PICTORIAL HISTORY - 07

නවකයෙකුගේ පන්දුවට අසරණ වූ කෘතහස්ත පිතිකරුවා

හැම්ෂයර් ප්‍රාන්ත පිලට එක් වූ 22 හැවරිදි නවක අධිවේග පන්දු යවන්නෙකු විසින් යොමුකරන කෙටි පන්දුව පාලනය කර ගැනීමට නොහැකිව කඩුල්ල මතට ඇද වැටෙන එංගලන්ත ටෙස්ට් ක්‍රීඩක සහ කෙන්ට් ප්‍රාන්ත පිතිකරු කොලින් කවුඩ්‍රි. 

එම නවකයා ඒවනවිට ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබුනේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. නමින්, ඇන්ඩර්සන් මොන්ටිගොමරි එවර්ටන් රොබර්ට්ස් වූ ඔහු, වඩාත් ජනප්‍රිය වන්නේ ඇන්ඩි රොබර්ට්ස් යන නමින් එහෙමත් නැත්නම් හිට් මෑන් යන සුරතල් නාමයෙන්.

ප.ලි. - ඇන්ටිගුවා දේශයෙන් ටෙස්ට් පිටියට පිවිසි මුල්ම ක්‍රීඩකයා වූයේ ද ඇන්ඩි රොබර්ට්ස්. 

Image courtesy: Patrick Eager

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments