වකා (WACA) හි ආශ්චර්යය

ක්‍රිකට් ලොවට සීමිත ඕවර ක්‍රිකට් සංකල්පය හඳුන්වා දීමෙන් අනතුරුව එය ඉතාම ඉක්මනින් ජනප්‍රිය වන්නට පටන් ගත්තා.  1963 දී මුල්ම වරට එංගලන්තයේ ආරම්භ වූ ජිලට් කප් තරගාවලිය , මුල්ම සීමිත ඕවර තරගාවලිය ලෙස සැලකෙනවා . 

මෙම අනුග්‍රාහක නම යටතේම ඕස්ට්‍රේලියාවේ ද සීමිත ඕවර තරගාවලියක් ආරම්භ වූ අතර, එයට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායම් සහභාගී වුනා . 

1976 වසරේ දී ඕස්ට්‍රේලියානු ජිලට් (Gillete) කුසලානය වෙනුවෙන් අවසන් පූර්ව තරගයකට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තේරී පත්වුණා . 

මෙම කණ්ඩායම් දෙකේ අවසන් 11 සඳහා ක්‍රීඩා කළේ පහත සංචිතයයි;

බටහිර ඔස්ට්‍රේලියාව 
බෘස් ලෙයර්ඩ්
රික් චාර්ල්ස්වර්ත්
රොබ් ලැන්ගර්
කිම් හියුස්
ක්‍රෙග් සර්ජන්ට්
රොඩ් මාර්ෂ්
ඉයන් බ්‍රේශෝව්
බෘස් යාර්ඩ්ලි
ඩෙනිස් ලිලී 
මික් මැලෝන් 
වේන් ක්ලාර්ක්

ක්වීන්ස්ලන්තය
විවියන් රිචර්ඩ්ස්
ඇලන් ජෝන්ස් 
ඩේවිඩ් ඔගිල්වී 
ග්‍රෙග් චැපල් 
ෆිල් කාල්සන්
ජෙෆ් ලැන්ග්ලේ
ජෝන් මැක්ලින්
ග්‍රෙහැම් වයිට්
ජෙෆ් තොම්සන් 
ඩෙනිස් ශුලර්
ජෙෆ් ඩිමොක්


පන්දුවාරයකට පන්දු 8 බැගින් පන්දුවාර 40ක ඉනිම් වලින් සමන්විත වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගැනීමට ක්වීන්ස්ලන්ත නායක ග්‍රෙග් චැපල් ට හැකිවුනා .  ඔහුගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට බටහිර ඕස්ට්‍රේලියානු පිල වකා පිටියට පිවිසුනේ ප්‍රේක්ෂකයින් 9000 ක් ඉදිරියේ .  

ජෙෆ් තොම්සන් ගේ පන්දුව ඉදිරියේ බෘස් ලෙයර්ඩ් (ලකුණු 8යි) දැවී යද්දී බටහිර ඕස්ට්‍රේලියානු පිල ලකුණු 8ක් සම්පුර්ණ කරගෙන සිටියා .  එම ලකුණු 8ම බ්රුස් ලෙයර්ඩ් ගේ පිත්තෙන් වාර්තා වුනා .  ඉන් අනතුරුව දෙවන කඩුල්ලට සාර්ථක සම්බන්ධතාවයක් පිහිටුවීමට චාර්ල්ස්වර්ත් සහ ලැන්ගර් ට හැකි වූ අතර දෙවන කඩුල්ල ලෙස ලැන්ගර් දැවී යනවිට බටහිර ඕස්ට්‍රේලියානු පිල ලකුණු 50ක් රැස්කරගෙන තිබුණා. 

ඉන් අනතුරුව බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් ට දකින්නට ලැබුණේ අදහාගත නොහැකි දියාරු පිතිකරණයක්. වැඩිම ලකුණු ලාභියා චාර්ල්ස්වර්ත් ලකුණු 25කටත්, හියුස්, සර්ජන්ට්, නායක රොඩ් මාර්ෂ්, ලිලි, මැලෝන් සහ ක්ලාර්ක් සියල්ලම ලකුණු නොලබා දැවී ගියා. මැද පෙළ පිතිකරුවෙක් ලෙස යම්තම් හෝ දායකත්වයක් සැපයුවේ යාර්ඩ්ලි . ඔහු ද රැස්කළේ ලකුණු 19ක් පමණයි . ඒ අනුව පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම ඉනිම අවසන් වුයේ සියල්ලන්ම දැවී ලකුණු 77කින් .  

ප්‍රබල පිතිකරුවන්ගෙන් සන්නද්ධව සිටි ක්වීන්ස්ලන්ත පිල ඉදිරියේ මෙවැනි ඉනිමක් කිසිසේත්ම පිළිගත නොහැකියි . 

ජෙෆ් තොම්සන් විසින් පසු කලක පැවසුවේ ,  මෙම ඉනිමෙන් අනතුරුව ඔවුන් ට සක්සුදක් සේ පැහැදිලි ජයග්‍රහණයක විශ්වාසයක් තිබුණු බවට.

එමෙන්ම ජෝන් මැක්ලින් පැවසුවේ, ඔවුන්ට විශිෂ්ට පිතිකරුවන් දෙපලක (ග්‍රෙග් සහ විව් ) ගේ දායකත්වය ඇති බැවින් ඔවුන් තරගය පහසුවෙන් ජයගත හැකි බවට තීරණය කරගෙන තිබුණු බවට.

මෙම ඉනිමෙන් පසු බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ විවේකාගාරයේ දී නායක මාර්ෂ් නැගිට තම ක්‍රීඩකයින් දිරිමත් කිරීමට පැවසුවේ මෙවැනි දෙයක්;
"අද තරගය බලන්න ආපු කට්ටියට සාධාරණයක් කරන්න නං අපි ක්ව්සින්ලන්තය ට ලේසියෙන් දිනන්න දෙන්න නරකයි"
එකවරම තම අසුනෙන් නැගිට ඩෙනිස් ලිලී පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්;
"දිනන්න දෙන එක බල්ලට ගියාවේ, අද අපි මේ ****** පරද්දනවා"
මෙලෙස පවසා, පන්දුවත් රැගෙන විවේකාගාරයේ දොරත් විවෘත කර පිටිය බලා වේගයෙන් ඇවිදගෙන ගියා. (සාම්ප්‍රදයකි ක්‍රමය නම්, නායකයා පෙරටු කරගෙන කණ්ඩායම පිටියට පිවිසිම).

පිළිතුරු ඉනිම සඳහා ක්වීන්ස්ලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම සහ භයානකම පිතිකරු ලෙස සැලකෙන අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචර්ඩ්ස් සහ නවක ක්‍රීඩක ඇලන් ජෝන්ස්. 

ජයග්‍රහණ පිපාසයෙන් සිටි ඩෙනිස් ලිලී ගේ මුල්ම පන්දුව විව් රිචර්ඩ්ස් ගේ හිස ආක්‍රමණය කරමින් කෙටි පන්දුවක් යොමුකළා. දෙවැනි පන්දුව යැවීමට දිව ආ ඩෙනිස් ලිලී, පෙරටත් වඩා භයානක කෙටි පන්දුවක් විව් ට යොමු කළා. එම පන්දුවත් සාර්ථකව වළක්වා ගනිමින්, ඉතාමත් සැහැල්ලුවෙන් බබ්ල්ගම් සපමින් සිටි විව් රිචර්ඩ්ස් සිනහවෙමින් සිටියා . 

තෙවැනි පන්දුවත් කෙටි පන්දුවක්.  ඩෙනිස් ලිලී ගේ එකම අරමුණ ජයග්‍රහණයයි .  එය හිමිකරගැනීමට නම් ඔහුගේ ප්‍රබලතම අවිය භාවිතයට ගත යුතුමයි .  එවකට පන්දුවාරයකට යැවිය යුතු කෙටි පන්දුවල සීමාවක් නොතිබීම ඩෙනිස් ලිලී ගේ වාසියට හේතුවුනා. 

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඩෙනිස් ලිලී, පිතිකරුවන් බිය ගන්වමින් පන්දු යවන ආකාරය කාටූනයක් ඇසුරෙන් the Listner හි පළ කළ රැල්ෆ් ස්ටැඩ්මන් චිත්‍ර ශිල්පියා..

සිවුවන පන්දුව යවන්නට ඩෙනිස් ලිලි සුදානම්. එයත් කෙටි පන්දුවක්. විනිසුරු ඩොන් හොව්ක්ස්, ඩෙනිස් ලිලී ට අවවාද කළේ කෙටි පන්දු යැවීමේ සීමාව ඉක්මවා නොයන ලෙසයි. විනිසුරු ගේ අවවාදය ට ගරු කරමින් පස්වන පන්දුව විව් ට යොමුකර සයවන පන්දුවේ දී විව් ගේ කඩුල්ල දවාගැනීමට ඩෙනිස් ලිලී ට හැකිවුනා. ඒ කෙලින්ම පන්දුව කඩුල්ලේ ගැටීමෙන්. 

රිචර්ඩ්ස් ගේ දැවීයාම

එම කඩුල්ලෙන් පසු ඩෙනිස් ලිලි ඉදිරිපෙළ සහ මැද පෙළ සුනුවිසුනු කරමින් ඔගිල්වි, නායක ග්‍රෙග් චැපල්, ශුලර් දවාගන්නට සමත් වූ අතර ඔහුට සහය දෙමින් වේන් ක්ලාර්ක් කඩුලු 3කුත් මැලෝන් කඩුලු දෙකකුත් දවාගනිමින් ක්වීන්ස්ලන්ත පිලේ සියල්ලන්ම ලකුණු 62කට සීමා කළා . 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය ඩෙනිස් ලිලි ගේ පන්දු යැවීමේ විශිෂ්ටත්වය නිසා බටහිර ඔස්ට්‍රේලියානුවන්ට හිමිවුණා.

මෙම තරගය ඉතිහාසගත වුනේ "THE MIRACLE MATCH" යනුවෙන්.

තරගයේ වීරයා ඩෙනිස් ලිලී 


පසු සටහන්:
  • මෙම තරගයෙන් පසු අවසන් තරගයට ක්‍රීඩා කළ බටහිර ඕස්ට්‍රේලියානුවන්, වික්ටෝරියා පිළ පරාජය කරමින් ශුරතාවය දිනාගන්නවා.
  • ඉහත අවසන් පූර්ව තරගයේ ක්විස්න්ලන්ත පිළේ 12වැනි ක්‍රීඩකයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ උපන් පා දඟ පන්දු යවන මැල්කම් ෆ්‍රෑන්කි.
තරගයේ ලකුණු සටහන:

තරගයේ විශේෂ අවස්ථා:


"I can only have respect for him. He was a Trojan. No matter what the circumstances—the wicket or the weather— he would always get something out of it … he was the best fast bowler I ever encountered—for aggression, for never-say-die attitude, for being the most troublesome individual to me. Regardless of how much you might have thought you were ‘in’, you knew he would always think he could get you out. There was only one Dennis Lillee. You can’t find another. " 
- VIV RICHARDS


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments