තරග පාවා දුන් තුන්කට්ටුව - 25
රවිශංකර් ශාස්ත්‍රී
..........................................
ප්‍රභාකර් ගේ රහසිගත සංවාද එකතුව සඳහා ඊලඟ නැවතුම, රවී ශාස්ත්‍රී ගේ නිවහන. එවකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ශාස්ත්‍රී බෙහෙවින්ම ජනප්‍රිය වුනා..
ශාස්ත්‍රී, අහමදාබාද් ටෙස්ට් තරගය පිළිබඳව, ප්‍රභාකර් සමඟ සංවාදයේ යෙදුනේ පහත පරිදි ය.
ප්‍රභාකර්: බොයිකොට් (ජෙෆ්‍රි බොයිකොට්) තරගය විස්තර කරද්දී කිව්වා, ඉන්දියාව අනිවාර්‍යයෙන්ම ඉනිම නැවතත් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නම ඕන, කියලා.
ශාස්ත්‍රී: මං ඕක තරගය විකාශය වෙද්දිම කිව්වා, තරග විස්තර විචාරය කරන කොටම.
ප්‍රභාකර්: මං විවේකගාරය දිහා බලද්දි, අපේ ක්‍රීඩකයෝ සුදු ඇඳුම් වත් ඇඳගෙන ලෑස්ති වෙලා නෑ.
ශාස්ත්‍රී: ඒ අය මගෙනුත් ඕක ඇහුවා. දන්නවද, මං කිව්වේ මොකද්ද කියලා ?
"මට මේක විශ්වාස කරන්නත් බෑ. ඒ අයට ඉන්දියාවේ දී මෙහෙම නියම අවස්ථාවක් උත්සහ කරන්න බැරි නම්, පිටරට තරගයක මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා", කියලා.
ඔන්න ඕක තමයි, "ටයිම්" එකේ සිරස්තලය වුනේ. "ඉනිම නැවත ක්‍රියාත්මක නොකිරීම, අදහාගත නොහැකි තීරණයක්" ("Shocking decision, not to take the follow-on").
ඒ අය මේ ගැන කණගාටු වෙන්නේ මෙහේ දී නෙමෙයි, ඕස්ට්‍රේලියාවට ගියාම. ආයෙත් පටිගත වෙච්ච දර්ශන ටික බලන්න, ඒ වෙලාවේ මගේ විස්තර විචාරය අහලා බලන්න. මම ඊට පස්සේ දවසේ ලියපු ලිපියත් ගෙනල්ලා දෙන්නන්, ඕනේ නං.
ප්‍රභාකර්: අහමාදාබාද් ටෙස්ට් එක ද ?
ශාස්ත්‍රී: නැතුව, අහමදාබාද් ටෙස්ට් තරගේ තමයි.
ප්‍රභාකර්: ඔහ්, ඔව් ඔව්.
ශාස්ත්‍රී: ඊළඟ දවසේ ෆ්ලයිට් එකේ දී සචින්, කපිල් දෙන්නම මගේ කිට්ටුව ඉඳගෙන හිටියේ. මම පත්තරේ දිගඇරලා කියවන ගමන්. සචින් කපිල් මගේ පිටිපස්සේ, මගේ පත්තරේ හැමෝටම පේනවා. පිටිපස්සේ හිටපු අනිත් ක්‍රීඩකයෝ හිනාවෙනවා. මම පත්තරේ පල්ලෙහා කොටස කියවද්දි, පත්තරේ උඩින්ම තියන මගේ ලිපිය හැමෝටම පේනවා. ඒ තක්කඩියාට මුකුත් කියන්න බෑ.
මං ක්‍රීඩා කරන කාලේ, එකම එක්කෙනයි රටට ගැහුවේ.
මම එකපාරක් රමීස් (රමීස් රාජා) ට කිව්වා, ඉම්රාන් ගෙයි කපිල් ගෙයි වෙනස්කම, ඉම්රාන් පොඩි කාළේ ඉඳන්ම ක්‍රීඩකයෝ හරි පාරේ යවලා හදාගත්තා. කපිල් එහෙම නෑ, කියලා.

Comments
Post a Comment