Pictorial History - 04

"පැරදවිය නොහැකි කල්ලිය"

1948 එංගලන්තයේ පැවති අළු බඳුන තරගාවලියේ ඕස්ට්‍රේලියානුවන් හට වැදගත් වූයේ කරුණු දෙකක් නිසා. 

1. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියානුවන්, එංගලන්තයේ ක්‍රීඩා කරන මුල්ම අවස්ථාව
2. සුපිරි පිතිකරු සහ එවකට නායක ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් ගේ අවසන් ටෙස්ට් තරගාවලිය

දින 144ක දීර්ඝ සංචාරයක් වූ මෙහි දින 112කම ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුවුනා. පැවති තරග 34න් 31ක්ම පළමු පෙළ තරග වූ අතර (ටෙස්ට් තරග 5 ඇතුළුව) එයින් තරග 25ක් ජයග්‍රහණය කිරීමටත්, ඉතිරි තරග 9 ජය පරාජයකින් තොරව අවසන් කිරීමටත් ප්‍රබල ඕස්ට්‍රේලියනු කණ්ඩායමට හැකිවුනා. ටෙස්ට් තරගාවලිය 4-0ක් ලෙස අවසන් වූ අතර, තරගාවලියෙන් පසු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගේ මේ කණ්ඩායමට "the Invincibles" යන අන්වර්ථ නාමය හිමිවුනා. පැරදවිය නොහැකි යන අර්ථයෙන් යුත් මෙම කණ්ඩායම, එංගලන්තයට පිටත්ව යන අතරතුර ශ්‍රී ලංකාවටත් ගොඩ බැස තරගයක් ක්‍රීඩා කිරීමට අමතක කළේ නෑ (Whistle-stop Match). එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් හෙය්න්, බ්‍රැඩ්මන් ගේ කඩුල්ල බිඳ දමමින් ඉතිහාසගත වුනා. 

Image Courtesy - the Cricketer - Bradman's Invincibles
aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments