ග්‍රේස් ගේ කාසි උඩ දැමිල්ල

නාහෙට අහන්නේ නැති දොස්තර ග්‍රේස් ට කපටි පුරුද්දක් තිබ්බලු.

ඒ තමයි, කාසියේ වාසිය උරගා බලන වෙලේ, තමන්ට කාසිය උඩ දාන්න ඉඩ ලැබුනම, කාසිය සෑහෙන්න දුරකට යොමුකරලා, ඉක්මනින් කාසිය ළඟට ගිහිල්ලා "We Bat" කියලා කියන එක.

ප්‍රතිවාධි නායකයා ට කාසියේ මොන පැත්තද වැටුනේ කියලවත් බලන්න වෙලාවක්, ඉඩකඩක් දෙන්නේ නෑ. 


ඉතින් මේ වැඩේ, හිටපු එංගලන්ත නායකයා වෙච්ච ආර්චි මැක්ලරන්ටත් කළා ලු.

කොහොමහරි මේ දෙන්නා ආයෙත් තරගයකට ක්‍රීඩාකරන්න දවසක් උදාවුනා. හැබැයි ඒ කාලේ වෙද්දි දොස්තර ග්‍රේස් වයස්ගතයි.

ඉතින්, ඒ පාර නං කාසියේ වාසිය උරගා බලන්න, කාසිය ඉහළට දාන්න අවස්ථාව ලැබුනේ මැක්ලරන්ට. 

මැක්ලරන්, ග්‍රේස් ට පාඩමක් උගන්නන්න, කලින් වතාවේ වගේම කාසිය සෑහෙන්න දුරකට වැටෙන විදිහට ගුවනේ පා කළා..

මැක්ලරන්, ග්‍රේස් ගේ උපාය ඒ විදිහටම ක්‍රියාත්මක කළා. කාසිය ළඟට ගිහිල්ලා 'We Bat!!!!'  කියලා හැමෝටම ඇහෙන්න කෑගැහුවා. 

ආර්චි මැක්ලරන්, මේ සිදුවීම ගැන පස්සේ කාලෙක කිව්වේ මෙන්න මෙහෙම, 
"එදා බ්‍රිස්ටල් වල ඔය කාසියේ මුහුණත මමවත් හරියට දැක්කේ නෑ"

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments