රයිස් දැකපු පැකර් ගේ වර්ල්ඩ් සීරිස්

"වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් කියන්නේ, මම ක්‍රීඩා කරපු අමාරුම තරගාවලිය. වේග පන්දු යවන්නෝ හතරදෙනෙක් අනුකම්පා රහිතව එක දිගට කෙටි පන්දු යවලා පිතිකරුවෝ අමාරුවේ දාපු තරගාවලියක් කියලා කිව්වොත් වැරදි නෑ .

එම තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට පමණක් විශාල මුල්‍යමය ත්‍යාගයක් හිමිවූ නිසාම එහි තරගකාරිත්වය ඉහළ මට්ට්ටමක පැවතුණා.

ඒ වගේම කෙරී පැකර් මේ තරගාවලියේ ගුණාත්මක බව ඉහළ නංවන්න, අඩු දස්කම් දක්වපු ක්‍රීඩකයෝ තරගාවලියෙන් ඉවත්කරන්නට පවා උපදෙස් දී තිබුණා. සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවට එහා තම උපරිමය පෙන්වන්නට ක්‍රීඩකයින් දිරිමත් කරන්නට ඔහු විශාල වශයෙන් මුදල් වියදම් කළා . 



මටත් අවශ්‍ය වුනේ , මේ තරගාවලියේ ක්‍රීඩාකරන හොඳම ක්‍රීඩකයින් අතරින් ලෝකයේ හොඳම ක්‍රීඩකයා වෙන්න.

එක්තරා තරගයකට පසු , කෙරී පැකර් අප ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම (WORLD XI) ට විශේෂ පන්දු රැකීමේ පුහුණු සැසියක් සුදානම් කළා.  එයට හේතුව, එම තරගයේ දී අපි ක්‍රීඩා කළ ආකාරය ගැන ඔහු කැමැත්තක් නොදක්වීම නිසා. ඔහු කිව්වා ,  'එම පුහුණු සැසිය ආරම්භ වන්නේ පස්වරු දෙකට, සහ අවසන් වන්නේ, සියලුම ක්‍රීඩකයින් ඔහු බලාපොරොත්තු වන අන්දමේ දක්ෂතා දැකීමෙන් අනතුරුව බවට'.

එදා අපිට පුහුණු වෙන්න සිද්ද වුනේ උම්මත්තකයෝ වගේ"

- ක්ලයිව් රයිස් 


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments