ග්‍රේස්

1878 වසරේ ක්ලිෆ්ටන් හීදි පැවති ග්ලොස්ටර්ෂයර් සහ සරේ ප්‍රාන්ත අතර තරගයේ දී එක් සරේ පන්දු රකින්නෙකු විසිකළ පන්දුව, දොස්තර විලියම් ග්‍රේස් ගේ  දිගැටි කඩා හැළුණු ස්වාභවයකින් යුත් කමිසයේ ඇතුලත පතිත වී බිමට නොවැටී එහිම රැඳි පැවතුණු අතර ඒ වනවිටත් ග්‍රේස් ලකුණු 3ක් පහසුවෙන් රැස්කර තිබුණා. 

නමුත් ග්‍රේස් ඉන් නොනැවති කඩුලු අතර දිවීමේ කාර්‍යයේ නිරත වුනේ පන්දුරකින්නන් අසීරුතාවයට පත්කරමින්. පන්දු රකින්නන් ඔහු අසළට නොපැමිණියේ ඔහුට තිබු ගෞරවයටත් වඩා ඔහුගේ මුරණ්ඩුවට එරෙහි වීමට තිබු බිය නිසාමයි. 


නමුත් යම් අයෙක්ගේ මැදිහත්වීමෙන් එම දිවීම නතර කිරීමට එකඟ වූ අතර, ග්‍රේස් ඒ වනවිට ලකුණු 6ක් සම්පූර්ණ කර තිබුණා. 

ඔහු බොහෝසෙයින් මෙම සදාචාරසම්පන්න නොවන ක්‍රියාවෙන් සතුටූ වූ අතර ඔහුගේ පිළිතුර වූයේ, පන්දුව ඉවතට ගැනීමට උත්සහ නොකළේ පන්දුව ස්පර්ශ කළේ නම් ඔහු handled the ball ආකාරයට දැවී යා හැකි බවට ඔහුට හැඟුණ් බවයි. 

කෙසේවෙතත් එකල, පන්දුව පැළඳ සිටින උපකරණයක හෝ රැඳීමෙන් එය අජීවි පන්දුවක් වන බවට නීතිය සම්පාදනය වී නොමැතිවීම නිසා ඔහුට ලකුණු 6ක් හිමිවිය. එම නීතිය ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ 1899 වසරේ සිටයි.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments