තරග පාවා දුන් තුන්කට්ටුව - 26

වැඩිදුරටත් කපිල් ගැන..

....................................................

කොන්ග්‍රස් පක්ෂයේ මන්ත්‍රී කමල්නාථ් (පසු කලක මධ්‍ය ප්‍රදේශ් හි මහ ඇමති ධූරය හෙබවූ) සමඟ ද ටෙහෙල්කා ආයතනයේ රහස්‍ය සංවාදයක් පටිගත කළේ පහත අයුරින්. ඒ සඳහා ද දායකත්වය සැපයූවේ හිටපු ඉන්දීය ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර් විසින්

කමල්නාථ්

කමල්: කපිල් ගැන මට සැක හිතුනේ සෑහෙන්න කාලෙක ඉඳන්. මේ සිද්ධිය මට එක්තරා පුද්ගලයෙක් කිව්වේ 1996... හෝ 1997 දී වගේ. 1996 දී, කපිල්, ගුප්තාගේ නිවසේ දී...

සුන්දර් නගර් වල මගේ හොඳම යාළුවෙක් ඉන්නවා, එයාගේ දියණියගේ මංගල උත්සවයක සංගීත සාජ්ජයක දී මට කපිල්ව හමුවුනා. මං කපිල් එක්ක කතා කර කර ඉන්නකොට, එක්කෙනෙක් ඇවිල්ලා ඔට්ටු දාන එක ගැන කතාකරන්න පටන් ගත්තා.

මේ මනුස්සයා මගෙන් ඇහුවා, "ඔබතුමත්, කපිල් එක්ක ඔට්ටු දානවදැයි" කියලා. 

ප්‍රභාකර්: එහෙම කිව්වද ?

කමල්: ඒ මනුස්සයා හිතුවේ, මමයි කපිල් දෙන්නම මිත්‍රයෝ කියලා. ඒ මනුස්සයා කිව්වේ, "ඔයත් ඔට්ටු දානවද කපිල් එක්ක, ඔට්ටු දානවා නං මටත් කියන්න" කියලා. 

මම කිව්වා;

"මම නං ඔට්ටු අල්ලන්නේ නෑ. කපිල් නං එහෙම කරනවා ඇති."

දන්නවද, එයා ආයේත් කිව්වා;

මගේ සම්පූර්ණ මුදලත්, ඔබතුමාගේ මුදලත් එකතු කරලම ඔට්ටු දාන්න" කියලා.

ප්‍රභාකර්: එයා ඔය ගැන දන්නවා ඇති.

කමල්: හ්ම්ම්ම්....

1999 වසරේ දී එවකට ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු වූ ක්‍රිශ් ශ්‍රීකාන්ත් ගේ ඉවත්ව යාමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුරට පත්වූයේ කපිල් දේව්. එය, පෙර සඳහන් කළ පරිදී ජය්වන්ත් ලේලේ විසින් අතිශය ලෙස අකමැත්තක් පළකළ පත්කිරීමක්. 


මෙම රහස්‍යය සංවාදය ප්‍රසිද්ධියට පත්වූ පසු ඉන්දීය කළමණාකරණය සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගේ විරෝධතාවය මධ්‍යයේ තම පුහුණුකාර ධූරයට වසරක් පිරීමට මත්තෙන් ඉල්ලා අස්වූනා.

- Aqeeb 

Comments