ඉන්සිz , වකාර් ට මුහුණ දුන්න හැටි


මට ඉන්සමාම් ගේ නම කිහිප වාරයක් ඇහිලා තිබුණා. එක පාරක් දැල් පුහුණුවීම් වල දී , ඉන්සමාම්, වකාර් යූනිස් ගේ පන්දුවලට පිතිකරණයේ යෙදෙන හැටි මං දැක්කා. ඒ පිතිකරණය දැකපු හැටියම, ඉන්සමාම් මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් කරන්නට මං හිතාගත්තා..

අනිත් හැම පිතිකරුවෙක්ම, වකාර්ට මුහුණ දෙද්දී, පන්දුවාරයකින් අඩුම ගානේ පන්දු තුනකටවත් පහර දෙන්න බැරිවුණා. හැබැයි ඉන්සමාම්, වකාර් ට මුහුණ දුන්නේ, මද වේග පන්දු යවන්නෙක්ට පිතිකරණයේ යෙදෙනවා වගේ. සමහර පහරවල් ඉණ ප්‍රදේශයෙන් හරවලා ක්‍රීඩාංගනයෙන් එළියට එල්ල කළා. මීට කලින් මම එහෙම දැක්කේ විව් රිචර්ඩ්ස් ගෙන්.

- ඉම්රාන් ඛාන් (1992 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයට පසුව)
ප.ලි. - ඉන්සමාම් ගේ ඉහත පිතිකරණ හැකියාව නිසා ඔහුට පකිස්තානු ලෝක කුසලාන සංචිතයට තේරී පත්වන්නට හැකිවූ අතර එවකට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වූ ශොහෙබ් මොහමඩ් ට එම ස්ථානය අහිමි වුනා.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments