තරග පාවා දුන් තුන්කට්ටුව - 17
පාවා දීම් ගැන තවත් තොරතුරු - II
...........................................................................
එක් එක් රටවල් වල ක්‍රීඩකයින්, විනිසුරුවරුන්, විස්තර විචාරකයින්, තරග පාවා දීමේ තොරතුරු හෙළි කළ අයුරු පහත වේ.
- ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් පැවසුවේ තරග පාවා දුන් ක්‍රීඩකයින් ගේ නම් කිහිපයක් පමණක් හෙළි වී ඇතත් තවත් ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරග පාවා දී ඇති බවට ඔහු දන්නා බව.
- 1993 වසරේ දී එංගලන්තයට එරෙහි තරගය පරාජය වන ලෙස ක්‍රීඩා කරන්නේ නම් පවුම් 500,000ක්ලබා දෙන බවට හිටපු පකිස්තානු නායක මුශ්ටාක් මොහොමඩ් පැවසූ බවට, ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් පැවසීම.. (මෙයට පිළිතුරු දෙමින් මුශ්ටාක් මොහොමඩ් පැවසුවේ, ඇලන් බෝඩර් දක්ෂ විහිළුකාරයෙක් බවට).
- 1996 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කළමනාකරු වූ රේ ඉලින්ග්වර්ත් නවාතැන් ගනිමින් සිටි හෝටලයට ඇමතු පකිස්තානු ජාතිකයෙක්, පකිස්තාන තරගය පරාජය කරවන අයුරින් කටයුතු කරන ලෙස ඉල්ලිම් කළ බව.
- පකිස්තානු පන්දු යවන්නෙකු වූ අතාඋර් රහ්මාන් පැවසුවේ ක්‍රයිස්චර්ච් හි පැවති එක්දින තරගයක , දුර්වල ලෙස පන්දු යැවීමට තමන්ට වසීම් අක්‍රම් ගෙන් උපදෙස් ලැබුණු බවත් රුපියල් ලක්ෂ 3ක් හිමිවූ බවටත්. පසුව මෙම චෝදනාව ඉවත් කිරීමට රහ්මාන් ක්‍රියා කළා.
![]() |
අතා-උර්-රෙහ්මාන් |
- වසීම් අක්‍රම්, සලිම් මලික් සහ ඉජාස් අහමඩ් තරග පාවා දුන් බවට එවකට පකිස්තානු කඩුලු රකින ක්‍රීඩක රශිඩ් ලතීෆ් පැවසුවා. එමෙන්ම මලික්, 94/95 පකිස්තානුවන්ගේ දකුණු අප්‍රිකානු සහ සිම්බාබ්වේ සංචාර අතරතුර තරග පාවා දීමේ කටයුතු වල නිරත වුන බවටත් ඔහු වැඩිදුර පැවසුවා. පසුව මෙම චෝදනාවත් රශිඩ්, ඉල්ලා අස්කරගත්තා.
- සලිම් මලික් සහ මුශ්ටාක් අහමඩ්, 1994 වසරේ කොළඹ දී පැවති තරගයක දියාරු ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කළේ මුදල් වෙනුවෙන් බවට ආමිර් සොහේල් චෝදනා කළා.
- එවකට නවසීලන්ත ක්‍රීඩකයෙකු වූ ඩැනී මොරිසන් පැවසුවේ එක් ඉන්දීය ක්‍රීඩකයෙකු තමන්ට ඩොලර් 1000 ලබා දීමට ක්‍රියා කළ බවත්, ඒ එක් ඔට්ටු අල්ලන්නෙක් ගේ දුරකථන ඇමතුමකට සවන් දීම උදෙසා බවට. මෙය 1998 වසරේ දී ඩැනි විසින් පැවසූ චෝදනාවක් වන අතර එවකට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති රාජ් සිං විසින් මේ චෝදනා ඉවත් කර නැවතත් මේ පිළිබඳව පරීක්ෂන කිරීමට කැමැත්ත පළ කළේ නෑ.
- පකිස්තාන අධිකරණ විනිසුරුවරයෙකු වන මලික් මොහම්මඩ් කයියුම්, පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මුදල් ගෙන තරග පාවාදුන් බවට සාක්ෂි තිබෙන බවට පැවසුවා.
![]() |
මලික් කයියුම් |
- එංගලන්ත වේග පන්දු යවන්නෙකු වූ ක්‍රිස් ලෙවිස්, අශීම් ඛෙතර්පල් නමැත්තෙක් තරග පාවාදීමකට ඇරයුම් කිරීමට උත්සහ කළ බව සහ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මින් පෙර තරග පාවා දී ඇති බවට පැවසීම.
- දකුණු අප්‍රිකානු විනිසුරු දෙපලක් වන සිරිල් මිචෙලි සහ රුඩි කර්ට්සන් දෙදෙනාටම මුදල් දී තරගයක තීරණ වෙනස්කරන ලෙස ඇරයුම් ලැබූ බවට දෙදෙනා පසු කලක හෙළි කළා.
- ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත්පත හෙළි කළේ 1992 ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මහානාම, ගුරුසිංහ සහ ජයසූරිය තිදෙනාටම මුදල් දී තරග තොරතුරු ලබාගැනීමට උත්සහ කළ බවත් ඒ ක්‍රීඩකයින් තිදෙනාම එයට විරෝධය පළ කළ බව.
- හිටපු ක්‍රිකට් ක්‍රීඩක කෙප්ලර් වෙසල්ස් පවසන අන්දමට හැන්සි තරග පාවා දෙන ලද්දේ 1996 ට ත් පෙර සිටයි. නමුත් වාර්තා වන අන්දමට 1994/95 තරග සමයේ දී හැන්සි ට මුදලක් ලබාදී තරග තොරතුරු ලබාදෙන ලෙස අයෙක් ඉල්ලා සිටියත් හැන්සි එයට එකඟ වී නැත.
Comments
Post a Comment