග්‍රහණ ඔස්සේ හිමිවූ ත්‍යාග මුදල් සහ වෙළඳ දැන්වීම් ඔස්සේ වීමයි.

අනිරුදා බහාල්, විශ්ව බන්ධු ගුප්තා සමඟ පටිගත කළ සංවාදය පහත පරිදිය.

බහාල්: මොකද්ද මේ VDIS සිදුවීම , බෝපාල් වල දී ඕක හෙළිකරපු වෙලාවේ කවුරු ගැනද සැක හිතුනේ ? 

ගුප්තා: අසාරුද්දීන්

බහාල්: කවුද ?
 
ගුප්තා: අසාරුද්දීන්

බහාල්: අසාරුද්දින් , කීයක් වගේ ද ? මුදල් ද ?

ගුප්තා: මං හිතන විදිහට එයාගේ සම්පූර්ණ වත්කම කෝටි 150-160ක්. එයා සෑහෙන්න හම්බකරගත්තා. 

බහාල්: කෝටි 150-160ක්.

ගුප්තා: ඔව්, සෑහෙන්න හම්බකරගත්තා, ලොකු ඉඩම්කඩම්, ජුහූ වලම විතරක් තියනවා 4-5ක්. 



බහාල්: ඒ විස්තර ටික ගන්න ක්‍රමයක් තියනවා ද ?

ගුප්තා: කවුද විස්තර දෙන්නේ, කවුද ඒවා හොයන්න මහන්සි වෙන්නේ ? 


-Aqeeb 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments