ග්ලෙන් ට ප්‍රාන්ත වරම්

1992 වසරේ දී 17 හැවරිදි ස්ටුවර්ට් ක්ලාර්ක් සහ 22 හැවරිදි ග්ලෙන් මැග්‍රාත් යන නවක යොවුන් පන්දු යවන්නන් දෙදෙනා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඇකඩමියේ ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට ලෙන් පැස්කෝ ක්‍රියා කළා. නමුත් ඒ දෙදෙනා අතරින් උස පන්දු යවන්නෙකු වූ ග්ලෙන් මැග්‍රාත් හට එම ශිෂ්‍යත්වය හිමිවූ අතර එයට හේතු වූයේ එම ඇකඩමියේ පුහුණුකරුවෙක් වූ රොඩ් මාර්ෂ් හට මැග්‍රාත් ගේ පන්දු යැවීමේ ක්‍රමවේදය සහ ශරීර සැකැස්මෙහි වෙනසක් ඉක්මනින් කල යුතු බවට හැඟීමෙන්.


යොවුන් ක්‍රීඩකයින්ගේ විනය නිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමට ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ රොඩ් මාර්ෂ් යටතේ ග්ලේන් මැග්‍රාත් ගේ පූර්ව ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ආරම්භ වන්නේ එහෙම. 

ඉතාම ඉක්මනින් තම පන්දු යැවීමේ ක්‍රමවේද දියුණු කරගන්නා මැග්‍රාත් ඒ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා බවට තෝරා ගැනෙනවා. ඒ බටහිර ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව මර්කන්ටයිල් මුචුවල් සීමිත ඕවර තරගාවලිය සඳහා. 
"GLEN GRABS STATE SPOT" - the Leader
පුවත්පත් මාධ්‍යවේදීන් ට ග්ලෙන් එතරම් අසා නොමැති ක්‍රීඩකයෙක් නිසා ,  ඔහුගේ නම පවා ඉහත පුවත්පතේ පළවූයේ එක්  'N' අකුරක් රහිතව යි .  

1993 වසරේ දී වික්ටෝරියා ප්‍රාන්තයේ පෝල් රයිෆල් විසින් යොමු කල කෙටි පන්දුවකට අබාධයකට ලක්වීම නිසා  බටහිර ඕස්ට්‍රේලියානු පිලේ ජෝ ඒන්ජල් හට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයෙන් තාවකාලිකව ඉවත්ව යෑමට සිදුවුනා. ඒ අනුව ඔහුව ආදේශ කරමින් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව නවක ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත් හට සංචාරක නවසිලන්ත පිලට එරෙහි මුල්ම ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන්නට තීරණය කළා. 


ඒ අනුව 358 වන බැගි ග්‍රීන් කැප් තොප්පිය හිමිකරගනිමින් ට්‍රාන්ස්-තස්මන් කුසලානයේ මුල්ම තරගය වෙනුවෙන් ග්ලෙන් ඩොනල්ඩ් මැග්‍රාත් තම මංගල ටෙස්ට් වරම් දිනාගන්නා අතර එතැන් පටන් වසර 14ක් ඕස්ට්‍රේලියානු වේග පන්දු බල ඇණියේ ප්‍රමුඛයා වෙමින් ටෙස්ට් කඩුලු  563ක් සහ සීමිත පන්දුවාර 50 ජාත්‍යන්තර තරග තුළ කඩුලු 381 ක් බිඳලන්නට ඔහුට හැකිවුණා.

පසුව: - 
1) ජෝ ඒන්ජල් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය 1995 වසරෙන් අවසන් වුනා . 
2) මැග්‍රාත් හා සමව දස්කම් පෑ ස්ටුවර්ට් ක්ලාර්ක් හට ජාත්‍යන්තර වරම් ලබා ගැනීමට තවත් වසර 12ක් ගතවුනා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments