"I have never seen better 'bad' bowling"

නව අත්හදා බැලීම් ඔස්සේ සාර්ථකත්වයට පත්වූ ක්‍රීඩකයෙක් ලෙස පර්සි ෆෙන්ඩර් හැඳින්විය හැකියි. 1920 දශකයේ එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් තරග තුළ කැපී පෙණෙන පිතිකරුවෙකු සහ නායකයෙකු වූ ෆෙන්ඩර් මඳ වේග පන්දු යැවීමෙන් සහ පා දඟ පන්දු යැවීමෙන් කඩුලු දවා ඇත. 

දිගු අතැඟිලි භාවිතා කරමින් ෆෙන්ඩර් ගුවනේ පා කර යැවූ සමහර පන්දු 'hum' ශබ්දය උපදවූ බවට මුලාශ්‍ර ගෙන හැර පායි. නවතම ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රතිවාධින් මෙල්ල කිරීම පිළිබඳ විශ්වාස කළ ෆෙන්ඩර්, පන්දු යැවීමේ දී  අත යොමුවන ස්ථානය වෙනස් කිරීම, දිව එන මඟ වෙනස් කර පාදය, සීමා ඉරේ තබන ස්ථානය වෙනස් කිරීම වැනි පන්දු යවන්නෙක් නොසිතන දෑ සිදුකරමින් කඩුලු දවා ඇතත්, එය වැරදී යාමෙන් පිතිකරුවන් විශාල ලෙස ලකුණු රැස්කළ අවස්ථා ද වාර්තා වී ඇත.  


"I have never seen better 'bad' bowling if you can understand that. Every ball was different. There was some rubbish sent down but you were aware all the time of his mind ticking over and the ball might have been deliberate" - Dick Williamson (Yorkshire Cricket News Reporter)
ලොව වේගවත්ම පළමු පෙළ ශතකය (කාල ගණනයෙන්) රැස්කළ පර්සි ෆෙන්ඩර් වමත් ආවරණය නොපැළඳ පිතිකරණයේ යෙදීමත් එකළ සුලභ දසුනක් විය. පර්සි ෆෙන්ඩර් සැලකෙන්නේ, එංගලන්තය ටෙස්ට් කණ්ඩායමට අහිමිවූ දක්ෂ නායකයෙකු ලෙසයි. 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments